එක්සත් ජාතින්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආධාර යටතේ ජපාන රජය විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ හා උතුරු පළාතේ ගොවි ජනතාවට ලබා දීම සඳහා යුරියා පොහොර මෙට්‍රික් ටොන් 8500 ක් පරිත්‍යාග කර ඇත.
එම පොහොර නැව ඊයේ කොලඹ වරායට පැමිණ ඇති අතර පොහොර ගොඩබෑම ආරම්භ කළ බව රජයට අයත් පොහොර සමාගම් දෙකෙහි සභාපති අස්චාර්ය ජගත් පෙරෙරා මහතා පවසයි.
මෙම පොහොර තොහය නිල වශයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට බාරදීම හෙට 7 දින පෙරවරු 10 ට සිදු කෙරේ.
මේ අතර යුරියා පොහොර මෙට්‍රික් ටොන් 18,000ක් සහිත නැවක් පෙරේදා කොලඹ වරායට පැමිනියේය.
එම පොහොර දිවයින පුරා ගොවිජන මධ්‍යස්ථානවලට බෙදාහැරීම් කටයුතු මේ වනවිට සිදු කෙරේ.
