දිවි නැගුම නඩුවෙන් බැසිල් ඇතුළු සිවුදෙනෙකු නිදොස් කොට නිදහස් කෙරේ
දිවි නැගුම දෙපාර්තමේන්තුවේ අරමුදලේ මුදල් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුවෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් සිවුදෙනකු කොළඹ මහාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර තිබේ.
දිවි නැගුම දෙපාර්තමේන්තුවේ අරමුදල් රුපියල් මිලියන 2992 ක මුදල් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබේ.
පැමිණිලි පාර්ශවය විසින් සිදු කළ සාක්ෂි විමසීමේදී විත්තිකරුවන් විසින් අධිචෝදනා වල සදහන් වන ආකාරයට වරදක් සිදු කර ඇති බවට සාක්ෂි අනාවරණය කර ගෙන නොමැති බැවින් විත්ති පාර්ශවයේ සාක්ෂි නොකැදවා අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 200 (1) වගන්තිය ප්‍රකාරව තමන් නිදොස් කොට මුදා හරින ලෙසට බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සිවුදෙනාගේ නීතිඥවරුන් ඉල්ලා සිටියා.
popular news
-
Puppa Monday, 30 November 2020 05:14 PM
Ane mehamath නඩු ahillak. Mehamath නිදහස් kirillak.apa නඩු වලටත් මෙහෙම නිදහස ගන්න බැරිද දෙයියො .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

