පරිභෝජනයට සුදුසු සහල් සත්ව ආහාර සඳහා යොදා ගනිමින් තිබු ආණමඩුව ආඩිගම කම්මන්දළුව ප්‍රදේශයෙ සත්ව ආහාර නිෂ්පාදනය කරනු ලබන කර්මාන්ත ශාලාවකට මුද්‍රා තබා අදාල නීතිමය කටයුතු කිරීමට පාරිභෝගීක අධිකාරියේ විශේෂ විමර්ශන හා වැටලීම් ඒකකය කටයුතු කෙරුණී.
මෙසේ මුද්‍රා තැබිම සිදුවුයේ ආඩිගම ආදාහේන ප්‍රදේශයෙ සත්ව ආහාර නිෂ්පාදනය කරනු ලබන මහා පරිමාන කර්මාන්ත ශාලාවකට බව පාරිභෝගික අධිකාරියෙ විශේෂ විමර්ශන ඒකකය පවසයි.
මිනිස් පරිභෝජනය සදහා සුදුසු සහල් නීති විරෝධි ලෙස මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් බව අගවමින් සත්ව ආහාර සදහා මෙම කර්මාන්ත ශාලාවේ දිර්ඝ කාලයක සිට යොදා ගෙන තිබු බව විශේෂ විමර්ශන ඒකකය පවසයි.
අදලා කර්මාන්ත ශාලාව පරික්ෂා කිරීමේදි එම කර්මාන්ත ශාලාවේ ගබඩා කර තිබු කිලෝ 27000 ( විසි හත්දහසකට ආසන්න) සහල් තොගයක් උර වල අසුරා තිබියදී සොයා ගත් බව විශේෂ වැටලීම් ඒකකය පවසයි.
මිනිස් පරිභෝජනයට සුදුසු සහල් කිසිදු ආකාරයෙන් සත්ව ආහාර සදහා යොදා 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිළිබදව අධිකාරිය පනතේ 10 (එක) (ආ) (දෙක) වගන්තිය මගින් පැවරි ඇති බලතල ප්‍රකාරව කටයුතු කරමින් සහල් හෝ වී සත්ව ආහාර නිෂ්පාදනය කෙළින්ම භාවිතා කිරීම හෝ අන්‍යාකාරයෙන් සත්ව ආහාර නිපදවිම සදහා යෙදවුමක් ලෙස භාවිතා කිරීම සදහා හෝ විකිණිම.විකිණිම සදහා ඉදිරිපත් කිරීම,තොරග රැස් කර තැබිම,ගබඩා කිරීම,ප්‍රවාහනය කිරීම හෝ බෙදාහැරිම හෝ මිළදි ගැනිම නොකල යුතු බව සියලුම නිෂ්පාදකයින්,වෙළදුන් සහ බෙදාහරින්නන් වෙත විධානය කර තිබේ.
අදාල ගැසට් විධානය 2022 ජූනි 24 දින සිට ක්‍රියාත්මක කර ඇති බව පාරිභෝගික අධීකාරිය පවසයි.එසේ තිබියදී එම නියෝග පිළිනොගනමින් රට තුළ පවතින තත්වය පවා සැලකිල්ලට නොගෙන මෙසේ මිනිස් ආහාරයට සුදුසු සහල් සත්ව ආහාර සදහා යොදා ගැනිම සිදුකර තිබු බව විශේෂ විමර්ශන ඒකකය පවසයි.
විශේෂ විමර්ශන ඒකකයෙ නිළධාරින් අදාල ස්ථානයට යන විටත් සහල් තොග සත්ව ආහාර සදහා යොදා ගනිමින් තිබු බව කියයි.
ඒ අනුව අදාල කර්මාන්ත ශාලව විශේෂ පරික්ෂාවකට ලක් කර එහි විශාල පොහොර උර 600 ක ගබඩා කර තිබු පරිභෝජනය සුදුසු සහල් කිලෝ 27000 ක් මෙසේ සොයා ගෙන තිබුනී.
අදාල තොගය සහිත කාණ්ඩය වර්ග කර එය එම කර්මාන්ත ශාලව වසා දමා සියලු දොරටු මුද්‍රා තැබිම සිදු කිරීමටත් ඒ පිළිබදව 7 දින ආණමඩුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරන තුරු අදාල කර්මාන්ත ශාලාව මුද්‍රා තැබිමටත් කටයුතු කල බව විශේෂ විමර්ශන ඒකකය පවසයි.





