දියවැඩියා රෝගීන්ට ශරීරයට එන්නත් කරනු ලබන ඉන්සියුලින් එන්නත මහනුවර ප්රදේශයේ ඖෂධ අලෙවිසැල් වල මිලදී ගැනීමට නොමැතිවීම හේතුවෙන් එම රෝගීහු දැඩි අපහසුතාවයට පත්වී සිටින බව කියති .
දැනට දින කිහිපයක සිට එම එන්නතේ හිගයක් පැවතීම හේතුවෙන් බොහෝ රෝගීහු එන්නත මිලදී ගැනීම සඳහා වෙනත් නගර කරා යාමට සිදුවී ඇති අතර ඇතැම් කූඨ ඖෂධ අලෙවි කරුවන් අධික මිලට එම එන්නත අලෙවි කරන බවට ද රෝගීහු චෝදනා කරති .