saravita-anim2

2025 ඔක්තෝබර් මස 07 වන අඟහරුවාදා

2025 ඔක්තෝබර් මස 07 වන අඟහරුවාදා

Latest News - timelapse 3812 hours ago

LATEST

ඩොලර් බිලියන 6කට අධික මුදලක් ඉල්ලා සජබ නඩු මගට

calendar_today 2023 මැයි 17 - 09:29 remove_red_eye - 655  

ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේදී ගිනිගෙන විනාශයට පත්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ පාරිසරික ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්ට සිදු වූ හානිය වෙනුවෙන් ඩොලර් බිලියන හයකට අධික වන්දියක් අය කර දෙන්නැයි ඉල්ලා අදාළ නෞකා සමාගමට හා ආයතන වලට එරෙහිව සමගි ජන බලවේගය කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ ඊයේ 16 නඩුවක් ගොනු කළ

ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සත්ත්ව උද්‍යානවල සිටින සතුන් සඳහා ආහාර ලබා දීම , සතුන් සමඟ ඡායාරූප ගැනීම සහ අභ්‍යන්තර ප්‍රවාහන පහසුකම් සැපයීම සඳහා අය කරන ගාස්තු සංශෝධනය කර තිබේ.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මෙන්ම මධ්‍යම කඳුකරයේ ඇතැම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය පුරා අධික වර්ෂාපතනයක් ලැබුණද මහවැලි ගඟ තවමත් පතුලටම සිඳී ගොස් ඇති අයුරු ඊයේ (16දා)දිස් වූයේය.

Read More

සෞදි අරාබියේ ගස් බිලියන 10ක් සිටුවීමේ ව්‍යාපෘතිය සඳහා ජීවානුහරණය කළ කොහු බත් ශ්‍රී ලංකාවෙන් ලබා ගැනීමට සෞදි අරාබිය බලාපොරොත්තු වන බව බලශක්ති හා ප්‍රවාහනය පිලිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා විය.

Read More

මධ්‍යම ආසියා සමුළුව එළඹෙන 18 වැනිදා චීනයේ දී ආරම්භ වීමට නියමිතය. මෙය චීනයේ පැවැත්වෙන පළමු වතාව වන අතර මේ සඳහා මධ්‍යම ආසියානු රටවල් 5ක නායකයින් සහභාගි වීමට නියමිතය. සමුළුව චීනයේ ශාංෂි ප්‍රාන්තයේ ෂියෑන් හිදී ආරම්භ වීමට මේ වන විටත් කටයුතු සූදානම් කර ඇත.

Read More

බන්ඩි පොහොර හෙවත් MOP ( මියුරියේට් ඔෆ් පොටෑෂ්) පොහොර මිල මෙම යල කන්නයේ දී රුපියල් 4500කින් අඩු කිරීමට මිල කමිටුවේ අනුමැතිය හිමි වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකා හමුදාවන්හි ප්‍රමාණය ක්‍රමයෙන් සංඛ්‍යාත්මකව නිවැරදි, අනුමත ප්‍රමාණයට ගෙනවිත් සම්මත හමුදාමය රාජකාරීන් සඳහා යෙදවීමට පියවර ගනු ලබන බව ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා එක්සත් ජනපද රාජ්‍යදෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු කාර්යාංශය නියෝජ්‍ය සහකාර ලේකම් අෆ්රීන් අක්තර් (Afreen Akhter) මහත්මිය සමඟ පැවති සුහද සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

Read More

RAMIS සහ Legacy පරිගණක පද්ධතිවලට අදාළව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට 2022 දෙසැම්බර් 31 දින වන විට ලැබිය යුතු මුලු හිග බදු, දඩ හා පොළී මුදල රුපියල් 904,342,180,778 ක් බව (බිලියන 904) කෝපා කමිටුවේදී අනාවරණය විය.

Read More

විදේශ ගත ශ්‍රී ලාංකිකයින්ගේ නිවාස සිහිනය සැබෑ කරමින්, ඔවුන් සදහා වන නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරිම සදහා වන මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පියවර ගෙන ඇත.

Read More

විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙල සහ ක්ෂේත්‍රයේ ඉදිරි කටයුතු පිළිබඳව හමුවක් ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, භූතානය සහ බංගලාදේශය වෙනුවෙන් කටයුතු කරන විධායක අධ්‍යක්ෂවරයා සමග අද උදෑසන පවත්වනු ලැබූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය.

Read More

සියලුම කටයුතු සැලසුම් කර ඇති අයුරින් සිදුවුවහොත් රුසියානු තාක්ෂණික සහාය ඇතිව පළමු න්‍යෂ්ටික බලාගාරය 2032 වන විට ශ්‍රී ලංකාවේ ඉදිකළ හැකි බව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය, බලශක්ති හා ප්‍රවාහනය පිලිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සඳහන් කළේය.

Read More

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරීවරයාට එරෙහිව නැගෙන චෝදනා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා විශ්ව විද්‍යාලයේ පාලක සභාවේ අනුමැතිය සහිතව රජයේ අනුමත සාමාජිකයන් දෙදෙනෙකුගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් පත් කොට ඇති බව එහි උප කුලපති මහාචාර්ය එම්. ඩී. ළමාවංශ මහතා පවසයි .

Read More

ජාත්‍යන්තර අධ්‍යාපනයේ මට්ටමට සමගාමී ව මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය ද නගා සිටු වීමේ අරමුණින් තොරතුරු තාක්ෂණය හා කෘත්‍රීම බුද්ධිය යන විෂයන් 2024 වර්ෂයේ සිට 6-9 දක්වා සහ 10-13 දක්වා ශ්‍රේණිවල සිසුන්ට ඉගැන්වීම ආරම්භ කරන බවත් එහි නියමු ව්‍යාපෘතිය ජුනි මස අග දී තෝරාගත් පාසල් 20 ක ක්‍රියාත්මක කරන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

Read More

ජාතික පොලිස් කොමිෂම පත්කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළ බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා එහි සභාපති ලෙස පත්කර තිබේ.

Read More

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක හා ශ්‍රී කළ්‍යාණවංශ මහා නිකායේ මහානායක ධූරන්ධර , රාජගිරිය කලපළුවාව ශ්‍රී ගෝතම තපෝවනය හා තදීය ශාඛාවන් හා ප්‍රධා‍න අනුශාසක, කම්මට්ඨානාචාර්ය, ශ්‍රීකල්‍යාණවංශාවතංස,අමරපුර ගණපාමොක්ඛාචරිය, අභිධජ මහා රට්ඨගුරු, අග්ගමහා පණ්ඩිත, අතිපූජණීය දොඩම්පහල ශ්‍රී චන්දසිරි අභිධාන අස්මද් උපාධ්‍යාචාර්ය උත්තරීතර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ශ්‍රි ජයවර්ධන පුර රෝහලයේ දි අද 2023.05.16 දින අපවත් වි වදාළහ.

Read More

හිඟුරක්ගොඩ හා පොලොන්නරුව දුම්රිය ස්ථාන අතර සැතපුම් 156 දම්වැල් 08 දරණ ස්ථානයේ පිහිටි ගල්වල පාරේ දුම්රිය හරස් මාර්ගය දුම්රිය දෙපාර්තමේන්තුව මගින් 2023 මැයි 20 හා 21 වැනි දිනවල අළුත්වැඩියා කරනු ලබන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

පාර්ලිමේන්තුවේ නව මහලේකම් ලෙස කේ.ඒ. රෝහණධීර මහත්මිය පත්කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ.

Read More

වත්මන් ආණ්ඩුව වෙනස් කිරීමට ජාවාරම් කරුවන්ට අවශ්‍යවී තිබෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

යූරියා පොහොර මෙට්‍රික් ටොන් 25,000ක් ආනයනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Read More

කතරගම, ලුණුගම්වෙහෙර ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූකම්පනයක් සිදුව තිබේ. භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශය සඳහන් කළේ, රික්ටර් පරිමාණ 2.5ක ප්‍රබලත්වයෙන් යුත් සුළු භූ කම්පනයක් මෙලෙස සිදුව ඇති බවය.

Read More

දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා ගීතය ජාතික උරුමයක් බවට පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Read More

වි‌දෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට විද්‍යුත් වාහන ආනයනයට බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමය තවත් වසරකින් දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Read More

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුල කඩින් කඩ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් පහල බැස තිබු කාසල්රි ජලාශයේ ජල මට්ටම අඩි 15 කින් ඉහල ගොස් ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පැවසිය.

Read More

ඉන්දියාවේ සිට ලංකාවේ උතුරු මුහුදු සීමාවවට එවීමට සූදානම් කර තිබූ කේරල ගංජා කිලෝ 2090 ක් සමග පුද්ගලයින් 6 දෙනෙකු සහ වාහන දෙකක්ද ඊයේ (15) දින අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දියාවේ කීරෙයිතුරෙයි පොලිසිය පවසා සිටියි.

Read More

2023 යල කන්නයේ වී අස්වනු ලැබෙන තෙක් සත්ව ආහාර සඳහා දැනට පවතින සහල් තොග යොදා ගැනීමට නිර්දේශ ලබා නොදෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (15) නිලධාරින්ට උපදෙස් දුන්නේය.

Read More

කුවේට් රාජ්‍යයේ රැකියා සදහා ගොස් එරට නීතිරීති උල්ලංඝනය කරමින් අනීතිකව එරට රැදී සිටි ශ්‍රී ලාංකික කාන්තාවන් 32 දෙනෙකු අද අලුයම එරටින් පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් මෙරටට දී තිබෙන තිත්ත බෙහෙත් බිව්වද 2019 වසරේ තිබු තත්වයට මෙරට පත්වීමට 2028 දක්වා කාලයක් ගත විය හැකි බවත් එම කාලය තුළ මහා සංඝරත්නය ඇතුළු මෙරට ඉපදීමට සිටින දරුවන් පවා සෑම වසරකම රුපියල් 350,000 ක මුදලක් අහිමි කර ගන්නා බවද පැවසීය .

Read More

මගී ජනතාවට වැඩි පහසුකම් සහිත ප්‍රවාහන සේවාවක් ලබා දීම වෙනුවෙන් විෂය භාර අමාත්‍යවරයා ලෙස කවුරු කැමති වුනත් අකමැති වුනත් ප්‍රවාහන ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට ලක් කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

Read More

දිස්ත්‍රික් සංවර්ධන සළැස්මක් ඉදිරිපත් කරන ලෙස උපදෙස් දි මාස තුනක් ඉක්ම ඇතත් ඒ පිළිබඳ දළ සැලැස්මක් හෝ ඉදිරිපත් කිරීමට දිස්ත්‍රික් ලේකම්වරු කටයුතු කර නැතැයි කී අග්‍රාමාත්‍යවරයා යුහුසුළුව හා කඩිනමින් එම සැලසුම ඉදිරිපත් කරන්නැයි අවධාරණය කළේය.

Read More

පළාත් තුනක ‌ආණ්ඩුකාරවරුන් එම ධුරයන්ගෙන් ඉවත් කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.