හපුතලේ දුම්රිය ස්ථානය අසල දුම්රිය හරස් මාර්ගයේදී අද (7) බඩු ප්රවාහන දුම්රියක මෝටර් රථයක් ගැටී සිදුවූ අනතුරකින් මෝටර් රථයට හානි සිදුවී එහි සිටි එකම පවුලේ සිව් දෙනෙකුගේ ජීවිත බේරී ඇතැයි හපුතලේ පොලීසිය කියයි.
මොනරාගල සිට හපුතලේ ඥාති නිවසකට පැමිණි බව කියන මව පියා සහ දරු දෙදෙනා මෙම මෝටර් රථයේ ගමන් ගෙන ඇත.
ගේට්ටුව වසා නොමැති බැවින් දුම්රිය හරස් මාර්ගය ඔස්සේ යාමට ගිය මෙම මෝටර් රථය ඒ මොහොතේ පැමිණි දුම්රියේ ගැටී ඉවතට විසිවීම නිසා ජීවිත බේරී ඇතැයි පොලිසිය කියයි.
බදුල්ල බලා ගමන් ගත් භාණ්ඩ ප්රවාහන දුම්රියක මෝටර් රථය ගැටී මෙම අනතුර සිදුවී තිබේ. මෙම ස්ථානයේ ඒ මොහොතේ ගේට්ටු මුරකරු සිටියේ ද නැද්ද යන්න පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙන බව පොලිසිය .
හපුතලේ පොලීසිය පරීක්ෂණ පවත්වයි.
සමන් පාලිත නානායක්කාර