ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 24 වන බදාදා
යාපනය දිස්ත්‍රික්කයේ පැවති ග්ලෝකල් ෆෙයාර් 2023 රැකියා ප්‍රදර්ශන වැඩසටහන සඳහා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතාද ඒක්වීම හේතුවෙන් යාපනයේ වැසියන්ගේ උණුසුම් පිලිගැනීමකට ලක්විය.
උතුරු පළාතේ තරුණ තරුණියන්ට තමන් අපේක්ෂා කරන රැකියාව පිළිබඳව සෘජුවම ඒජන්සි ආයතන සමඟ සාකච්ඡා කර තම විදේශ රැකියා සිහිනය සැබෑ කර ගැනීමට අවස්ථාව ලබාදීමට විදෙස් සේවා නියුක්ති කාර්යාංශය කටයුතු සංවිධානය කර තිබුණි.
ග්ලෝකල් ෆෙයාර් 2023ට සමගාමීව ශ්‍රම වාසනා අරමුදල විසින් යාපනය දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට පාසල් උපකරණ බෙදා දුන් අතර දේශීය, විදේශීය රැකියා අවස්ථාවන් ලබාදෙන රැකියා නියෝජිත ආයතනවල කුටිද මෙහිදී සංවිධානය කොට තිබුණි.
මෙම වැඩසටහන සඳහා සඳහා රුමේනියාව, සයිප්‍රස් ඇතුළු යුරෝපීය මෙන්ම මැදපෙරදිග රැකියා ඇබෑර්තු ඇති විදේශ රැකියා නියෝජිත ආයතන රැසක් සහභාගි වීම විශේෂයෙන් කැපී පෙනුණි.
මෙම අවස්ථාවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා හිටපු සිපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා ඇතුලු පිරිසක්ද සහභාගී වූහ.
මෙහිදී මෙම උත්සව අවස්ථාවට පැමිණි ලෝක පූජිත ශ්‍රීලංකා ජාතික කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා හා ඒක්ව ඡායාරූප ගැනීමට යාපනයේ බොහෝ පිරිසක් උත්සහ ගැනීමද කැපී පෙනුනි.
ඒමෙන්ම සෙල්ෆි ඡායාරූප රැසකට සහභාගී වූ සනත් ජයසූරිය මහතා යාපනයේ තරුන තරුණියන් සමග අදහස් හුවමාරු කරගන්නා අයුරුද දැකගත හැකි විය.
popular news
ඊශ්‍රායලයේදි අතරමං වූ තරුණයා පවුලේ ඥාතීන්ට භාර දෙයි
විදුලි බල සේවකයෝ කැමැත්තෙන් ලිපි දෙති
ජනපතිගේ වත්කම් ප්‍රකාශයේ නැති තොරතුරු උදය කියයි
රාජ්‍ය මුද්‍රණ ලොක්කාගේ අනුමැතය නොමැතිව නිලධාරින් පහක් ලක්ෂ 102ක මැතිවරණ දීමනා ලබාගෙන
මම ඩොලර් බිලියන 22ක් දීලා ගියේ, මම මොකටද මේවා අරගන්නේ
රිදියගම වැව් රක්ෂිතය මනිනවාට ජනතාවගේ විරෝධය
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd