උතුරු පළාතේ දේශාපාලන පක්ෂ නියෝජිතයින්ට මේ මාස ජානාධිපතිවරයා හමුවී සාකච්ඡාවක් සඳහා ඇරයුම් ලබා තිබුණද නැගෙනහිර පක්ෂ සඳහා කිසිදු ඇරයුමක් නොලැබීම හේතුවෙන් උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂ අතර මතභේදයක් හටගෙන ඇත.
කෙසේ වෙතත් මේ පිළිබඳව සාකච්ඡාවක් සිදුකිරීම සඳහා උතුරු නැගෙනහිර දෙමළ ජාතික සන්ධානයට අයත් හවුල්කාර දේශාපලන පක්ෂ නියෝජිතයින් කිහිපදෙනෙකු ඊයේ (07) සවස යපනයේ පෞද්ගලික හෝටලයකදී විශේෂ සාකච්ඡාවක නිරත විය.
එහිදී දෙමළ දේශාපලන පක්ෂ වූ ටෙලෝ, ප්ලොට්, ඊ.පී.ආර්.එල්.එෆ් යන පක්ෂ වල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පලාත් සභා මන්ත්‍රීවරුන් හා ජ්‍යේෂ්ඨයින් කිහිප දෙනෙකු සහභාගී වූහ.
මෙම සාකච්ඡාවේදී අවසාන වශයෙන් ගෙන ඇති තීරණයට අනුව බලය විමධ්යගතකිරීමේදී උතුරු නැගෙනහිර ජනතාවට එය එකහා සමානව බලපාන බැවින් ජනාධිපතිවරයා හමුවීම උතුරු පළාතේ දේශපාලඥයින්ට පමණක් නොව නැගෙනහිර පළාතේ දේශපාලන නියෝජිතයින්ටද ජනාධිපතිවරයා හමුවීමේ සාකච්ඡාවට ඇරයුම් ලැබිය යුතු බවය.
එමෙන්ම නැගෙනහිර පළාතේ දේශපාලන පක්ෂ නියෝජිතයින්ට ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට අවස්ථාවක් නොලැබෙන්නේ නම් උතුරේ දේශපාලන නියෝජිතයින්ද ජනාධිපතිවරයා හමුවීමේ සාකච්ඡාව වර්ජනය කර යුතු බවය.
මෙම සාකච්ඡාවන් වෙනුවෙන් ප්ලොට් නායක ධර්මලිංගම් සිද්ධාර්තන්, ටෙලෝ පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන්, ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂ නායක සුරෙස් ප්‍රේමචන්ද්‍රන් ඇතුලු පලාත් සභා හිටපු මන්ත්‍රීවරුන් ඇතුලු පක්ෂ ජ්‍යේෂ්ඨයින් කිහිප දෙනෙකු සහභාගී විය.