කිරි ආහාර ආනයනට ඩොලර් මිලියන 221ක් වැය කරලා
මෙම වර්ෂයේ 2023 ජනවාරි 01 සිට සැප්තැම්බර් 30 දක්වා වූ කාලසීමාව තුළදී කිරි ආශ්රිත නිෂ්පාදන ආනයනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 221.4ක මුදලක් වැය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් (දෙසැම්බර් 08) දින නිකුත් කර ඇති මහ බැංකු වාර්තාවක සඳහන් වේ.
ඉකුත් 2022 වර්ෂයේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලසීමාවේදී කිරි ආශ්රිත නිෂ්පාදන ආනයනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 184.1ක මුදලක් වැය කර තිබුණි. මෙම වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී පමණක් කිරි ආශ්රිත නිෂ්පාදන ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 15ක මුදලක් වැය කර ඇති බව මහ බැංකු වාර්තාවේ සඳහන් වේ.
මෙරට කිරි අවශ්‍යතාවයෙන් 48%ක් දේශීය නිෂ්පාදනයෙන් සපුරා ගනු ලබන අතර, මෑතකාලීන දත්තවලට අනුව ශ්‍රී ලංකාව බිලියන 63.1ක පමණ මුදලක් වැය කරමින් කිරි ආශ්රිත නිෂ්පාදන මෙට්‍රික්ටොන් 88,482ක් ආනයනය කරනු ලබන බවද මුදල් අමාත්‍යාංශය විසින් පෙන්වා දෙයි.
චන්දන සමරවික්‍රම
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

