පොහොර ගන්න ගොවීන්ට වව්චරයක්
මෙවර යල කන්නයේ දී ගොවිජනතාවට යූරියා පොහොර, බණ්ඩි පොහොර හෝ ගොවීන්ගේ අභිමතය පරිදි කාබනික පොහොර මිලදී ගැනීම සඳහා වවුචරයක් නිකුත් කිරීමට අනුමැතිය ඉල්ලා පසුගියදා (03) තමන් ඉදිරිපත් කළ යෝජනාවට මුදල් කමිටුවේ මෙන්ම ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ අනුමැතිය ලැබුණු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
පසුගිය 04 දින පෙරවරුවේ මෙරටට පොහොර ආනයනය කරන සියලුම සැපයුම් ආයතනවල නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවතිණි. යල කන්නය සහ ඉදිරි මහ කන්නයේ රටට අවශ්‍ය පොහොර සැපයීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කරනු ලැබීය.
මෙම යල කන්නයේ දී යූරියා සහ බණ්ඩි පොහොර මිලදී ගැනීම සඳහා හෙක්ටයාර් එකකට රුපියල් 20,000ක් සහ හෙක්ටයාර් දෙකකට රුපියල් 40,000ක් බැගින් සහනාධාර මුදලක් ලබාදීමට රජය තීරණය කර ඇත. මේ සඳහා රජය වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් බිලියන 11කි.
මෙම මුදල් යොදාගැනීම මගින් ගොවීන්ට යල කන්නයේ දී කිසිදු බාධාවකින් තොරව රාජ්‍ය අංශයෙන් හෝ පුද්ගලික අංශයෙන් තමන්ට අවශ්‍ය යූරියා පොහොර, බණ්ඩි පොහොර හෝ තමන් කැමති නම් කාබනික පොහොර මිලදී ගැනීමට ඉඩ සැලසීමට කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු යොදා ඇති බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

