මාර්ග නඩත්තුව වෙනුවෙන් අරමුදලක් ඇතිකිරීම සඳහා යෝජනා වී ඇති බවත් එයට රජයෙන් රුපියල් කෝටි 10ක් දෙන බවත්, මාර්ග භාවිතා කරන්නන්ගෙන් ඉන්ධන හරහා හෝ යම් මුදලක් ලබාගෙන එම අරමුදලට බැර කිරීමට පියවර ගන්නා බවත් කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
රාජ්‍ය ආයතන සතු අරමුදල් විධිමත් ලෙස කළමනාකරණය කිරීමෙ අරමුණින් නව පනත් කෙටුම්පතක් හඳුන්වාදීම වෙනුවෙන් වූ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreමහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සාමාජිකයන් තවදුරටත් බෙදීම් ඇතිව තිබේ. ඒ අනුව විදුලි කප්පාදුවට එරෙහිව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂම නඩු කෘත්‍ය ආරම්භ කිරීම වෙනුවෙන් වූ ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව තමන් නොදන්නා බව සඳහන් කරමින් එම කොමිෂමේ සාමාජිකාවක් වන චතුරිකා විජේසිංහ මහත්මිය සඳහන් කළ බව එහි සභාපති ජනක රත්නායක මහතා පවසයි
Read Moreපොළොන්නරුව තඹාල ප්‍රදේශය හරහා ගලා බසින කුඹුක්කන්ආර ඔයට වැටී දියණියක සහ පියෙකු ගසාගෙන ගොස් ඇති අතර පැය පහක මෙහෙයුමකින් අනතුරුව පියාගේ මෘත දේහය සොයා ගත් අතර දියෙහි ගිලී ගසාගෙන ගොස් ඇති එම දියණිය සොයමින් පවතී.
Read Moreඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක හා වත්මන් ආරම්භක පිතිකරු ඒරන් ෆින්ච් අන්තර්ජාතික ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර ඇත. ඒ මෙවර එක්දින ලෝක කුසලානයට මාස කිහිපයක් ඉතිරිව තිබියදීය.
Read Moreතුර්කියට හා සිරියාවට බලපෑ ප්‍රභල භූ කම්පනයෙන් මිය ගිය පිරිස මේ වන විට 5000 සීමාව ඉක්මවා ගොස් තිබේ. මෙයින වැඩිම පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තුර්කියේය.
Read Moreරටක බැංකු පොලිය පාලනය කිරීමට දේශපාලඥයෙකුට හෝ දේශපාලන පක්ෂයට මැදිහත්විය නොහැකි බව කැබිනට් ප්‍රකාශක අමත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreමැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම් චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පිළිගෙන ඇතැයි වාර්තා වේ.
Read Moreසිදුවූ වැරදි ජනතාව විසින් පෙන්වා දී ඇති බවත් ඒවා අවබෝධකරගෙන ඇති බවත් නිවරදි කර ගැනිමට අවස්ථාවක් දෙන ලෙස බැසිල් රාජපක්ෂ මහතා පවසයි. හිරු ටී.වී. නාළිකාවේ සලකුණ වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
Read Moreධිවර වරායක් ලෙස පරිවර්තනය කරන ලද ඔලුවිල් වරායේ ධිවර මෙහෙයුම් කටයුතු මේ වනවිට ඉතා සාර්ථකව සිදුවන අතර වරායට ගොඩබාන මත්ස්‍ය තොග අතුරින් අතිරික්ත මත්ස්‍ය තොග භාවිතා කරමින් ටින් මාලු කර්මාන්තශාලාවක් ආරම්භ කිරිමට ටෙස් පෞද්ගලික සමාගම හා ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අතර අවස්ථා කිහිපයකදි සිදු කරන ලද සාකඡ්ඡාවලින් පසු අද (07දා) කර්මාන්තශාලාවක් ඉදිකිරිමට අදාල ගිවිසුම සදහා අත්සන් තැබිම ධිවර අමාත්‍යංශයේදි සිදු විය
Read Moreඇමරිකානු මෙරට තනාපති ජුලි චන් මහත්මිය නුවරඑලිය සීතාඑළිය සිදෙයිඅම්මන් කොවිලේ සංචාරයක නියැලුණි.
Read Moreසැක කටයුතු අන්දමින් සිරුරට ගිනි ඇවිලී දෙදරු පියෙකු අද (07) අළුයම මියගොස් ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි .
Read Moreඒ අනුව මෙවර පැවැත්වූ 75 වන ජාතික නිදහස් දින සැමරුම් නිල රාජ්‍ය උත්සවය සඳහා රජය වැය කළ මුළු මුදල රුපියල් 11,130,011 ශත 29ක් පමණි.
Read Moreයම් යම් ගැටළු සහගත තත්ත්වයන් මධ්‍යයේ වුවත් මෙවර මහ කන්නයේ දී සාර්ථක වී අස්වැන්නක් අපේක්ෂා කළ හැකි බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සනාථ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
Read Moreබදු අඩු කරන ලෙසට ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුණ උපදේශනය වැරදි උපදේශනයක් බවත් කෙටි කාලයකට බදු බර දරා ගැනීමට සිදුවෙනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreඅත්‍යාවශ්‍යම පුනරාවර්තන වියදම් පමණක් අක් මුදල්වලින් දැරීමට මහා භාණ්ඩාගාර ලේකම්ට උපදෙස් දීමට කැබිනට් අනුමැතිය ලබාදුන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreශ්‍රී ලංකාවේ උද්ධමනය ගණනය කිරීමේදී යොදා ගන්නා ප්‍රධාන දර්ශකවල පාදක වර්ෂය වෙනස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreරාජ්‍ය සේවකයන් වෙනුවෙන් ලබාදෙන අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමයට සමාන රක්ෂණ යෝජනා ක්‍රමයක් පෞද්ගලික අංශයේ සේවකයන් වෙනුවෙන් ලබාදීමට අදාළව සේවක භාර කාර අරමුදල් පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලබා දුන් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreතුර්කියට බලපෑ ප්‍රභල භූ කම්පනය ඇතිවූ ප්‍ර දේශය තුළ වාසය කළ ශ්‍රී ලාංකිකයන් අතරින් එක් ශ්‍රී ලාංකිකයෙකුගේ පමණක් තෙරතුරු මේ දක්වා තහවුරු කර ගැනීමට නොහැකි ව ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read More2021 අංක 21 දරණ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත යටතේ පිහිටුවන ලද නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වෙනුවෙන් ආයොජන ප්‍රවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreමෙරට ක්‍රියාත්මක කරන මහා පරිමාණ ව්‍යාපෘතිවලට අදාළව පිහිටුවා ඇති මහා පරිමණ ව්‍යාපෘති කාර්යාල 55ක් වසා දැමිය යුතු බවට ඒ පිළිබඳව සොයා බැලීමට පත්කළ හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙක් වෙන එච්.ඊ. කමල් පද්මසිරි මහතාගේ ප්‍රධානත්වයෙන්යුත් කමිටුව යෝජනා කර තිබේ.
Read Moreදිණක් දියණිය සිය මිතුරියක් අයිස්ක්‍රිම් කනවා දැක තමාගෙන් අයිස්ක්‍රිම් ඉල්ලා සිටියද එදා අතේ මුදල් නොවු නිසා අයිස්ක්‍රිම් දියණියට ගෙනදීමට නොහැකි වු බව සැකකරු හෙළි කල බව පොලිසිය පැවසීය.
Read Moreමහා භාණ්ඩාගාරයේ මුදල් යොදවා කන්න හතරකදි රජය, දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා මිලදී ගත් වී තොග සහල් බවට පත්කිරීමෙන් පසුව පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයා යටතේ තිබු සහල්වලින් හාල් කිලෝ ලක්ෂ හතළිස්එකක් අතුරුදහන් වී ඇතැයි එක්සත් සහල් නිෂ්පාදකය්න්ගේ සංගමයේ සභාපති මුදිත පෙරේරා මහතා සඳහන් කළේය
Read Moreවංචා, දූෂණ හෙළිදරව් කිරීමේදී ඒ පිළිබඳ සොයා බලා ක්‍රියාමාර්ග ගැනීම වෙනුවට අදාළ හෙළිදරව්ව සිදු කළ පණිවුඩකරුවා විනාශ කිරීමට කටයුතු කිරීම පිළිකුලෙන් යුතුව හෙළා දැකිය යුතු කාරණයක් බව 43 වැනි සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
Read Moreතුර්කියේ දකුණුදිග සීමාවට සහ සිරියාවේ වයඹදිග සීමාවට අද (06දා) බලපෑ රික්ටර් පරිමාණ 7.8ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනය හේතුවෙන් දෙරටේම 2,300කට අධික පිරිසක් මිය ගොස් ඇතැයි වාර්තා වෙයි.
Read Moreමැතිවරණය කල් යනවද නැද්ද කියලා මට කියන්න පුළුවන් කමක් නැහැ. ඒකට තීන්දුව දෙන්නේ මැතිවරණ කොමිෂම සහ රජය තමයි ඒගොල්ලන්ගෙ සාකච්ඡා තුළ දැන් ලබන 09, 10 ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් තිබෙනවා.
Read Moreමහියංගණ වෙහෙර වැදපුදා ගැනිමට පැමිණි හතරවන උදය රජතුමාට සොරබොර හෝපිටිගම ගම්වැසියන් විසින් අසාධාරන බදු වැඩිකිරිම් පිළිබදව පැමිණිලි කළ අතර වහාම වැඩි කල බදු ඉවත්කර පෙර තිබූ බදුම ලබාගන්නා ලෙස නියම කර බදු ව්‍යවස්ථාව ගල්කණුවක කොටා සොරබොර ටැම්ලිපිය පිහිටවූ බවත් ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැ ඇත්තෝ පෙන්වා දෙති.
Read Moreකෘෂිකර්ම අමාත්‍යවරයාට හා අමාත්‍යාංශයේ නිලධාරින් කාබනික පොහොර බෙදාහැරීමේ දී රජයේ මුදල් අයථා ලෙස පරිහරණය කළ බවට ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් නැමැත්තෙක් විසින් පුද්ගලික යූ ටියුබ් නාලිකාවක් ඔස්සේ හා ඇතැම් මාධ්‍ය ඔස්සේ සිදු කර ඇති අපහාසාත්මක හා පදනම් විරහිත චෝදනා සම්බන්ධව නීතිමය පියවර ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.
Read Moreවර්ෂාව නිසා ඇතැම් දිස්ත්‍රික්කවල වී වගාවට හානි සිදු වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශයට ගොවි ජනතාව විසින් ඉදිරිපත් කරන වාර්තා අනුව මේ සම්බන්ධව අවධානය යොමු කරමින් අදාල ගොවීන්ගේ වගා හානි සම්බන්ධව වාර්තා ලබා ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් දෙනු ලැබීය.
Read Moreනවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් 2023.02.08 වැනිදා විවෘත කිරීමට නියමිතය. ඊට අදාළ පෙරහුරුව පාර්ලිමේන්තුව පරිශ්‍රයේදී අද (06) පැවැත්වූ අතර කෝට්ටේ ජනාධිපති බාලිකා විද්‍යාලයේ සිසුවියන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.
Read More