එළඹෙන ඔක්තෝබර් මස සිට ඊශ්‍රායලයේ තෙල්අවිව් නුවර සිට කටුනායක දක්වා ප්‍රථම වරට ඍජු ගුවන් සේවා ආරම්භ කිරීමට නියමිතය.
ඒ අනුව දෙරට සිවිල් ගුවන්සේවා අංශ අතර අවබෝධතා ගිවිසුමක් නුදුරේදී අත්සන් කිරීමට නියමිත බවත් අනතුරුව ඔක්තෝබර් මස සිට ඊශ්‍රායලයේ 'ආකියා' (Arkia) ගුවන් සේවයට අයත් ගුවන්යානා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
මේ පිලිබඳ අදහස් දක්වමින් විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කර සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඊශ්‍රායල් රජය අතර පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස දෙරට අතර ගුවන් සේවාවන් ආරම්භ කෙරෙන බවයි.
ඒ අනුව ඊශ්‍රායල් සංචාරකයින් විශාල පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් එසේම ඊශ්‍රායලයේ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයින්ට ගුවන් ටිකට් පත්‍ර මිල දී ගැනීමේදී මින් මුල්‍යමය ලාභයක් ලැබෙන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.