ජපානයේ මෝටර් රථ නිෂ්පාදකයන් වන ටොයොටා මෝටර් කෝප් සහ හොන්ඩා මෝටර් කෝප් සමාගම්වල මැලේසියාවේ පිහිටි කර්මාන්ත ශාලා තුළ නිෂ්පාදනයන් තාවකාලිකව අත්හිටුවා තිබේ.
කොස්ටාරිකා ජනාධිපති කාලෝස් අල්වරාඩෝ සමග ඒකාබද්ධ ප්රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් බ්ලින්කන් කියා සිටියේ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩෙන්ගේ පරිපාලනය විසින් එන්නත් සමානව බෙදා හැරීම කෙරෙහි අවධානය යොමු කරන අතර, එම ක්‍රියාවලියට දේශපාලන නූල් බැඳ නොගන්නා බවයි.
Read Moreකඩිනම් අගුලු දැමීම්, කලාපීය දේශසීමා පාලනයන් සහ චලනය සඳහා දැඩි සීමාකිරීම් බොහෝදුරට සංවර්ධිත රටවල් අතර දක්නට ලැබුණු ඉහළ කොවිඩ්-19 ආසාදිත සිද්ධීන් සංඛ්‍යාවෙන් වෙන්ව, වඩාත් ප්රශස්ත ලෙස ආසාදන පාලනය කිරීමට ඔස්ට්‍රේලියාවට උදව් වී තිබේ.
Read Moreගෝලීය කටයුතුවලදී විශාල කාර්යභාරයක් ඉටුකිරීමේ හැකියාව මෙන්ම, අනෙකුත් රටවල් සමග මානව වර්ගයාගේ ගැටලු ඒකාබද්ධව විසඳීම සඳහා විශාල දායකත්වයක් සැපයීමේ හැකියාව සහ වගකීමද රටට ඇති බැවින් චීනයේ ස්ථාවරය, හැකියාව සහ ප්‍රවේශය පුළුල් ලෙස ප්‍රවර්ධනය කිරීම චීන ජනාධිපති ෂී ජින්පිං අවධාරණය කළේය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 171,024,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreක්‍රස්නායා පොලියානා (රතු තණබිම්) යනු කළු මුහුද අසල කඳුකරයකින් වටවී ඇති වීදි පහකින් යුතු සුන්දර ගම්මානයකි. මෙම ගම්මානයේ හරිත වර්ණ කඳු වළල්ල මෙන්ම, ඉතාම පිරිසුදු තත්ත්වයේ නළ ජලය, නැවුම් වාතය සහ විසල් නිල් අහස නිසා වසංගතයට ස්තූති වන්නට මොස්කව්හි නොපැහැදිලි බව දැන් බොහෝ දෙනෙකුට ඔප්පු වී ඇත.
Read Moreඋගන්ඩාවේ රජයේ ඇමතිවරයකු රැගත් මෝටර් රථයකට තුවක්කුකරුවන් එල්ල කළ වෙඩි වරුසාවකින් අමාත්‍යවරයාගේ ජීවිතය ආරක්ෂා වී එහි ගමන්ගත් ඔහුගේ දියණිය සහ රියදුරා ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreප්‍රංශ නායකයා තමන් වෙත ලබාදුන්නේ කුමන වර්ගයේ එන්නතද යන්න නිශ්චිතව දක්වා නොමැති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
Read Moreමෙම ආසාදන පැතිරීමත් සමග සොයාගත් ප්‍රාථමික සම්බන්ධතා 4,800කින් 75% ක් පමණ දැන් සෘණාත්මක පරීක්ෂණයක් ලබාදී ඇති අතර, ඉතිරි ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටියි. නිරෝධායනය අවසන් කිරීමෙන් පසුව ධනාත්මක පරීක්ෂාවක් සිදුකළ විදෙස් සංචාරකයෙකු දැනට හඳුනාගෙන ඇති ආසාදිත පොකුරු තුනටම බලපා ඇති බව කියයි.
Read Moreරජය පවසා තිබූ මරණ සංඛ්‍යාවට වඩා තුන් ගුණයක් කොවිඩ්-19 මරණ සිදුව ඇති අතර, ඔවුන් දැන් ලොව වැඩිම ඒකපුද්ගල මරණ සංඛ්‍යාවටද හිමිකම් කියයි. ’’මෙම යාවත්කාලීන තොරතුරු ප්‍රසිද්ධියට පත් කිරීම අපගේ යුතුකම යැයි අප විශ්වාස කරනවා’’ සමාලෝචනයේ ප්‍රතිඵල නිවේදනය කරමින් පේරු අගමැති වයලෙටා බර්මියුඩෙස් පැවසීය.
Read Moreකොවිඩ්-19 ආසාදිතයන් 127,510ක් වාර්තා වී ඇති අතර, එය ගෙවුණු දින 54ක් තුළ වාර්තා වූ අවම අගය බවට පත්ව ඇත්තේ දෛනික ධනාත්මක අනුපාතය 6.62%ක් දක්වා පහත වැටෙමිනි. සමස්තයක් ලෙස ඉන්දියාවේ දීර්ඝ කාලීනව ලොක්ඩවුන් සීමා අඛණ්ඩව පැනවීම සහ එන්නත්කරණය ඒ සමගම වේගවත් කිරීමද ආසාදන අඩුවීමට හේතු වී ඇති බව විශේෂඥයෝ පවසති.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ (31දා) නව නම් හෙළි කළේ මෙතෙක් කලක් වෛරස ප්රභේදයන් හැඳින්වූ නම් වඩාත් සංකීර්ණ මෙන්ම, ඒවා ඉස්මතු වූ කලාපයන් වෙත අපකීර්තියක් ඇති කරන බවද පෙන්වා දෙමිනි. ’’ප්‍රභේද හඳුනා ගැනීම සහ වාර්තා කිරීම සම්බන්ධයෙන් කිසිදු රටක් අපකීර්තියට පත් නොවිය යුතුයි’’ යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත රෝග විද්‍යාඥ මාරියා වැන් කෙර්කොව් පැවසීය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 170,577,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreකොවිඩ්-19 වසංගතය ලෝකය තුළ තවදුරටත් මන්දගාමී හා නොසැලකිලිමත් ලෙස හැසිරවීමක් ලොවපුරා බොහෝ රටවල දැකිය හැකි නිසා, අනාගතයේදී පැතිර යා හැකි වසංගතයකදී ජීවිත හා ජීවනෝපායන් විනාශවීම වැළැක්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සහ රටවල් මීට වඩා ශක්තිමත් විය යුතු බවට කතාබහක් ඇති වී තිබේ.
Read Moreඉන්දියාවේ කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව අද (31දා) මිලියන 28ක සීමාව පසුකර ගියත්, ගෙවුණු දිනයේ වාර්තා වූ ආසාදිතයන් 152,734ක අගය ආසන්න කාලසීමාවේදී වාර්තා වූ අඩුම ආසාදිත අගය බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත පෙන්වා දෙයි.
Read More’’ගිනිකොනදිග ආසියාව පුරා රටවල්වල කොවිඩ්-19 ආසාදන අනුපාතය ඉතා භයානකයි’’ යනුවෙන් ජාත්‍යන්තර රතු කුරුස හා රතු අඩ සඳ සංගම්වල ජාත්‍යන්තර සම්මේලනයේ ආසියා පැසිෆික් අධ්යක්ෂ ඇලෙක්සැන්ඩර් මැතිව් පැවසීය. ’’වඩාත් භයානක හා මාරාන්තික ප්රභේදයන් මගින් සිදුවන මේ ආසාදන පාලනය කිරීම සඳහා විශාල ගෝලීය බෙදාහදා ගැනීමක් සහ එන්නත් නිෂ්පාදනය කිරීමේ හදිසි අවශ්‍යතාවක් ඉස්මතු කර තිබෙනවා.’’
Read Moreජානමය අනුක්‍රමික ප්‍රතිඵල අනුව ඉන්දියාවේ වේගයෙන් පැතිර යන වෛරස් ප්‍රභේදය නගරයේ සම්ප්‍රේෂණය වන වෛරසය බව නාගරික සෞඛ්‍ය කොමිසමේ නියෝජ්‍ය අධ්යක්ෂ චෙන් බින් ඊයේ (30දා) මාධ්‍ය හමුවකදී පැවසීය.
Read Moreවික්ටෝරියා ප්‍රාන්තයේ වැඩබලන මහ ඇමති ජේම්ස් මර්ලිනෝ වාර්තාකරුවන්ට පැවසුවේ, ’’අපට ඇති අභියෝගය ඉතා වැදගත් එකක්. මොකද, සම්බන්ධතා විශාල සංඛ්‍යාවක් සමග ආසාදන අවස්ථා කුඩා සංඛ්‍යාවක් පමණක් අපට දැනට හමුවී තිබෙනවා.’’ යනුවෙනි. ඒ අනුව තත්ත්වය ඇදහිය නොහැකි තරම් බරපතළ බවත්, ඉදිරි දින කිහිපය තීරණාත්මක වනු ඇතැයි මර්ලිනෝ පැවසීය.
Read Moreනයිජීරියාවේ ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම් මෙන්ම, කප්පම් ලබාගැනීමේ අරමුණින් ආයුද සන්නද්ධ කණ්ඩායම්ද පසුගිය කාලය පුරා පාසල් සිසු සිසුවියන් පැහැරගැනීමේ සිදුවීම් සුලභ වූ අතර, එරට රජය මෙම තත්ත්වය පාලනය කරගැනීමට අපොහොසත් වී ඇති බවට චෝදනා නැගෙයි.
Read Moreකොවිඩ්-19 හි මූලාරම්භය පිළිබඳව විමර්ශනය කරන ලෙස එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පසුගිය බදාදා රටේ බුද්ධි අංශවලට නියෝග කළේය. ’’වෛරසය ආසාදිත සතෙකු සමග මිනිස් සම්බන්ධතාවයෙන් හෝ රසායනාගාර අනතුරකින් මතුවී ඇත්ද’’ යන්න සොයා බැලීම බයිඩන්ගේ නියෝගය විය. කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය සහ චීනය එක්ව මාර්තු මස අගදී කරන ලද වාර්තාවකින් මෙසේ විද්‍යාගාරයකින් ඉස්මතු වූ න්‍යාය සම්පූර්ණයෙන්ම බැහැර කළේය.
Read Moreනිෂ්පාදන හා ඉදිකිරීම් ව්‍යාපාර යන අංශ දෙක සඳහා මෙම සීමාවන් ලිහිල් කර ඇති අතර, එසේ ව්‍යාපාරය නැවත ආරම්භ කරන සමාගම්වලට කොවිඩ්-19 පූර්වෝපායන් සහ වැඩ මුර ක්‍රමය දැඩි ලෙස අනුගමනය කළ යුතුය. මෙම ස්ථානවල සේවකයන් කොවිඩ්-19 සඳහා අහඹු ලෙස බලධාරීන් විසින් පරීක්ෂා කරනු ලැබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 170,174,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreබොරිස් ජොන්සන්ගේ සංකීර්ණ පෞද්ගලික ජීවිතය නිසාම ඔහු හඳුන්වන්නේ, ’’බොන්කින් බොරිස්’’ ලෙසිනි. අවිවාහක සම්බන්ධතාවක් ගැන බොරු කීම නිසා විපක්ෂයේ සිටියදී ඔහු වරක් කොන්සර්වේටිව් පක්ෂයේ ප්‍රතිපත්ති කණ්ඩායමෙන්ද ඉවත් කරන ලදී. ඔහු දෙවරක් දික්කසාද වී ඇති අතර, ඔහුට දරුවන් කීදෙනෙක් සිටිනවාදැයි පැවසීම ප්‍රතික්ෂේප කරයි.
Read More’’ඔබ ආබාධිත හෝ සාමාන්‍ය වුවත්, ඔබට ඇස් පෙනීම නැති වී හෝ කකුල් හෝ අත් හෝ නොමැති වුවත් එය වැදගත් වන්නේ නැහැ. ඔබට ශක්තිමත් මනසක් ඇතිතාක් කල් ඒවා වැදගත් වන්නේ නැහැ.’’ චීන කඳු නගින්නෙකු වූ 46 හැවිරිදි ෂැං හොං, එවරස්ට් කන්ද දෑස් නොපෙනී තරණය කළ ආසියාවේ පළමු මිනිසා මෙන්ම, එවැනි වික්‍රමයක් කළ ලොව තෙවැනි පුද්ගලයා බවට පත්වෙමින් කියයි.
Read Moreස්පුට්නික්-වී කොවිඩ්-19 මර්දන එන්නත පළමු මාත්‍රාව ලබාගෙන දින 21 සිට මාස 3ක් අතර පරතරයකින් එහි දෙවැනි මාත්‍රාව ලබාදිය හැකි බව එම එන්නත නිපදවූ රුසියාවේ ගමාලියා පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ඇලෙක්සැන්ඩර් ජින්ට්ස්බර්ග් පවසයි.
Read Moreබ්‍රිතාන්‍ය සහ ඉන්දියානු වෛරස ප්රභේදයන් මුසුවූ වේගවත් සහ වාතය හරහා ව්‍යාප්ත වන හයිබ්‍රිඩ් ප්‍රභේදයක් රට තුළ ඉස්මතු වීම හේතුවෙන් මෙම පියවර හඳුන්වාදී ඇත.
Read Moreඉන්දියාවේ පසුගිය පැය 24 තුළ දෛනික කොවිඩ්-19 ආසාදිතයන් 165,553ක් වාර්තා කර ඇති අතර, එය දින 46ක් තුළ වාර්තා වූ අඩුම ආසාදන සංඛ්‍යාව බව සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත පෙන්වා දෙයි.
Read Moreලෝන්ග් මාර්ච් 7 රොකට්ටුවෙන් ඉහළට එසවුණු ටියැන්ෂු-2 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ටියැන්හේ මොඩියුලය වෙත සාර්ථකව ළඟාවී තිබේ.
Read Moreවියට්නාමය විසින් ඉන්දියානු සහ එක්සත් රාජධානියේ ප්රභේදවල එකතුවක් ලෙස පෙනෙන කොවිඩ්-19 නව හයිබ්‍රිඩ් ප්‍රභේදයක් සොයාගෙන ඇති අතර, එය ඉක්මනින් වාතය හරහා ව්‍යාප්ත විය හැකි බවට බලධාරීන් අනතුරු අඟවා ඇත්තේ ඉතා භයානක වෛරස ප්‍රභේදයක් ලෙස හඳුන්වා දෙමිනි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 169,760,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read More