saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 4321 hours ago

LATEST

චීනය දුන්න ඩීසල් සඳුදා සිට ගොවීන්ට

calendar_today 2023 ජන 09 - 13:45 remove_red_eye - 124  

මෙවර මහ කන්නයේ දී වී වගා කරන ගොවි ජනතාව සඳහා චීන රජය විසින් ලබා දෙන ලද ඩීසල් ලීටර් මිලියන 6.8ක් ලබන සඳුදා සිට ගොවීන් හත් ලක්ෂ දෙදහසකට හෙක්ටෙයාර් තුන්ලක්ෂ හැත්තෑදහසක් සඳහා නොමිලයේ ලබා දෙන බව කාෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

අරලිය ගහ මන්දිරය, ජනාධිපති මන්දිරය , ඇක්ලන්ඩ් හවුස් (විසුම්පාය) රට බබලවන තොරතුරු තාක්ෂණය ඉංග්‍රීසි භාෂාව තුළින් නිදහස් නිවහල් අධ්‍යාපන සංකල්පය තුළ නොමිලයේ දූ දරුවන්ට ලබා දෙන වැදගත් ජාත්‍යන්තර තලයේ අධ්‍යාපන ආයතන තුනක් බවට පත්කරනවා

Read More

කඳුකර කොටියන් රාත්‍රි කාලයට නිවෙස්වලට පැමිණීම හේතුවෙන් තමන් මහත් බියට පත්ව ඇතැයි තලවකැ‌ලේ, ආගරපතන නව කොළණිය ගම්මානයේ පදිංචිකරුවෝ පවසති.

Read More

කතරගම - බුත්තල මාර්ගයේ ගමන් ගන්නා වාහන වලට වන අලින්ගෙන් සිදුවන හානි වැලැක්වීමට සහ එම වන අලි පලවා හැරීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුව විසින් ජංගම රථ යෙදවූ බව අමාත්‍යාංශය පවසයි.

Read More

කුවේට් රාජ්‍යයේ ඉරාන දේශසීමාව ආසන්නයේ පිහිටි කාන්තාරයක පවත්වා ගෙන ගිය ගොවිපළක බලහත්කාරයෙන් රදවා ගනිමින්, පහර දෙමින්, ආහාර සහ වැටුප් ලබා නොදෙමින් වැඩ ගනිමින් සිටි ශ්‍රී ලාංකික තරුණයන් 06 දෙනෙකු බලවත් පරිශ්‍රමයක් දරා එයින් බේරා ගෙන අද (09දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.

Read More

කොවිඩ් පරීක්ෂණ බලහත්කාරයෙන් නතරකර තැබීම මඟින් ජීවිත අනවශ්‍ය අවධානමකට ලක්වන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

Read More

දිවයින පුරා රෝහල්වල කනිෂ්ඨ කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

Read More

’’දැන් වෝට් එක කියන එක ගැන ජනතාව හොඳටම තෙම්පරාදු වෙලා හැදිලා තියෙන්නේ. මම සතුටුයි මෙහෙම වෙනවනම් අනිත් දේවල් වලදීත්. ඡන්දයක් පාවිච්චි කරද්දී හැමදාම කරපු දේ කරන්නේ නැතිව හරියට හිතලා අභියෝග කරන්න පුළුවන් ඔය තුනේ කෑල් 70 80 පනිනනවා. නාට්ටි බලන්න ඕන. අපිට හදවතට සතුටක් ගේන තත්පරයක්වත් නෑනේ. ප්‍රවෘත්තියක් අහද්දිවත්. අහගෙන ඉන්න. ළංවෙද්දී අලුත් කථා, නාට්ටි එහෙට පෙරලෙනවා මෙහෙට පෙරළෙනවා. ළංවෙද්දී පරණ කථා ආපහු මතක් කරනවා.

Read More

දඹගල්ල පොලීසියට ලද තොරතුරක් මත දඹගල්ල ඉඟුරේතැන්න ප්‍රදේශයේ නිවසක් පරික්ෂාකිරීමේදී අල්මාරියක සූක්ෂම ලෙස සඟවා තිබූ ගජමුතු 08ක් පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන ඇත.

Read More

එකම පවුලේ මව පියා , කුඩා පුතුන් දෙදෙනා සහ තවත් ගිහියන් දෙදෙනෙකු පැවිදි දිවියට එක්වීම සහ තරුණියන් හැට දෙනෙකු තම දිගු කෙස් කළඹ පිලිකා රෝගීන් වෙනුවෙන් දන් දීම බිංගිරිය සෙනසුන්කුටියේදී දුරුතු පුන් පෝදා සිදු කෙරිණි .

Read More

මොනරාගල කොට්ඨාසය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි සිසිර කුමාර යන අය ගංජා සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

තලවකැලේ හින්දු කෝවිල අසළ ගාල් කර තිබු ත්‍රිරෝද රථයක් තුළ බිළිදියක් අතහැර දමාගොස් තිබියදී ඊයේ (08දා) අලුයම 5.45 ට පමණ සොයාගෙන එම බිළිදිය ලිදුල ප්‍රාදේශිය රෝහල වෙත භාර දුන් බව තලවකැලේ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සමන්ත පෙරේරා මහතා පැවසිය.

Read More

ශ්‍රි ලාංකිකයින් රැකියා සඳහා යොමුකිරීම සඳහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් රැකියා නියෝජිතායතන වෙත ලබාදෙන බලපත්‍රයක් නොමැතිව නීතිවිරෝධී ලෙස පවත්වාගෙන ගිය විදේශ රැකියා ඒජන්සි ආයතනයක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිළධාරීන් විසින් පසුගියදා වැටලීම් කරන ලදී.

Read More

බිත්තර නිෂ්පාදනයට අවශ්‍ය මව්සතුන් හිඟය අවම කරලීමට අභිජනනය කරන ලද බිත්තර Hatching Eggs ලක්ෂ දෙකක් ආනයනය කිරීමේ තීරණයක් කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ගෙන තිබේ.

Read More

යාපනය ගුරුනගර් ප්‍රදේශයේ ධීවරයෙකු මසුන් ඇල්ලීමට යාමේදී ජෙලිෆිස් ප්‍රහාරයකට ලක්ව ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (07දා) දින මියගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි.

Read More

මැතිවරණයකට අවශ්‍ය මුදල් ලබා දීම ලබාදීම රජයේ වගකීමක් වනවා සේම රාජ්‍යයක් පවතිනවා නම් එම රාජ්‍යයේ ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය ආරක්ෂා කිරීමට කටයුතු කිරීම රජය සතු වගකීමක් වනවා. ඡන්දය සඳහා මේ මේ වනවිට ඇස්තමේන්තු කොට ඇති මුදල රුපියල් බිලියන දහයක් වෙනවා. බොහෝ විට ඊට පහළ මුදලකින් අපිට මේ කර්තව්‍ය හමාර කිරීමට හැකිවෙයි කියා විශ්වාස කරනවා.

Read More

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ක්‍රියා විරහිත කර තිබූ ජනන යන්ත්‍රයක් ඊයේ රාත්‍රියේ සිට යළි පන ගන්වනු ලැබීය. ඒ නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය වෙත අවශ්‍ය ගල් අගුරු තොග ලැබීමත් සමගිනි.

Read More

පොල්පිතිගම සමූපකාර නිලවරණයේ ජය ජනතා විමුක්ති පෙරමුණ හිමි කරගෙන තිබේ.ඒ මහා සභා නියෝජිතයින් 130ක ගෙන් 94ක් ජයග්‍රහනය කරවමිනි.

Read More

“2023 වසරේ ශ්‍රී ලංකාවේ දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතිය අද (8) දින ආරම්භ කිරීමට හැකි වුනා. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රවාහන පද්ධතියටත්, උතුරු දුම්රිය මාර්ගය භාවිතා කරන්නන්ටත් අද සුවිශේෂී දිනයක් ලෙස හඳුන්වන්න පුලුවන්. ශ්‍රී ලංකාව ආර්ථික ගැටලුවකට මුහුණ දී තිබෙන මෙවන් අවස්ථාවක අලුත් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නොහැකි වූවත්, ඉන්දීය රජයේ අනුග්‍රහය මත මෙම මහ පරිමාණ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට හැකිවීම ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි සැම සතුටු විය යුතු යැයි.”

Read More

මේක කල් යනවා. (ඡන්දේ) මේ බොරු කරන්නේ. මේක අනිවාර්යයෙන්ම කල් යනවා. කල් දාලා මේ අය ඡන්දේ තියන්නේ නෑ. මේ අය කවදා හරි මහ ඡන්දයක් හරි එක්කෝ ජනාධිපති මැතිවරණයක් හරි තියයි. මේක නිකන් මිනිස්සුන්ව රවට්ටන්න කරන එකක්. දැන් මැතිවරණ කොමිෂමත් කඩලා.

Read More

බම්බලපිටිය කින්රොස් පෙදෙස ව්‍යාපාරිකයකුගේ දෙමහල් නිවසට ඇතුළු වී දේපල සොරා ගත් මාලිගාවත්තේ ’’බෝම්බ රිශාක්’’ සහ එම දේපල සහ තවත් සොර බඩු මිලදී ගත් ’’උක්කුවා’’ නැමැත්තා රුපියල් ලක්ෂ පනහකට ආසන්න දේපල සමග අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කීය.

Read More

නැගෙනහිර චීනයේ සිදුවූ රිය අනතුරකින් අවම වශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තවත් 20 දෙනෙකු තුවාල ලබා ඇති බව චීන මාධ්‍ය වාර්තා කරයි.

Read More

මැතිවරණයක් පැවැත්වීම හෝ නොපැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව පළමුවෙන් පොදු එකගතාවයකට පැමිණිය යුතු බවත් මේ බැරෑරුම් අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ අතර මෙන්ම මැතිවරණ කොමිසමේ සාමාජිකයන් අතර ද බෙදීමක් නිර්මාණය වී තිබෙන බව කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රවාහන යටිතල පහසුකම් නංවාලීම වෙනුවෙන් ඉන්දීය සහාය යටතේ නව බස් රථ 500ක් ලබාදීමට නියමිතව තිබේ. මේ අතරින් පළමු තොගය ලෙස බස් ර 75ක් ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා විසින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වෙත භාර දුන්නේය. මෙම බස් රථ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය හරහා‌ සේවයට යෙදවීමට නියමිතය.

Read More

රට තුළ ඉමහත් ආන්දෝලනයකට ලක්ව තිබෙන මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අකෘතිය හා සමානව පොතුහැර වදාකඩ ඉදිකර ඇති ගොඩනැගිල්ලට අයත් පත්තිරිප්පුව සහිත කොටස සම්පූර්ණයෙන්ම කඩා ඉවත් කිරීමට එම ස්ථානයේ හිමිකරු වන ජානක චන්ද්‍ර සේනාධිපති මහතා පියවර ගෙන ඇත.

Read More

ගෙවීගිය සතිය තුළ ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගීන් වාර්තා වීමේ සාමාන්‍ය ආසාදිතයන් 5ක් බව බව සෞඛ්‍ය ප්‍රතිපත්ති සඳහා වන ආයතනය පවසයි. ගෙවී ගිය සතියේ කොවිඩ් මරණ සාමාන්‍ය 0ක් බවත් පරීක්ෂණ සංඛ්‍යාවේ අඩුකම හේතුවෙන් රෝගීන් හා මරණ සංඛ්‍යාව අඩුවෙන් පිළිබිඹු වීමට හේතුවක් විය හැකි බවද එම ආයතනය පවසයි.

Read More

චීන රජය විසින් මෙරට කෘෂිකර්මාන්ත කටයුතු සඳහා පරිත්‍යාග කළ ඩීසල් ලීටර් මිලියන 6.98ක් හෙට (09) සිට අස්වනු නෙලීම සඳහා ගොවි ජනතාවට නොමිලයේ බෙදා හැරේ.

Read More

හිටපු ජනාධිපති ගෝඨාභය මහතාගේ නිවසට ගමන් ගන්නා ජොස්වෙල් හන්දිය රාජකාරි යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයකු පොලිස් සැරයන්වරයකු ට ටි 56 ගිනි අවියකින් වෙඩි තැබීමට කළ උත්සාහයක් පොලිස් පරීක්ෂකවරයෙකුගේ ක්ෂණික මැදිහත්වීම මත නූලෙන් වැළකී ගොස් ඇතැයි මිරිහාන මූලස්ථාන පොලීසිය කියයි.

Read More

මරණ සහතිකය රිලව් රැුගෙන ගොස් ඇති අතර දවස පුරා සෙව්වත් එය සොයා ගැනීමට නොහැකි වු තැන නැවත වතාවක් මරණ සහතිකයේ පිටපතක් ලබා ගැනීමට සිදු වු පුවතක් සම්බන්ධයෙන් අරණායක ප‍්‍රදේශයෙන් වාර්තා විය.

Read More

කදුරට ජනතා පෙරමුණ , කම්කරු ජාතික පෙරමුණ සහ කම්කරු ජාතික සංගමය පළාත් පාලන මැතිවරණයේදි සමගි ජනබලවේගය සමග එක්ව සන්ධානගත වි තරග කිරිමට තිරණය කර ඇති බව කම්කරු ජාතික පෙරමුණේ සහ කම්කරු ජාතික සංගමයේ සභාපති පා.ම පලනි දිගම්බරම් මහතා පැවසිය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.