කොවිඩ් කමිටුවේ සභාපති බැසිල් නෙමෙයි
බැසිල් රාජපක්ෂ මහතා විදෙස්ගත වූ නමුත් ඔහු නොමැති ඉදිරි සති දෙකක හෝ තුනක කාලය තුළ ඔහු වෙනුවෙන් සිදුකළ යුතු වගකීම් සියල්ලම අදාළ පුද්ගලයින්ට භාරදීමට කටයුතු කොට තිබෙන බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ඊයේ වතුපිටිවල පැවැති උත්සවයකදී ඔහු මේ බව පැවැසීය.
බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපතිවරයහො පක්ෂයත් එම වගකීම් කොටස මනාව ඉටු කරන බවත් ඇතැම් සමාජ මාධ්‍ය වල බැසිල් රාජපක්ෂ මහතා කොවිඩ් කමිටුවේ සභාපතිවරයා වශයෙන් හඳුන්වා දී තිබුණද එවැනි තනතුරක් ඔහුට ලබා දී නොමැති බවත් අමාත්‍යවරයා පැවැසීය.
ඉල්ලීම් පැවැතියද ඔහු පාර්ලිමේන්තුවට නොපැමිණි බවත් තිරය පිටුපස සිට ඔහු විශාල වැඩ කොටසක් පසුගිය කාලසීමාව තුළ රටේ ජනතාව වෙනුවෙන් ඉටු කර තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
“එතුමා මේ තරම් හොඳින් මෙම වැඩසටහන් සංවිධානය කරමින් තිබියදී ඇතැම් සමාජ මාධ්‍ය වල පළ වන ආකාරයට රට දමා යාමට කිසිදු අවශ්‍යතාවයක් එතුමාට නෑ. බැසිල් රාජපක්ෂ මහතාගේ සංවිධාන ශක්තිය ට අභියෝග කළ හැකි කිසිවෙක් නෑ.
මේ අවස්ථාව බැසිල් රාජපක්ෂ මහතා වැනි පුද්ගලයෙක් රටට අවශ්‍යමයි. ඔහු පෞද්ගලික අවශ්‍යතාවයක් මත ඉතා කෙටි කාලයකට විදෙස්ගත වීමට කටයුතු කළා”
popular news
- 
                            
Don Thursday, 13 May 2021 08:25 PM
Even during the partial lock-down, laundries are in action !
Reply : 0 0
Kumar Friday, 14 May 2021 06:58 AM
Basil must have brought valuable trinket to the new baby. Medical treatments are not cheap in the US. Medical bills are usually in tens of thousand unless the person has medical insurance.
Reply : 0 0
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                