තෙමහල් නිවසක උඩුමහලේ කාමරයක තාවකාලිකව පදිංචිව සිටි පිරිමි පුද්ගලයා අභිරහස් ලෙස මියයාමෙන් අනතුරුව ඔහු සමඟ එම කාමරයේ ගතකළ කාන්තාවගේ සිරුර එම කාමරේම බාල්කයක එල්ලෙමින් තිබියදී සොයාගත් බව කොහුවල පොලිසිය කියයි.
මෙලෙස මියගොස් තිබුණේ කලුබෝවිල රෝහල පාර තවකාලිකව දිංචිව සිටි හම්සර් කුමාර් (26) එක් දරු පියෙකු හා බාලසුබ්රමනියම් යෝගේස්වරි නැමැති (37) දෙදරු මවකි.
මීට දින තුනකට පමණ ඉහතදී (එනම් 13 වෙනි දින) මියගිය මොවුන් දෙදෙනා එම කාමරයේ පදිංචියට පැමිණ ඇති අතර කාන්තාව මෙහෙකාරියක් ලෙසත් පිරිමි පුද්ගලයා කුලී වැඩ කරන්නේක් ලෙසත් නිවෙස් හිමියාට හඳුන්වා දී තිබූ බව පොලීසිය සඳහන් කරයි.
කාමරේ පදිංචියට පැමිණ දින 2ට පසු මියගිය පිරිමි පුද්ගලයා ඔහු රැකියාව සිදුකළ ස්ථානයට වැටුප් ලබා ගැනීමට යන බව කාන්තාවට පවසා උදෑසන පිටව ගොස් එදිනම දහවල් දොළහට පමණ කාමරයට පැමිණ ඇඳේ හාන්සි වී තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එහිදී කාන්තාවද ඇඳ වෙත ගොස් සල්ලි ගත්තේ නැද්දැයි විමසීමේදී හිස වනා නැහැ යහනුවෙන් පවසා තිබූ බව කාන්තාව 15 වෙනි දින පොලිසියට ලබාදුන් ප්‍රකාශ සඳහන්ව ඇතැයි පොලිසිය කියයි.
මද වේලාවක දී එම පුද්ගලයාගේ නහයෙන් ලේ ගලා එන දුටු කාන්තාව මේ බව නිවසේ හිමිකරුට පැවසීමෙන් ඔහුගේ දැනුම් දීම මත 1990 සුව සැරිය ගිලන් රථයෙන් පැමිණි තිබූ සෞඛ්‍ය සහයකයින් එම පුද්ගලයා පරීක්ෂාකර බලා ඔහු මියගොස් ඇති බවට දැනුම් දීමෙන් අනතුරුව ඒ බව පොලීසියට දැනුම් දුන් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
අනතුරුව මහේස්ත්‍රාත් පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව මල සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කලුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත් කිරීමට කටයුතු යෙදිණි.
එකි පුද්ගලයාගේ දේහය ඔහුගේ නීත්‍යානුකූල බිරිඳට බාර දීමට අවශ්‍ය හෙයින් නානුඔය ප්‍රදේශයේ ඥාතීන්ට ඒ බව දැනුම් දීමට කටයුතු කළ අතර ඔවුන්ට 16 වැනි දින රෝහල කරා පැමිණීමට නොහැකි වී ඇති අතර මියගිය කාන්තාව රෝහලේ සිට 16 වෙනි දින දහවල් 1ට විතර නවාතැන් ගෙන සිටි කාමරය වෙත පැමිණ තිබූ බව නිවෙස් හිමියාගේන් ප්‍රකාශයකින් අනාවරණය වූ බව පොලිසිය කියයි.
එදින රාත්‍රී 8 පමණ වනතුරු කාමරයේ විදුලිය දල්වා නොතිබූ බැවින් නිවෙස් හිමියා උඩුමහලට ගොස් ජනේලයකින් කාමරය දෙස බැලීමේදී කාන්තාවගේ සිරුර බාල්කයේ එල්ලෙමින් ඇඳ මත දණ ගසාගෙන සිටින අයුරින් දැක ඒ බව පොලීසියට දැනුම් දුන් බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
පොලිස් නිලධාරීන් එම ස්ථානය වෙත පැමිණ සිදුකළ මූලික පරීක්ෂණවලදි කාන්තාවගේ සිරුර සෝල් එකකින් (සලු පොටකින්) බාල්කයේ එල්ලෙමින් තිබෙනු දැක තිබූ බව පොලිසිය කියයි.
අභිරහස් ලෙස මියගිය පුද්ගලයාගේ මරණයට විවෘත තීන්දුවක් ලැබුණු බැවින් ඔහුගේ මරණය ඔහු වැටුප් ලබා ගැනීමට ගිය රැකියා ස්ථානයේ ඇති වූ යම් සිදුවීමක් හේතුවෙන් සිදු වුවක්ද? එසේත් නොමැති නම් ඔහු සමග ගතකළ කාන්තාව සමග ඇතිවූ යම් සිදුවීමක් හේතුවෙන් වූ දෙයක්ද? යන්න පැති කිහිපයක් ඔස්සේ විමර්ශන සිදුකරන බව උසස් පොලිස් නිලධාරියකු පැවැසීය.
මියගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරික්ෂනය කළුබෝවිල ශික්ෂණ රෝහලේදී රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.