ඉන්දික හේවාවිතාරණ
වසංගත රෝගී තත්ත්වය හේතුවෙන් වව්නියා බන්ධනාගාරය තුළ පනවා තිබූ සංචරණ සීමා හෙට (07දා) සිට ඉවත් කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
වව්නියා රිමාන්ඩ් බන්ධනාගාරය තුළ සිටි එක් රැඳවියකුට හා බන්ධනාගාර නිලධාරියකුට සරම්ප රෝගය වැලඳීම හේතුවෙන් එම රෝගය ව්‍යාප්ත වීම අවම කිරීම සඳහා ක්ෂණික පියවරක් ලෙස ඉකුත්.25 වැනි දින සංචරණ සීමා පැනවීමට කටයුතු කරනු ලැබිණ.
ඒ අනුව හෙට(08දා ) සිට සාමාන්‍ය පරිදි බන්ධනාගාරගත රැඳවියන්ට හා බන්ධනාගාර නිලධාරීන්ට දෛනික කටයුතු සිදුකරන ලෙස ප්‍රාදේශීය වසංගත රෝග ඒකකයේ වෛද්‍ය තුමිය විසින් වව්නියා බන්ධනාගාර නිලධාරීන් දැනුවත් කර තිබේ.