වර්තමාන ආණ්ඩුව 3 වැනි වතාවටත් විදුලිය වැඩි කර මේ රටේ විදුලි පාරිභෝගිකයන් දශලක්ෂ ගණනින් අනාථ කර ඇති මොහොතක වැට් බද්ද සියයට 18ක් දක්වා වැඩි කර ඇති බවත් ප්රතිගාමී බද්ධක් වන මෙය තමන්ගේ ආදායම කුමක් වුවත් හැමෝටම එක හා සමාන බද්දක් ලෙස ගෙවිමට සිදුවන හෙයින් මෙය පහත් ක්‍රියාවක් බවට විග්රහ කරන බවත් එසේ විග්රහ සිදු කරන විට මේ සඳහා විකල්පයන් විමසා විවිධ පුද්ගලයන් විවේචන සිදු කරන බවත් ඔවුන්ට අවශ්‍ය විකල්පය පැහැදිලි කිරීමට තමා සූදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
වැට් බද්ද වෙනුවට දැනට බදු එකතු කරන ක්‍රමවේදය හෙවත් බදු පරිපාලනය කාර්යක්ෂම කළ යුතු බවත් එය විනිවිදභාවයකින් ඩිජිටල්කරණයට ලක් කරනවාට සමහර පුද්ගලයන් විරුද්ධ වී උද්ඝෝෂණ ආදිය සිදු කරන බවත් යම් හෙයකින් ඩිජිටල්කරණයක් සිදු කළ හොත් හොරකම අඩුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එසේම කෝටි ගණන් මුදල් උපයන මුත් බදු පැහැර හරින පුද්ගලයන්ගෙන් නිවැරදිව බදු අය කර ගැනීමත් දූෂිත ක්‍රමවේද යටතේ රජයට හිතැති සමාගම්වලට ලබා දුන් අනවශ්‍ය බදු සහන ඉවත් කළ යුතු බවත් මෙම සමාගම්වලට අනවශ්‍ය ලෙස ලබා දී ඇති බදු සහන තුළින් කිසිදු ප්‍රතිලාභයක් රටට අත් නොවූ බවත් පැවසූ විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ මේ ක්‍රමවේද හරහා වැට් බදු වැඩි නොකර රාජ්‍ය ආදායම වැඩි කර ගත හැකි බව යි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද දඹදෙණිය නුන්ගමුව දම්සෙන් මාධ්_ය මහා විද්‍යාලයට සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මේ අනුව සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ සුහුරු පන්ති කාමර 41ක් ලබා දී තිබේ.
රජය බිලියන 100ක් බදු හරහා ලබා ගැනීමට අපේක්ෂා කලත් එය බිලියන 107ක් දක්වා මේ වන විට වැඩි වී ඇති බවත් වසර අවසානයේ එය බිලියන 125ක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බවත් මේ අනුව එය වැරදි බදු ප්‍රතිපත්තියක් බවත් රජයට නිවැරදි බදු සූත්‍රය නිර්මාණය කර ගැනිමට නොහැකි වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මෙම අධික බදු බර නිසා බුද්ධි ගලනයක් සිදුව ඇති බවත් මෙසේ බුද්ධි ගලනයක් සිදුවන විට ආර්ථික වර්ධනයක් සිදු නොවන බවත් රජය සිදුකරන මේ ක්‍රියාවලිය හරහා සිදුවන්නේ ආර්ථීක සංකෝචනයක් වුවත් සිදුවිය යුත්තේ ආර්ථිකය වර්ධනය කිරීමක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
එසේම රටට අවශ්‍ය අධ්‍යාපනයේ, සෞඛ්‍ය ක්ෂේත්රයේ, කෘෂිකර්මාන්තයේ සහ කර්මාන්ත ක්ෂේත්රයේ දියුණුව නම් ඒ සඳහා අවශ්‍ය සම්පත්, ප්‍රතිපාදන, මිල මුදල් සොයා ගැනීමේ නිර්මාණශිලී හැකියාව සමගි ජන බලවේගය සතු බවත් එම නිසා රටේ ජනතාව බොරුවට සෝබනකාරි කටවචනයට පමණක් සීමා වූ දේශපාලන සංදර්ශනවලට හා ඇන්දවීම්වලට තවදුරටත් ඇන්දවෙනවාද යන්න තීන්දු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.