බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාව ඉදිරිපිට බෞද්ධාලෝක මාවත මාර්ගය හරහා ඉදිකරන ලද විශාල තොරණක් අද (10) වර්ෂාවත් සමග හැමු තද සුළගින් කඩා වැටුණු බව කුරුඳුවත්ත පොලිසිය කියයි.
මෙයින් කිසිවෙකුටත් තුවාල සිදු නොවු අතර වාහන වලටද අලාභ නොවීය. මේ හේතුවෙන් බොරැල්ලේ සිට එම මාර්ගය හරහා තුන්මුල්ල දක්වා ධාවනය වන වාහන වලට දැඩි බාධාවක් සිදුවූ අතර ඉරිදා දිනයක් වූ බැවින් සිදුවීමට තිබූ විශාල අනතුරක් වැළකුණු බව රථවාහන පොලිසියේ නිලධාරීන් පැවසූහ.
පොලිස් නිලධාරීන් වහා මැදිහත්ව දැඩි වර්ෂාව ද නොතකමින් කඩා වැටුණු තොරණ එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගනු ලැබූ බව පොලිසිය සඳහන් කරයි.
කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ආලෝක බණ්ඩාර සේනානායක මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.



