2022-2023 වර්ෂය සදහා පැවැත් වු ශ්‍රි පාද වන්දනා වාරය වෙසක් පොහෝ දින (05) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කල බව ශ්‍රි පාදස්ථානාධිපති බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන් පැවසූහ.
ශ්‍රි පාද වන්දනාවාරය අවසන් විමත් සමග ශ්‍රි පාද උඩ මළුවේ තැන්පත් කර තිබු සදාතුක කරඩුව, සමන්දේව ප්‍රතිමාව, දේවාභරණ සහ පුජා භාණ්ඩ රත්නපුර රජමාවත ඔස්සෙත්, කුරුවිට එරත්න මාර්ගය ඔස්සෙත්, නල්ලතන්නිය බගවන්තලාව බලංගොඩ මාර්ගය ඔස්සෙත්, නල්ලතන්නිය ලක්ෂපාන කළුගල අවිස්සාවේල්ල රත්නපුර යන මාර්ග ඔස්සේ වැඩම කිරිම (06) දින සිදු කෙරිණ.
ශ්‍රි පාද උඩ මළුවේ සිට නල්ල්තනනිය බෞද්ධ මධ්‍යස්ථානය දක්වා සදාතුක කරඩුව, සමන්දේව ප්‍රතිමාව, දේවාභරණ සහ පුජා භාණ්ඩවලින් කොටසක් ලක්ෂපාන යුධ හමුදා කදවුරේ භට පිරිස් විසින් වැඩම කරනු ලැබුහ.
මාර්ග හතරක් ඔස්සේ පැල්මඩුල්ල රජමහා විහාරස්ථානය දක්වා වැඩම කල සදාතුක කරඩුව, සමන්දේව ප්‍රතිමාව, දේවාභරණ සහ පුජා භාණ්ඩ (07) දින අළුයම තෙක් එහි තැන්පත් කර (06) දින රාත්‍රියේ සමන් දෙවියන් වෙනුවෙන් පැරණි චාරිත්‍ර අනුව ආගමික වතාවන් සහ දේව දාන ගණනාවක් පවත්වා (07) දින පැල්මඩුල්ල රජමහ විහාරස්ථානයේ සිට ගල්පොත්තාවෙල රජමහ විහාරස්ථානය දක්වා පෙරහැරකින් වැඩම කර පුජා භාණ්ඩ ශ්‍රි පාද අවාරය අවසන් වන තෙක් ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානයේ තැන්පත් කරන බවයි ශ්‍රි පාදස්ථානාධිපති නාහිමියන් කියා සිටියහ.
ශ්‍රි පාද අවාරයේදි ශ්‍රි පාදස්ථානය කරුණා නොකරන ලෙසත්, එසේ ශ්‍රි පාදය කරුණා කරන්නේ නම් අදාල අංශ වෙතින් අවසර ලබාගෙන පරිසරය සහ ශ්‍රි පාදස්ථාන පුදබිම රැක ගනිමින් ශ්‍රි පාදස්ථානය කරුණා කරන ලෙස ශ්‍රි පාදස්ථානාධිපති නාහිමියන් සියළු දෙනාගෙන් ඉල්ලා සිටියහ.
ශ්‍රි පාද වන්දනා සමය සාර්ථකව අවසන් කිරිමට උපකාර කල පෞද්ගලික අංශයේ ආයතන කිහිපයකටම නාහිමියන් විසින් උපහාර පුදා සහතික පත් පිරිනැමිණ.
මෙවර ශ්‍රි පාද වන්දනා සමග සාර්ථකව අවසන් කිරිමට උපකාර කල පොලිසි, ත්‍රිවිධ හමුදාව, රාජ්‍ය සහ පෞද්ගලික අංශයට, විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය සහ නන් අයුරින් උපකාර කල සියළු දෙනාට නායක හිමියන් සිය ස්තුතිය පුද කළහ.
හැටන් රංජිත් රාජපක්ෂ/ගාමිණී බණ්ඩාර
