රටේ පවතින බිත්තර සහ කුකුල්මස්ප්රමාණවත් නොවීම හා මිලගණන් ඉහල යාමට විසඳුමක් වශයෙන් බිත්තර සහ කුකුල්මස් මේන්ම සත්ව නිශ්පාදන උතුරු පළාතෙම නිශ්පාදනය කොට ජනතාවට සහනදායි මිලකට ලබා දීමට පියවරගන්නා බව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය පවසයි.
උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී උතුරු පළාත් ප්‍රධාන ලේකම් සමන් බන්දුලසේන මහතා ඇතුලු රාජ්‍ය හා පෞද්ගලික අංශ නිලධාරීන් සමග පැවති රැස්වීමකදී උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මිය විසින් මේ බව නිලධාරීන්ට දැනුම් දෙනු ලැබීය.
මේ අනුව උතුරු පළාතේ නිශ්පාදනය කෙරෙන බිත්තර මිලියන 39.70 ක ප්‍රමාණය සහ කුකුල් මස් මෙට්‍රික්ටොන් 8505 ක ප්‍රමාණය මේ වසර අවසන් වීමට පෙර තවත් වැඩිකරගත යුතු බවට මෙම සාකච්ඡාවේදී උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය පැවසුවාය.
2018 වසරෙදී වාර්ෂික බිත්රත නිශ්පාදනය මිලියන 36.58 ක් වුවද 2022 වසර වන විට එම ප්‍රමාණය 39.70 ක් දක්වා වර්ධනය කරගැනීමට හැකි වූ බවටත් කුකුල්මස්ද 2018 වසරෙදී තිබූ 7860.64 ක මෙට්‍රික් ටොන් ප්‍රමාණය 2023 වසරේදී මෙට්‍රික් ටොන්8505 ක් දක්වා වැඩි වී ඇතැයිද පෙන්වා දෙයි.
මේ අනුව මේ වසර (2023) අවසන් වීමට පෙර මෙමප්රමාණයන් තවත් වැඩිකරලීමට නම් උතුරේ සිටින ආර්ථික දුෂ්කරතා පවතින පවුල් වෙනුවෙන් නොමිලේ කුකුල් පැටවුන් ලබාදී ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදී කුකුල් මස් සහ බිත්තර නිශ්පාදන ප්‍රමාණයන් වැඩකරගත යුතු බවට උතුරු පලාත් ආණ්ඩුකාර තුමිය වැඩිදුරටත් පැවසුවාය.