නාවික හමුදාවේ 73 වන සංවත්සරයට සමගාමීව ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන් 1,877දෙනෙකුට උසස්වීම් ලබා දී තිබේ.
පෙරේදා (09දා) දිනට යෙදි තිබූ 73වන සංවත්සරයට සමගාමීව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ නිර්දේශය මත මෙම පිරිස 09 වන දින සිට බලපැවැත්වෙන ලෙස ආසන්න උසස් වීමට උසස් කර ඇත.
ඒ අනුව සාමාන්‍ය නැවි තරාතිරම දක්වා නාවිකයන් 489ක්ද, බල නැවි තරාතිරම දක්වා නාවිකයන් 264ක්ද, නායක නැවි තරාතිරම දක්වා නාවිකයන් 625ක් සහ ප්‍රධාන සුළු නිලධාරී තරාතිරම දක්වා නාවිකයන් 499ක් වශයෙන් උසස් කර තිබේ.
73 වන සංවත්සරය වෙනුවෙන් නාවික සම්ප්‍රදායන් සහ ආගමික කටයුතු සඳහා මුල්තැනක් දෙමින් සැමරුම් වැඩසටහන් රැසක්ද සිදුකළ බව නාවික හමුදා මූලස්ථානය සඳහන් කරයි.