ඇමෙරිකානු කොවිඩ් මරණ 600,000ක සන්ධිස්ථානයක
කොවිඩ්-19 වෛරසය ඇමෙරිකා එක්සත් ජනපදයට දැන් මව්වරුන්, පියවරුන්, දරුවන්, සහෝදර සහෝදරියන් සහ මිතුරන් 600,000ක් අහිමි වී ඇත. මරණ, රෝගීන් මෙන්ම, ඒ හා බැඳුණු ශෝකය අඛණ්ඩව පවතින බව වේදනාකාරී මතක් කිරීමකි. රට වසංගතයෙන් යම් තරමකට මිදෙමින් සිටියද, මේ වනවිට එරට සමස්ත මරණ සංඛ්‍යාව ලක්ෂ 600,000ක සන්ධිස්ථානයට පැමිණ ඇත.
වසංගතය වෙනුවෙන් පනවා තිබූ ඇතැම් සීමා ඉවත් වෙමින් විවාහ දිවියට එලැඹීමට නොහැකි වූවන් දැන් ඔවුන්ගේ විවාහයන්ට සූදානම් වුවත්, තවමත් එරට විවාහ උත්සවයක් පැවැත්වීමට නම් සහභාගී වන අමුත්තන් තමන් එන්නත ලබාගත් බවට සහතික විය යුතුය.
තවත් අය අවන්හල් හෝ බාර් තුළ නැත්නම් සිනමා ශෘලා තුළ විනෝද වීමට ගියත්, තම ප්‍රජාවේ වසංගතය විසින් අහිමි කළ මිනිසුන්ගේ රූප එකතුවක් නිර්මාණය කරන හූස්ටන් චිත්‍ර ශිල්පිනියක තවමත් සිටින්නේ ශෝකයෙනි.
එක්සත් ජනපදය අද (14දා) කොවිඩ්-19 මරණ 600,000ක් පසු කර ඇති අතර, එය ලෝකයේ සමස්ත කොරෝනා වෛරස් මරණ මිලියන 3.8ක පමණ ප්රමණායෙන් 15%ක අගයකි.
මේ වනවිට ඇමෙරිකානුවන් වැඩි දෙනෙකුට එන්නත ලබා දී ඇති හෙයින් දරුණු රෝගාබාධ හා මරණ අනුපාතය ක්රමානුකූල ලෙස පහත වැටී ඇති අතර, එම රෝගයෙන් පීඩා විඳි මිලියන ගණනකගේ ජීවිත පීඩාවට පත් කරන මානසික කම්පනය තවමත් තුනී කර නැත.
"අපි හැමෝම මේ භයානක කාලය තුළ ජීවත් වී තිබෙනවා. අප සැවොම එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් පීඩාවට පත්ව සිටිනවා" කොවිඩ්-19 ආසාදනය වීමෙන් පසු ඉරුවාරදය, තෙහෙට්ටුව සහ මානසික ආතතියකින්ද පීඩා විඳි එරිකා ස්ටේන් පැවසුවාය. "පසුගිය වසර එකහමාර තුළ මගේ ලෝකය උඩු යටිකුරු වුණා. එය දුෂ්කර ජීවිතයක් වුණා."
34 හැවිරිදි ස්ටේන් වසංගතයට පෙර ක්‍රියාශීලී හා ක්‍රීඩාශීලී කාන්තාවකි. වොෂිංටන් ඩී.සී. නගරයෙන් පිටත වර්ජිනියාවේ අලෙවිකරණ විධායකයෙකු ලෙසත්, ශරීර යෝග්‍යතා උපදේශකවරියක ලෙසත් ඇය සේවය කළාය. ආරම්භක රෝගාබාධ හා ඒ හා සම්බන්ධ සින්ඩ්‍රෝමය දීර්ඝ කොවිඩ් පීඩාවන් ලෙස දැන් ඇගේ ජීවිතයට තවමත් සුපුරුදු සහනය සලසා නැත.
වසංගත සීමා ඉවත් කර නැවත විවෘත කිරීමට නගර සහ ප්‍රාන්ත කොතරම් ඉක්මණින් පියවර ගෙන ඇත්ද යන්න පිළිබඳව බොහෝ දෙනා මෙන් ඇයටද ඇත්තේ මිශ්‍ර හැඟීම්ය. රට වසංගතයට පෙර සාමාන්‍ය තත්ත්වයට සමාන දෙයක් වෙත ආපසු යාමට සූදානම් වුවත් කොවිඩ්-19 නිසා ඇති කළ පීඩාවන් තවමත් ඇමෙරිකානුවන් තුළ දෝංකාර දෙයි.



popular news
-
Kumar Tuesday, 15 June 2021 06:57 AM
In about six hours California Covid restrictions will come to an end. However, every institution can impose their own mask mandate inside the premises.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

