saravita-anim2

2026 මාර්තු මස 16 වන සඳුදා

2026 මාර්තු මස 16 වන සඳුදා

International - timelapse 7556 hours ago

LATEST

යුරෝපා සංගමය රාජ්‍ය රැසක සංචාරක තහනම් ඉවත් කරයි

calendar_today 2021 ජුනි 18 - 23:45 remove_red_eye - 125  

එක්සත් ජනපදය, සිංගප්පූරුව සහ ඊශ්‍රායලය ඇතුළු නව රටවල් 13ක් සමග සිදුකරන සංචාරයන් සඳහා යුරෝපා සංගමය සිය සංචාරක තහනම් ලැයිස්තුවට බුරුලක් ලබාදෙමින්, අත්‍යවශ්‍ය නොවන සංචාර සඳහාද සංචාරක සීමාවන් ඉවත් කරන ලෙස සාමාජික රටවලට නිර්දේශ කර තිබේ.

ස්පාඤ්ඤය තුළ එන්නත්කරණය වේගවත් කිරීම හමුවේ, වැඩි පිරිසකට මේ වනවිටත් එන්නත් මාත්‍රා ද්විත්වයම ලබාදී ඇති නිසා මේ ආකාරයෙන් මුඛ ආවරණ එළිමහන් ස්ථානවල ගැලවීමට ජනතාවට අවකාශය හිමිව තිබේ.

Read More

’’අපට පැහැදිලි සැලැස්මක් තිබිය යුතුයි. ඊළඟ රැල්ලක් පැමිණෙන සෑම අවස්ථාවකම අපගේ සැලැස්මක් සූදානම්ව තබා ගත යුතුයි’’ රජයේ කොවිඩ් කාර්ය සාධක බලකායේ සාමාජිකයෙකු සහ මුම්බායි හි ෆෝටිස් රෝහලේ අධ්‍යක්ෂ රාහුල් පණ්ඩිත් පැවසීය. ’’අපගේ උත්සාහයන් යොමු කළ යුත්තේ අපට හැකි තරම් ආසාදන රැල්ල ප්‍රමාද කිරීම සඳහායි. ඒ වගේම එවැනි ආසාදන රැල්ලක් වළක්වා ගැනීමට පවා බලවත්ව උත්සාහ කළ යුතුයි.’’

Read More

එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා අවධාරණය කළේ, කොවිඩ්-19 හමුවේ කුඩා දූපත් රාජ්‍යවල සංචාරක ව්‍යාපාරයේ බිඳවැටීම ණය ආපසු ගෙවීමේ හැකියාවට බෙහෙවින් බාධාවක් වී ඇති බවය. ණය අර්බුදයට ගෝලීය ප්‍රතිචාරය, අඩු ආදායම්ලාභී රටවලට සහාය දැක්වීමට නිවැරදිව උත්සාහ කරන අතරතුර, මධ්‍යම ආදායම් ලබන රටවල්ද අත් නොහැරිය යුතු බව ඔහු පැවසීය.

Read More

රුසියානු මහජන සෞඛ්‍ය නිරීක්ෂණ කණ්ඩායමේ ප්‍රධානියා කියා සිටියේ ඉන්දියාවේ ප්‍රථම වරට හඳුනාගත් ඩෙල්ටා ප්‍රභේදයට හේතු වූ කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව රට පුරා සැලකිය යුතු ලෙස ඉහළ යන බවයි.

Read More

ඇස්ට්‍රාසෙනෙකා / කොවිෂීල්ඩ් එන්නතෙහි පළමු වැනි මාත්‍රාව ලබාගත් කැනේඩියානුවන්ට ඔවුන්ගේ දෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් හෝ මොඩෙර්නා එන්නත ලබාදෙන ලෙස කැනඩාවේ ප්‍රතිශක්තිකරණය පිළිබඳ ජාතික උපදේශක කමිටුව (NACI) නිර්දේශ කරයි.

Read More

කොවිඩ්-19 හි මූලාරම්භය පිළිබඳ මීළඟ අදියරේ පරීක්ෂණවලදී ඇමෙරිකා එක්සත් ජනපදය සම්බන්ධයෙන් ප්‍රමුඛතාව දිය යුතු බවත්, මෑතකදී සිදුකළ අධ්‍යයනයකදී 2019 දෙසැම්බර් මාසයේ සිටම ඇමෙරිකාව තුළ වෛරසය සංසරණය වී ඇති බව හෙළි වී ඇති බවත් චීනයේ ජ්‍යෙෂ්ඨතම වසංගත රෝග විද්‍යාඥයා අවධාරණය කරයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 177,349,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

2020 දෙසැම්බර් මාසයේ සිට ප්‍රංශයේ සෑම දිනකම රාත්‍රී කාලයේ පනවා තිබූ ඇඳිරි නීතියද ජුනි 30දා සිට අවසන් වන බව අගමැතිවරයා කියා සිටියේය. එනමුදු මුඛ ආවරණ නීතිය ලිහිල් කළද, ප්‍රංශ රජය කනස්සල්ලට පත්ව ඇති කරුණක් වන්නේ ඩෙල්ටා ප්‍රභේදයයි.

Read More

දැනට පෘථිවි කක්ක්ෂයේ ඇති ඇමෙරිකා එක්සත් ජනපදයේ නාසා ආයතනය විසින් අභ්‍යවකාශයේ ස්ථාපිත කළ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට කිසිදු අවස්ථාවක චීනයේ ගගනගාමීන්ට අවස්ථාවක් ලබාදීමට ඇමෙරිකාව කටයුතු නොකළේය. ඔවුන් එය සිය ව්‍යවස්ථාවෙන්ම වළක්වාලනු ලැබීය.

Read More

චීන ගගනගාමීන් තිදෙනා අද (17දා) රටේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ප්‍රධාන මොඩියුලය වන ටියැන්හේ වෙත සාර්ථකව ඇතුළු වූ බව චීනයේ මිනිසුන් සහිත අභ්‍යවකාශ ඉංජිනේරු කාර්යාලය පවසයි.

Read More

ට්‍රම්ප් යනු දේශපාලන අත්දැකීමක් නොමැතිව ඇමෙරිකාව පාලනය කිරීමට පැමිණ, ඇමෙරිකාවේ සායම දියාරු කර හැරි ජනාධිපතිවරයෙකි. ඔහුගේ පාලන සමය පවුල් පාලනය රට තුළ ඉහවහා ගිය පාලන සමයක් විය. අද ඔහුගේ ධුරය ගැන පොතක් ලියන ජෙරාඩ් කුෂ්නර් යනු ට්‍රම්ප්ගේ බෑණාය. ඔහුගේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශකයාය.

Read More

එරට පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද රෙගුලාසි යටතේ සෞඛ්‍ය හා සත්කාරක ක්ෂේත්‍රයේ කම්කරුවන්ට එන්නත් මාත්‍රා දෙකම ලබා ගැනීමට සති 16ක කාලයක් තිබේ. ඔවුන් එසේ නොකරන්නේ නම්, ඔවුන්ට ඉදිරි පෙළ රැකවරණයෙන් ඉත්වීමට හෝ රැකියාව අහිමි වීමට ඉඩ තිබේ.

Read More

මෙම එන්නත් මාත්‍රා මිලියන 405ක් යුරෝපා සංගමය දැනටමත් ඇනවුම් කර තිබූ අතර, තවත් මාත්‍රා මිලියන 20ක් සඳහා ජර්මනියද අවබෝධතා ගිවිසුම් අත්සන් කර තිබුණි. නමුද් මෙම සායනික පරීක්ෂණ දත්ත ප්‍රකාශ වී පැය කිහිපයකට පසුව ක්යොවැක් එන්.වී. සමාගමෙහි කොටසක අගය 50.6%කින් කඩා වැටී ඇත.

Read More

වර්ෂ 2024න් පසුව අරමුදල් සැපයීම සම්බන්ධ ගැටලුවක් නිසා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අනාගතය දැන් අවිනිශ්චිත තත්ත්වයක පවතී. යම් ලෙසකින් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය බිඳ වැටුණොත්, ලොව අභ්‍යවකාශ මධ්‍යස්ථානයක එකම ක්‍රියාකරු චීනය බවට පත්වනු ඇත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 176,917,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

දෙරටේම විදේශ තානාපතිවරුන් නැවත ඔවුන්ගේ රටවල අගනුවරට යැවීමටද ඔවුහු එකඟ වූහ. පූටින් ඝාතකයෙකු ලෙස පසුගිය මාර්තු මාසයේ බයිඩන් පැවසීමෙන් පසුව රුසියාව සිය තානාපතිවරයා යළි කැඳවූ අතර එක්සත් ජනපදය සිය තානාපතිවරයා ඉන් අනතුරුවි කැඳවීය.

Read More

මැලේසියාව වෙත සීනොවැක් කොවිඩ්-19 මර්දන එන්නත පරිත්‍යාග කිරීම පිළිබඳව මැලේසියානු විදේශ අමාත්‍ය හිෂාමුදීන් හුසේන් චීනයට සිය කෘතඥතාව පළ කළේය.

Read More

වාර්තාකරුවන් කාමරයට පැමිණීමට පෙර නායකයන් දෙදෙනා ඉතා කෙටි අදහස් දැක්වීමක් සිදුකරමින් සිටියද, ආරක්ෂක අංශ විසින් මාධ්‍යවේදීන්ව පිටතට ඇද දමන නොසන්සුන් සිදුවීම හමුවේ බයිඩන් මෙන්ම පූටින්ද කරකියාගත දෙයක් නොමැතිව මද සිනහවක් පාමින් ඒ දෙස බලා සිටියහ.

Read More

මෙම ආසාදිතයා සිඩ්නි නුවර සිනමා ශාලාවලට මෙන්ම, නැගෙනහිර තදාසන්න ප්‍රදේශවල පිහිටි බොන්ඩි බීච් ඇතුළු ආපනශාලා සහ සාප්පු සංකීර්ණ රැසක සංචාරය කර ඇති නිසා බලධාරීන් නගර වැසියන්ට අනතුරු ඇඟවීය.

Read More

ඊශ්‍රායලයේ සමාජ ආර්ථික ගැටලු කෙරෙහි අවධානය යොමු කිරීම සහ පලස්තීනුවන් කෙරෙහි සංවේදී ප්‍රතිපත්ති තේරීම් වලක්වා ගැනීම සඳහා වූ පොරොන්දුව මත බලයට පත් බෙනට්, හිටපු අගමැති නෙතන්යාහු මෙන්ම අවියට අවියෙන් පිළිතුරු දෙන නායකයෙකු ලෙස සැලකෙයි.

Read More

දශක දෙකකට වඩා පැරණි ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ලොව බොහෝ රටවලින් ගගනගාමීන් පැමිණ තිබුණද, චීන ගගනගාමීන්ට ඇමෙරිකාව එය තහනම් කලාපයක් කළේය. කෙසේ වෙතත් එම මධ්‍යස්ථානයට 2024 දී අරමුදල් නොලැබුණහොත්, චීනය පෘථිවි කක්ෂයේ ඇති එකම අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ක්‍රියාකරු බවට පත්විය හැකිය.

Read More

දත්තවලට අනුව කොවිඩ්-19 වෛරසය එක්සත් ජනපදයේ ප්‍රාන්තවල ආරම්භක උණුසුම් ස්ථාන මෙන්ම, රට තුළට පිටස්තරව වෛරසය ඇතුළු වූ ස්ථාන ලෙස සලකනු ලැබූ ප්‍රදේශවලට වඩා බෙහෙවින් දුරස්ව හමුවීමද සැලකිය යුතු තත්ත්වයක් බව මෙම නවතම අධ්‍යයනය පෙන්වා දෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 176,412,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

මොස්කව් සහ බීජිං අතර විරසකයක් ඇති කිරීම අරමුණු කරගත් ක්‍රියාමාර්ග හෙළා දකින අතර චීනය තර්ජනයක් නොව උපායමාර්ගික හවුල්කරුවෙකු බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් අවධාරණය කරයි.

Read More

ලෝකයේ මෙතෙක් වැඩිම එන්නත් ප්‍රමාණයක් ලබාදී ඇති රට ලෙස චීනය තවදුරටත් ඉදිරියේම සිටින අතර, එරට එන්නත්කරණය සිදුකරන වේගයද සෙසු රටවලට වඩා වැඩි වේගයක් ගනී.

Read More

ප්‍රංශයේ ජීවත් වන මුස්ලිම්වරු එරට සාමාන්‍ය සමාජ ආර්ථික තත්ත්වයට වඩා අඩු මට්ටමක සිටිති. ඔවුන් බොහෝවිට බස් රියදුරන් හෝ මුදල් අයකැමි වැනි රැකියාවන් කිරීමට වැඩි ඉඩක් පවතින අතර, ඔවුන් මහජනයා සමග සමීප සම්බන්ධතා ඇති රැකියාවන් මෙන්ම, පවුල් කිහිපයක් එකට ජීවත් වන කුටුම්භවල ජීවත් වීමත් මෙසේ වැඩි වශයෙන් ආසාදනයට ලක්වීමට හේතුව බව විශ්වාස කෙරේ.

Read More

’’මට එය කොහොම පැහැදිලි කරන්නද කියා වැටහෙන්නේ නැහැ. නමුත් මා දෙසම මට අපිරිසිදු බවක් දැනුණා’’ දූෂණයට ලක්වූ තවත් තරුණියක පැවසීය. ’’නර්තන චිකිත්සාව මා තුළ තිබූ සියලු නරක දේ ඉවත් කිරීමට මට උපකාරයක් වුණා. මා සියල්ලෙන්ම දුකට පත්වූ දුක සහ බිය දැන් පහව ගිහින්.’’ ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

Read More

’’ධනවත් රටවල සිට දුප්පත් රටවල් වෙත මේ වගේ කුඩා පරිත්‍යාගයක් ලබාදීම බරපතළ සැලැස්මක් ලෙස දකින්න බැහැ. එමගින් වසංගතය අවසන් කළ හැකි වෙතැයි සිතීමටත් බැහැ’’ පසුගියදා ධුරයෙන් ඉවත්ව ගිය එක්සත් ජාතීන්ගේ ආධාර වැඩසටහනේ ප්‍රධානී මාර්ක් ලොකොක් පැවසීය.

Read More

ඩෙල්ටා කොරෝනා වෛරස ප්‍රභේදය (ඉන්දීය ප්‍රභේදය) බ්‍රිතාන්‍යයේ කලින් පැවති ප්‍රභේදයට සාපේක්ෂව රෝහල්ගත වීමේ අවදානම දෙගුණ කරන බව ස්කොට්ලන්තයේදී සිදුකරන ලද නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.