අද දිනයේදී උතුරු, උතුරු - මැද හා නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට හා මොණරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතියැයි අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමන් කරමින් පවසයි.
රුපියල් හාර කෝටි තිස් ලක්ෂයක් ( රුපියල් මිලියන 43 ක් ) වටිනා රත්තරන් තොගයක් සිය ගමන් මලු තුළ සගවා ගෙන ඩුබායි සිට මෙරටට පැමිණි ව්‍යාපාරිකයෙකු ඊයේ (18දා) කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා පැවසීය .
Read Moreසිංගප්පූරුවේ මහල් නිවාසයකින් වැටී මියගිය ශ්‍රී ලංකික ගෘහ සේවිකාව පිළිබඳ කඩිනම් විමර්ශනයක් සිදු කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට උපදෙස් ලබා දුන් බව එම කාර්යාංශයේ සභාපති ඒ ඒ එම් හිල්මි අසීස් මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ යුද ගැටුම් පැවති සමයේ ජන සංහාරයක් සිදුවූ බවට කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ මහතා 2023 මැයි 18 වැනි දින සිදු කළ සාවද්‍ය ප්‍රකාශය විදේශ කටයුතු අමාත්‍යංශය තරයේ ප්‍රතික්ෂේප කරයි.
Read More2023 මැයි මාසය වන විට දකුණු කොරියානු රැකියා සඳහා ලාංකික ශ්‍රමිකයින් 2726 දෙනෙකු මෙරටින් පිටත්ව ගොස් ඇත. 2022 වසරේ අග සහ මෙම වසරේ මුල් මාස කිපය තුළදී මෙරටට එවන ලද රැකියා ගිවිසුම් අනුව තරුණයින් 2694 දෙනෙකු සහ තරුණීයන් 32 දෙදෙනෙකු එසේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති අතර ඔවුහු නිෂ්පාදන, ධීවර සහ ඉදිකිරීම් යන රැකියා ක්ෂේත්රවලට අයත් වෙති.
Read Moreලබන වර්ෂය මැතිවරණ වැස්සක් වහින වර්ෂයක් යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
Read Moreසතොස සේවකයන් දේශපාලන වැඩට යෙදවීමේ චෝදනා යටතේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට ඇතුළු තිදෙනෙකුට පවරා තිබූ නඩුවෙන් ඔවුන්ව නිදහස් කිරීමට මහාධිකරණ විනිසුරු නාමල් බලල්ල මහතා නියෝග කළේය.
Read Moreකූඨ ලෙස සකස් කළ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයකින් ශ්‍රී ලංකාවට ඇතුළු වීමට තැත් කළ චීන ජාතිකයෙකු 05/19 දින අලුයම අත් අඩංගුවට ගෙන ආපසු ඩුබායි වෙත යැවීමට ආගමන විගමන නිලධාරීන් විසින් පියවර ගැනීමේ දී , මෙම චීන ජාතිකයා සහ ඔහුගේ මිතුරන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය තුළ කළහකාරී ලෙස හැසිරෙමින් , දැඩි ලෙස බාධා කර තිබේ .
Read Moreශ්‍රී ලංකාවේ ගුවන් සේවා ආරක්ෂාව ඉතා උසස් මට්ටමකින් පවත්වා ගෙන යාමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවත් ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ගුවන් සේවා කර්මාන්තය මෙන්ම ශ්‍රී ලංකාවට අයත් ගුවන් කළාපය ද වඩාත් ආරක්ෂිත බවත් ඊයේ (18දා) අවසන් වූ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය ( International Civil Aviation Organization - I.C.A.O. ) විසින් පවත්වන ලද ගුවන් සේවා ආරක්ෂාව පිළිබඳ ජාත්‍යන්තර විගනනයේ දී තහවුරු වී තිබේ.
Read Moreදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ එළැඹෙන සැප්තැම්බර් මාසය වන විට සාර්ථකව අවසන් කර ගැනිමට හැකිවෙනු ඇතැයි ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමග ඊයේ පැවැති හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
Read Moreරටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමෙන් පසුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉල්ලා සිටින මූල්‍ය සහනයන් ඇතුළු වරප්‍රසාද පිළිබඳ සලකා බැලීමට රජයට හැකි වනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
Read Moreඇදුම රෝගය හේතුවෙන් වාර්ෂිකව ලොව පුරා පුද්ගලයන් ලක්ෂ පහක් පමණ මරණයට පත්වන බවත් මෙම රෝගය ලොව පුරා ප්‍රචලිත වීමට හේතු වී ඇත්තේ වායු දූෂණය දේශගුණ විපර්යාස ඇතුළු කරුණු ගණනාවක් හේතුවෙන් බව මහනුවර ජාතික රෝහලේ ස්වසන රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය දුශ්‍යන්ත මැදගෙදර මහතා පවසයි.
Read Moreඩෙංගු රෝගී තත්ත්වය සඳහාපැරසිටමෝල්වලටඅමතරව NSAID (Non Steroidal Anti Inflammatory Drugs - ස්ටෙරොයිඩ් නොවන ප්‍රති-ප්රදාහඖෂධ) කාණ්ඩයටඅයත් වේදනා නාශක භාවිතකිරීම මරණ ඇතිවීමට හේතුවක් ලෙස සැකකරන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
Read Moreකැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපට පැවැත්වූ විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් 8 දෙනෙකු අද මහර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි.
Read Moreජුලි මස 01 වැනිදින සිට විදුලි බිල සංශෝධනයට අදාළ යෝජනාවෙහි විදුලිබල මණ්ඩලය සඳහන් කර තිබෙන්නේ 3% ක අඩු වීමක් බවත්, මෙම ප්‍රතිශතය සකස් කර තිබෙන්නේ වැරදි දත්තමත බවත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරයි.
Read Moreජාතික රණවිරු සැමරුම් උත්සවය අද (19දා) බත්තරමුල්ලේ පිහිටි රණවිරු ස්මාරකය අසලදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
Read Moreජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය යළි ගොඩගැනීමට අවසර දෙන්නැයි පංච පුද්ගල විනිසුරු මඩුල්ල කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මියගෙන් ඊයේ (18) අවසර ඉල්ලීය.
Read Moreමෘදුකාංග ඉංජිනේරුවරයෙකුට අයත් රුපියල් ලක්ෂ 300 ක් පමණ වටිනා ලෑන්ඩ් කෘෘෂර් වි එයිට් වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථයක් රුපියල් ලක්ෂ 30කට උකස් තැබූ නුගේගොඩ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි. එම ජීප් රථය ද පොලිස් භාරයට ගෙන ඇත.
Read Moreමධ්‍යම ආසියා සමුළුව අද (18දා) චීනයේ ෂියෑන් හි දී ආරම්භ විය. මෙය චීනයේ පැවැත්වෙන පළමු වතාව වන අතර මේ සඳහා මධ්‍යම ආසියානු රටවල් 5ක නායකයින් සහභාගි වී සිටියි. සමුළුව ආරම්භ කරමින් චීන වේලාවෙන් සවස 7.30ට සමාරම්භක උත්සවය ආරම්භ විය. මෙම අවස්ථාව සඳහා චීනයේ ජනාධිපති ෂී ජිංපිං මහතා සහ මධ්‍යම ආසියානු රටවල ජනාධිපතිවරුන් සහභාගි විය.
Read Moreරුපියල් දහසය කෝටි හතලිස් ලක්ෂයක් වටිනා මෙරටට ආනයනය කිරීම සීමා කර ඇති වාෂ්ප දුම්වැටි තොගයක් අද (18දා) කොළඹ වරාය ග්‍රේ ලයින් පර්යන්තයේ දී ශ්‍රී ලංකා රේගුවේ වරාය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකා යුද්ධ හමුදාව ප්‍රතිව්‍යුහගත කිරීම හේතුවෙන් 4 වන ස්වෙච්ඡා යුද්ධ හමුදා කාන්තා බළකාය සේවා අවශ්‍යතාවය මත මැදවච්චිය ප්‍ර දේශයේ ස්ථානගත කළත් ප්‍රා දේශීයව ඉඳුරාම බදවා ගන්නා ලද එම හමුදාගත සෙබළියන් ඔවුන් මෙතෙක් රාජකරී කටයුතු කරනු ලැබූ සේවා ප්‍ර දේශ තුළින් ස්ථාන මාරු කිරීම සඳහා කිසිඳු සැලැස්මක් නොමැති බව හා ඔවුන්ගේ නිවාස ආසන්නයේ පිහිටි කඳවුරු වෙත එම ස්ථානමාරුවීම් ඉදිරියේදී සිදු කෙරුනු ඇති බව යුද හමුදාව නිවේදනය කරයි.
Read Moreඅපි පැහැදිලිව රනිල් ට කියනවා අපි තමුන්නාන්සේ ජනාධිපති කලේ එක්සත් ජාතික පක්ෂය ගොඩ නගන්න නොවෙයි රටේ ආර්ථිකය ගොඩනගන්න. මේ කරන්නේ රටත් විනාශ කරලා පොහොට්ටුවක් විනාශ කරන වැඩපිළිවෙළකට කියන එක මම පැහැදිලිව කියනවා’’
Read Moreලබන වසරේ දී සාමාන්‍ය පෙළ හා උසස් පෙළ යන විභාග දෙක ම එක ම වසරක් තුළ පැවැත්විය හැකි පරිදි අධ්‍යයන කටයුතු ක්රමානුකූල ව සාමාන්‍ය තත්වයට ගෙන එමින් විභාග කාලසටහන යාවත්කාලීන කරන බවත් විද්‍යාපීඨ ගුරුවරුන් 7800කට ජූනි 15 දින නව පත්වීම් ලබා දෙමින් ජාතික හා පළාත් පාසල්වල ගුරු හිඟය පියවීමට පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
Read Moreකටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ අලුතෙන් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති ’’ පික් - මී ’’ සහ ’’ ඌබර් ’’ කුළී රථ සේවාවන් පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ කුළී රථ සංගම් වල රියැදුරුවරුන් සිය විරෝධතාව 05/18 දින පස්වරුවේ පළ කර සිටියහ.
Read Moreකථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී ලබන පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය කිරීම සිදුවිය.
Read Moreරට පුරා වාර්තා වෙමින් පවතින විවිධ අපචාර සිද්ධීන් සැලකිල්ලට ගනිමින් කුරුණෑගල නගරයට පැමිණෙන ලාබාල පෙම්වතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම ඇතුළු ක්‍රියාමාර්ග රැසක් ගැනීමට වයඹ පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා පියවර ගෙන ඇත.
Read Moreශ්‍රී ලංකාවේ පක්ෂ නායකයන් අතරින ධනාත්මක ශ්‍රේණිගත කිරිමක් ඇති එකම පක්ෂ නායකයා බවට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පත්ව තිබේ.
Read Moreසේවා තුනක් අත්‍යවශ්‍ය බවට ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
Read Moreඅනුබද්ධ විශ්වවිද්‍යාල සහ ඒවායේ පාඨමාලා සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලබා දීමේදී එය විවිධ අලෙවිකරණ අරමුණු සඳහා අනිසි ලෙස භාවිත නොකිරීමට සහ එය උපාධි ප්රදානය කරන විශ්වවිද්‍යාලයට පමණක් ලබා දීමට දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවට ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවධානය යොමු විය.
Read Moreනීතිවිරෝධී සංක්‍රමණ වැළැක්වීම සඳහා ‘ආරක්ෂිත සංක්‍රමණ ප්‍රවර්ධන ඒකකයක්’ (Safe Migration Promotion Unit) මාස තුනක නියමු වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කරන ලෙස ස්ත්‍රී-පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් අදාළ පාර්ශ්වවලට උපදෙස් ලබා දෙන ලදී.
Read More