ප්‍රංශය පෙන්වා කෝටියක මුදල් ගරලා
ශ්‍රී ලංකාව පුරා වාසය කරන තරුණ තරුණියන්ගෙන් ප්‍රංශයට යවන බව පවසා රුපියල් කෝටියකට වැඩි මුදලක් සහ ඔවුන් සතු ගුවන් ගමන් බලපත්‍ර වංචනික ලෙස ලබා ගෙන සිටි පුද්ගලයෙකු 05/05 දින කටුනායක පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
ජෙරම් ක්‍රිශාන්ත පීරිස් නැමැති 46 හැවිරිදි මොහු රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ අතර අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු කටුනායක අමන්දොළුව ප්‍රදේශයේ තාවකාලික නේවාසිකාගාරයක පදිංචි වී සිටි බව පොලීසිය පවසයි.
මොහුට එරෙහිව කටුනායක පොලීසියේ පැමිණිලි 08 ක් සටහන් වී ඇති අතර, මීට අමතරව පොළොන්නරුව, වීරගුල, රාගම, එඩේරමුල්ල, ජා - ඇළ, වැල්ලම්පිටිය පොලිස් ස්ථාන වලට ද පැමිණිළි ලැබී ඇති බවට එම පොලීසි වලින් තොරතුරු වාර්තා වී තිබේ .
එහෙත් මීට අමතරව මොහු ශ්‍රී ලංකාව පුරා යමින් මෙසේ මුදල් සහ ගුවන් ගමන් බලපත්‍ර වංචාවන් සිදු කර ඇති බවට තොරතුරු ද මේ වනවිට කටුනායක පොලීසිය වෙත ලැබී ඇති බව පොලීසිය පවසයි .
කටුනායක පොලීසියේ කාන්තා පොලිස් කොස්තාපල් සුමිත්‍රා කුමාරි ලියනගේ මහත්මිය , මුදල් හදල් යහමින් ඇති , එමෙන්ම විදේශ ගත වීමේ දැඩි අවශ්‍යතාවයෙන් යුතු තරුණියක සේ ඔහුගේ ජංගම දුරකථනය වෙත ඇමතුම් ලබා දී , කටුනායක නගරය වෙත ගෙන්වා ගෙන මොහු අත් අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණි .
මෙසේ අත් අඩංගුවට ගත් මෙම පුද්ගලයා මේ වනවිට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර , එහිදී ඔහු මෙම මස එනම් 05/19 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ
popular news
-
Kumar Saturday, 06 May 2023 02:27 PM
maywani wanchanica horu gana puwathpathwala wani maadye pracharayen pasuwath mayma horunta mudal denney meeharakwagey matimollu wenne athi.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
