saravita-anim2

2026 මාර්තු මස 16 වන සඳුදා

2026 මාර්තු මස 16 වන සඳුදා

International - timelapse 7589 hours ago

LATEST

G7න් දුගී රටවලට කොවිඩ් එන්නත් මාත්‍රා බිලියනයක්

calendar_today 2021 ජුනි 11 - 07:02 remove_red_eye - 518  

සමහර කණ්ඩායම් මෙම සැලැස්ම මුහුදේ හෙළීමක් වැනි ක්‍රියාවක් හෙවත්, වැඩි බලපෑමක් හෝ වැදගත් වෙනසක් කිරීමට ප්‍රමාණවත් මාත්‍රා ප්‍රමාණයක් නොවන බවට හෙළා දැක තිබෙන්නේ, ඇස්තමේන්තු කර ඇති ආකාරයට අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවලට නොමිලේ එන්නත් මාත්‍රාවන් බෙදාහරින COVAX මත පමණක් බිලියන 4කට ආසන්න ජනතාවක් යැපෙන නිසාය.

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 174,729,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

මානව හිමිකම්වලට ගරු කරන ලෙස පූටින්ට බලපෑම් කිරීමට තමා කටයුතු කරන බව බයිඩන් පවසද්දී, කිසිදු ඉදිරි ගමනක් අපේක්ෂා නොකළද සාකච්ඡා ධනාත්මක වාතාවරණයක් තුළ පැවැත්වෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව පූටින් පවසා තිබේ.

Read More

අප්‍රේල් සහ මැයි මාසවල විනාශකාරී දෙවැනි කොරෝනා රැල්ල අතරතුර ඉන්දියානු රෝහල් ඇඳන් හා ජීවිතාරක්ෂක ඔක්සිජන් නොමැතිව දැඩි පීඩාවකට ලක්වූ අතර, රෝහල්වලින් පිටත හා නිවෙස්වල, වාහන අංගන තුළ මිනිසුන් මිය ගියේය.

Read More

’’මම හිතන්නේ මැක්‍රොන් අපේ රටේ දිරාපත්වීම ඉතා පිළිවෙලට නියෝජනය කරනවා’’ ප්‍රංශ ජනාධිපති මැක්‍රොන්ට කම්මුල් පහරක් එල්ල කර අත්අඩංගුවේ පසුවන 28 හැවිරිදි ඩේමියන් ටැරල් අධිකරණය හමුවේ පාපොච්චාරණය කරයි.

Read More

මේ තත්ත්වයත් සමග නිව් සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ත බලධාරීන් සමීප සම්බන්ධතා සොයා ගැනීමට සහ වෛරසයේ උණුසුම් ස්ථාන සොයා ගැනීමට යුහුසුළු වෙමින් සිටින අතරම, කොවිඩ්-19 සමග ප්‍රාන්ත අතර සංචරණ සීමා උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මෙම කාන්තාවට හා ඇගේ ස්වාමි පුරුෂයාට අපරාධ චෝදනා එල්ල විය හැකි බව කියයි.

Read More

එඩින්බරෝ ආදිපාදවරයා වූ පිලිප් කුමරු පසුගිය අප්‍රියෙල් 09දා සිය දිවි ගමනට සමුදුන් අතර, ඒ වනවිට දැන් 95 වැනි වියෙහි පසුවන රැජින ඔහු සමග දශක හතකට අධික කාලයක් විවිහ දිවිය ගතකර තිබුණි. එඩින්බරෝ අදිපාදවරයාගේ 100 වැනි ජන්ම දිනය හා මේ රෝස මල් බැඳී පවතී.

Read More

පසුගිය ගිම්හානයේදී දැන්වීම්කරුවන් දහසකට වැඩි පිරිසක් ෆේස්බුක් වේදිකාව තුළ වෛරී කථාවට එරෙහිව සටන් කිරීමට ප්‍රමාණවත් ශක්තියක් නොවන බවට ෆේස්බුක් වර්ජනය කිරීමකට සූදානම් වනවිට ඇය සමාගම වෙනුවෙන් අදහස් දැක්වූ ප්‍රධාන ප්‍රකාශිකාවකද විය.

Read More

සංවර්ධිත රටවල්, විශාල ඖෂධ සමාගම්වල නිවහනක් වන අතර, ඔවුන් තර්ක කරන්නේ පේටන්ට් අයිතීන් අත්හැර දැමීම නිෂ්පාදනය ඉහළ නංවන්නේ නැති බවත්, එන්නත් හා චිකිත්සාව පිළිබඳ අනාගත පර්යේෂණ හා සංවර්ධනය අඩපණ කළ හැකි බවත්ය.

Read More

WeChat සහ TikTok යන ජංගම දුරකථන යෙදුම් හි නව ඩවුන්ලෝඩ් කිරීම් තහනම් කිරීමට උත්සාහ කළ හිටපු ඇමෙරිකානු ජනපති ට්‍රම්ප්ගේ විධායක නියෝග මාලාවක් ජනාධිපති ජෝ බයිඩන් විසින් ඉල්ලා අස් කරගෙන තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 174,306,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ලොක්ඩවුන් සීමා ඉවත් කළත්, වික්ටෝරියා ප්‍රාන්තයේ සහ රට පුරා පුළුල් ලෙස එන්නත් ලබා ගන්නා තුරු වෛරසය තවමත් අප අවට සිටිය හැකි නිසා අවධානයෙන් පසුවීම වැදගත් බව ප්‍රාන්තයේ මහ ඇමතිවරයා අවධාරණය කරයි.

Read More

ඉන්දියාව තුළ දෛනික ආසාදන අඩු වෙමින් තිබුණද, ඉන්දියාවේ එන්නත්කරණ වේගය අඩාල වුවහොත් ඔවුන්ට වසර අවසානයේදී තෙවැනි රැල්ලකට මුහුණදීමට සිදුවිය හැකි බවට අනතුරු ඇඟවී තිබේ.

Read More

ලොව වේගවත්ම එන්නත්කරණයක් ළඟා කරගෙන ඇති රට බවට චීනය පත් වනවිට, චීනයට පසුව වැඩිම එන්නත්කරණයක් සිදුකර ඇති ඇමෙරිකාවේ මේ වනවිට ලබාදී ඇති සමස්ත මාත්‍රාවන් සංඛ්‍යාව මිලියන 300ක් පමණි.

Read More

නිවේදනයක් නිකුත් කරමින් ගුටරෙස් පවසා සිටියේ, ’’සභාවේ සාමාජිකයින් මා කෙරෙහි තබා ඇති විශ්වාසය පිළිබඳව මම ඔවුන්ට කෘතඥ වෙනවා’’ යනුවෙනි. ’’දෙවැනි වරමක වගකීම් මහා සභාව විසින් මට භාර දුන්නොත් මම අතිශයින් නිහතමානීව ඒ වගකීම භාරගන්නවා.’’

Read More

ළමයින්ට සහ තරුණයින්ට එන්නත් කිරීම ප්‍රජා ප්‍රතිශක්තිය කරා ළඟාවීමේ සහ කොවිඩ්-19 වසංගතය පාලනය කිරීමේ තීරණාත්මක පියවරක් ලෙස සැලකෙයි.

Read More

ඇමසොන් නිර්මාතෘ ජෙෆ් බෙසොස් සහ ටෙස්ලා නිර්මාතෘ එලොන් මස්ක් ඇතුළු ප්‍රකෝටිපතියන් වසර ගණනාවක් ෆෙඩරල් ආදායම් බදු නොගෙවූ බව මාධ්‍ය ආයතනයක් නවතම හෙළිදරව්වක් කළ විට, ධවල මන්දිර මාධ්‍ය ලේකම් ජෙන් සාකි පැවසුවේ අතිශය රහස්‍ය රජයේ තොරතුරු අනවසරයෙන් හෙළිදරව් කිරීමද නීති විරෝධී ක්‍රියාවක් බවයි.

Read More

වයස අවුරුදු 3ත් 17ත් අතර දරුවන් සඳහා චීනය සිය කොවිඩ්-19 එන්නත් හදිසි භාවිතය පුළුල් කර ඇති බවත්, එම වයස් කාණ්ඩ සඳහා එන්නත්වල ආරක්ෂාව සහ ඵලදායීතාව විශේෂඥයන් විසින් තහවුරු කර ඇති බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 173,886,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් කොවිඩ්-19 වසංගතය සමග එරට ජනජීවිතය යථාතත්ත්වයට පත්වන ආකාරය නිරීක්ෂණය සඳහා ගිණිකොණදිග ප්‍රංශයේ ඩ්‍රෝම් ප්‍රදේශයේ පා ගමනින් සිදුකළ සංචාරයකදී එහි රැඳී සිටි ප්‍රංශ වැසියෙකු ජනාධිපතිවරයාට වැරෙන් කම්මුල් පහරක් එල්ල කර තිබේ.

Read More

විශේෂඥයන් අවධාරණය කර ඇත්තේ මෙම ප්‍රකෘතිමත් වීම වෛරසයේ විකෘතිතාවන් සමග යළි අඩපණ වීමේ අවදානමක් පවතින නිසා එන්නත්කරණය වඩාත් කඩිනම් කළ යුතු බවයි. මේ තත්ත්වය තුළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් අවුරුදු 18ට වැඩි සියලුම පුද්ගලයින් සඳහා නොමිලේ එන්නත ලබාදීම ප්‍රකාශයට පත් කරන ඇත.

Read More

ලොව කොවිඩ්-19 වෛරස වසංගතය වඩාත් ප්‍රශස්ත අයුරින්ම පාලනය කළ රාජ්‍යය ලෙස නවසීලන්තයට කීර්තියක් අත්කර දුන් එරට අගමැතිනී ජසින්ඩා ආර්ඩෙන් පළමු වැනි එන්නත් මාත්‍රාව ලබන සතිය අවසානයේදී ලබාගැනීමට සූදානමින් සිටින බව කියයි.

Read More

වික්ටෝරියා ප්‍රාන්තයේ වැඩබලන මහ ඇමති ජේම්ස් මර්ලිනෝ මෙල්බර්න් හි මාධ්‍යවේදීන් අමතමින්, ’’අපට කිසිවිටෙකත් නව ආසාදිතයන් දැකීමට අවශ්‍ය නැහැ. පවතින ආසාදිතයන් සමග පැහැදිලි සම්බන්ධතා ඇති සිද්ධීන් නැවත අපට දැකගන්නට ලැබෙන්න පුළුවන්.’’ යනුවෙනි.

Read More

FaceTime හි වීඩියෝ ඇමතුම් යාවත්කාලීන කිරීම් සහ Apple Wallet හි ඩිජිටල් යතුරු ඇතුළුව ලෝකය වසංගතයෙන් මිදීමට පටන් ගන්නා විට පැමිණෙන නව ජීවිතය වෙනුවෙන් වූ නැවුම් විශේෂාංග සමග ඇපල් සමාගම සිය වාර්ෂික ගෝලීය සංවර්ධක සමුළුවේදී iOS 15 එළිදක්වයි.

Read More

කැනේඩියානු මුස්ලිම් පවුලක සාමාජිකයන් සිව්දෙනෙකු පසුගියදා පිකප් ට්‍රක් රථයකින් හඹා ගොස් යට කරගෙන යෑම එරට ඉස්ලාමීය විරෝධී වෛරී අපරාධයක් බව කැනේඩියානු පොලීසිය පවසයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පැවසුවේ ලෝකයේ පළමු වැනි කොවිඩ්-19 මර්දන එන්නත ලබා දී මාස 6ක් ගතවී ඇතත්, ඉහළ ආදායම් ලබන රටවල් පමණක් එන්නත් මාත්‍රාවන්ගෙන් 44%කට ආසන්න ප්‍රමාණයක් ලබා දී ඇති බවයි. එහිදී අඩු ආදායම්ලාභී රටවල් පරිපාලනය කර ඇත්තේ එන්නත් මාත්‍රා 0.4%ක් පමණක් බවත්, මේ සංඛ්‍යාලේඛනයේ වඩාත්ම කනගාටුදායක දෙය නම්, එය මාස කිහිපයක් තුළද වෙනස් නොවීම බවද ටෙඩ්‍රොස් කීය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 173,533,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

අන්තර්ජාල වෙළෙඳ පොළෙහි ආධිපත්‍යය අනිසි ලෙස භාවිත කරන බවට ගූගල් සමාගමට චෝදනා කළ ප්‍රංශයේ නියාමකයන් විසින් ඉල්ලා සිටි විසඳුමක කොටසක් ලෙස, දළ වශයෙන් ඇ.ඩො.මිලියන 270ක දඩ මුදලක් ගෙවීමටත්, ඇතැම් ව්‍යාපාරික භාවිතයන් වෙනස් කිරීමටත් ගූගල් සමාගම එකඟ වී තිබේ.

Read More

ඇමසෝන් සමාගමේ ප්‍රධාන විධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට ජෙෆ් බෙසෝස් සැලසුම් කර සති කිහිපයකට පසුව, එනම් එලැඹෙන ජූලි මස 20දා මෙම අභ්‍යවකාශ ගමනට දින යෙදී තිබේ. මෙම දිනය ඇපලෝ 11 සඳ මත ගොඩබෑමේ 52 වැනි සංවත්සරයද සනිටුහන් කරයි.

Read More

බැංකොක් නුවර එන්නත්කරණය කළ රියදුරෙකු ධාවනය කළ ටැක්සි රථයට ගොඩවූ මගියෙකු වන කැනොක්වාන් සත්තවොං පැවසුවේ, ’’රියදුරන්ට සම්පූර්ණයෙන්ම එන්නත ලබාදුන් විට මෙවැනි ප්‍රවාහන මාධ්‍යයන් සඳහා වැඩි ආරක්ෂාවක් දැනෙනවා. ඒ සමගම මගීන් වශයෙන් අපටද එහි ගමන් කිරීමට වැඩි විශ්වාසයක් ඇති කරනවා.’’ යනුවෙනි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.