බැසිල්ට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනමක් ඉවතට
2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම සංවර්ධන අරමුදලින් රුපියල් මිලියන 38 ක මුදලක් වැය කර දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය සභා වෙත ජී.අයි.පයිප්ප බට මිලදීගෙන බෙදාහැරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පනවා තිබූ නඩුවට අදාළව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පනවා තිබූ විදෙස් ගමන් තහනම අද දිනයේදී ඉවත් කෙරිණි.
එම නඩුව අද මෝසමක් මාර්ගයෙන් කැඳවනු ලැබූ අවස්ථාවේදී බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කොළඹ මහාධිකරණ විනිසුරුවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙසේ විදෙස් ගමන් තහනම ඉවත් කෙරිණි.
ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස ආගමන විගමන පාලකවරයාට විනිසුරුවරයා නියෝග කළේය.
popular news
-
Samson de silva Monday, 30 November 2020 02:22 PM
Surprise! Surprise!! Surprise!!!
Reply : 0 0
MUNAS Monday, 30 November 2020 03:59 PM
meka ali hora
Reply : 0 0
Demuni Uduwara Tuesday, 01 December 2020 12:19 AM
God is above.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

