විදුලිය නොමැතිව දේහයක් පැය දෙකක් ආදාහනාගාරයේ
විදුලි බලය විසන්ධි වීම නිසා අවසන් කටයුතු සිදු කිරීම සදහා මාතර කනත්තගොඩ ආදාහනාගාරයට රැගෙන ආ දේහයක් ආදාහනාගාරය තුල තබා ගෙන පැය දෙකකට වැඩි කාලයක් ඝන අදුරේ සිටීමට ඊයේ (09) රාත්රි මාතර තෙලිජ්ජවිල ප්රදේශයේ පිරිසකට සිදු විය.
රුපියල් දස දහසක මුදලක් මාතර ප්රාදේශීය සභාවට ගෙවා ඔවුන් සවස 5.45 වේලාවට ආදාහනාගාරය කල් ඇතිව වෙන් කර ගෙන තිබුණි.
මිය ගිය පුද්ගලයාගේ දේහය ද රැගෙන පවුල් වල ඥාතින් 100 කට ආසන්න පිරීසක් සවස 5.30 පමණ වන වීට කනත්තගොඩ ආදාහනාගාරයට පැමිණ තිබු අතර දේහය ආදාහනය කිරීමට සූදානම් වනවාත් සමගම රට පුරා විදුලි බලය විසන්ධි විය.
ඉන් පසුව අදාහනාගරයේ ජෙනරේටරය ක්රියාත්මක කිරීමට සේවකයින් උත්සාහ කර තීබු අතර එහි බැටරිය දෝෂයක් හේතුවෙන් එම උත්සාහය අසාර්ථක වී තිබුණි.
පසුව එතැන සිටි පිරිස ඝන අදුරේ දේහය තබා ගෙන අදාහනාගාරයට වී සිටි අතර ඔවුන් සිය විරෝධය ද පල කර දක්වන ලදි.
රාත්රි 7.30 ට පමණ මාතර ප්රාදේශීය සභාවේ කැබ් රථයක් පැමීණ එම රථයේ බැටරිය ජෙනරේටරයට සම්බන්ධ කොට ආදාහනාගාරය ක්රියා කාරී මට්ටමට ගෙන තිබුණි. ඉන් පසුව දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කර ඥාතින් සිය නිවෙස් වෙත පිටත්ව ගියේය.
මාතර ක්රිෂාන් ජීවක

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

