දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවමික් ඉදිරිදින කිහිපයෙදි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දොපර්තමෙන්තුව සදහන් කරයි.
මේ අනුව හෙට (3) බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බවත් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමිටර් 100 වැඩි තද වැසි ද ඇතිවිය හැකි බවද පෙන්වා දෙයි.
ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්යාදෙපාර්තමෙන්තුව සදහන් කරයි
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද පළාතේත් පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට සුළගේ වෙගය පැයට කිලෝමිටර් 40 ත් 45 ක දක්වා ඉහල ඉහල යා හැකි බවද පෙන්වා දෙයි
ගිගුරුම් සහිත වැසි වන විට එම ප්‍ර දේශවල සුළගේ වෙඟය තාවකාලික ඉහල යා හැකි බවත් මේ නිසා තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු වලක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි