ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ මෙන්ම දරිද්‍රතාවය තුරන් කිරීමේ ජනපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එළැඹෙන 23 දා නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව පොදුජන පෙරමුණට සම්බන්ධ වාර්තා සඳහන් කරයි.
බැසිල් රාජපක්ෂ මහතා පසුගිය මාසයේදි පෞද්ගලික හේතුවකට ඇමෙරිකාව බලා පිටත්ව ගියේය.
මේ වන විට පොදුජන පෙරමුණේ පාර්ශ්වකරුවන් හා මන්ත්‍රීවරුන් අතර මත ගැටුමක්ද නිර්මාණය වී ඇති අතර එම ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා බැසිල් රාජපක්ෂ මහතා නැවත පැමිණීමෙන් අනතුරුව සාකච්ඡා වට කිහිපයක්ද පැවැත්වීමට නියමිත බවද වාර්තා වෙයි.