saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 2440 hours ago

LATEST

කැලෑ ගිනි තැබීම තුළින් ජල උල්පත් සිඳී යාමේ අවදානමක්

calendar_today 2024 මාර් 14 - 14:41 remove_red_eye - 168  

මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණ තත්ත්වයක් ඇති වී තිබෙන බවත් එවන් තත්ත්වයක් තුළ යම් ප්‍රදේශයක ගිනි ගැනීමක් සිදු වූ විට එය කඩිනමින් පැතිර යන බවත් මේ නිසා මෙවැනි ක්‍රියා සිදුනොකරන ලෙසත් ඉල්ලා සිටියි‍.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ස්පාඤ්ඤයේ බාසිලෝනාහි දී පැවති ‍ තොරතුරු සන්නිවේදන තාක්ෂණය පිළිබඳ ලොව ප්‍රමුඛතම සමුළුව වූ ‘මොබයිල් වර්ල්ඩ් කොංග්‍රස් (Mobile World Congress -24) සමුළුවට සහභාගි විය.

Read More

මෙහිදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ ලෝකයේ බිලියන 3.5 ක් පමණ ජනතාව විවිධ මුඛ රෝගවලට භාජනය වී ඇති බවත්, සංවර්ධනය වෙමින් පවතින රටවල 04 දෙනෙකුගෙන් 03 දෙනෙකුට මුඛ රෝග වැළදී ඇති බවයි.

Read More

ලංකා සීනි සමාගමට අයත් සෙවනගල සීනි කර්මාන්තායතනයේ සේවකයින් පිරිසක් ඉකුත් හත්වෙනිදා සභාපතිවරයා ඇතුළු විධායක නිලධාරීන් පිරිසක් කාර්යාල අඩස්සියේ තබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් (13) වෙනිදා සේවකයින් 13 දෙනෙකුගේ වැඩතහනම් කිරීමට සිදුවූ බව ලංකා සීනි සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් සාරද සමරකෝන් මහතා පැවසීය.

Read More

සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරුවරයෙකුගේ පෞද්ගලික නිවසක තිබූ රේසින් වර්ගයේ පාපැදියක් ඇතුළු දේපළ තොගයක් සොරාගත් පුද්ගලයෙකු සොරා ගත් භාණ්ඩ ද සමඟ අත්අඩංගුවට ගත් බව කිරුළපන පොලිසිය පවසයි.

Read More

මධ්‍යම කදුකරයට මාසයකට ආසන්න කාලයක් තිසසේ පවතින වියලි කාලගුණයත් සමග මාවුස්සාකැලේ හා කාසල්රි යන ජලාශ දෙකේ ජල මට්ටම 25% දක්වා පහත බැස තිබේ.

Read More

අද 14දා පෙරවරු 07.45 ට පමණ තිරිමාන්න ගමන් ගත් මෝටර් රථය ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.

Read More

දෙහිවල, ජාතික සත්වෝද්‍යානයට අයත් හම්බන්තොට සෆාරි උද්‍යානයේ සිටි සීබ්‍රා සත්වයෙකු අසනීප තත්වයෙන් දෙහිවලට ගෙනවිත් සිටියදී හදිසියේ 13 රාත්‍රිය මියගොස් ඇතැයි සත්වෝද්‍යාන ආරංචි මාර්ග කියා සිටී.

Read More

පොල් මිල ගණන් ඉහළ ගොස් ඇති බැවින් ඉඩ ඇති සෑම භූමි ප්‍රමාණයකම පොල් වගා කිරීමට රාජ්‍ය නිලධාරීන් පියවර ගන්නා ලෙසත් මේවායෙහි ඵලදාව කවුරුන් ගත්තද ප්‍රශ්ණයක් නොවන බව පැවසූ දිසාපතිවරයා , වගාකිරීම පිනිස අවශ්‍ය පොල් පැල පොල් වගා කිරීමේ මණ්ඩලයෙන් ලබා ගැනීමට කටයුතු කළ යුතු බවත් පැවසීය.

Read More

ව්‍යාජ ලේඛන යොදාගෙන ප්‍රතිදේහ එන්නත් සපයා වංචා කිරීම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් වෛද්‍යවරයෙක් අත්අඩංගුව ගෙන තිබේ.

Read More

අළුබෝමුල්ල බටදොඹතුඩුව නිවසකින් රුපියල් ලක්ෂ 17 කට ආසන්න වටිනා මුදල් සහ රන් ආභරණ සොරාගෙන සි සි ටි වි කැමරා පද්ධතියේ ඩි වි ආර් යන්ත්‍රය ද රැගෙන ගොස් ඇතැයි අළුබෝමුල්ල පොලිසිය කියයි.

Read More

ලබන වසරේ සිට ක්‍රමානුකූලව මෝටර් රථ ආනයනය කිරීමට කටයුතු කරන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මෝටර් රථ ආනයනයට මේ අවස්ථාවේදී අවසර ලබාදුනහොත් රට ආපස්සට ගමන් කරනු ඇති බවයි. තරුණ හමුවක් අතර තුර ජනපතිවරයාට යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.

Read More

පසුගිය වසර තුළදී ක්ෂය රෝගීන් 9358 දෙනෙකු මෙරටින් වාර්තා වී ඇති අතර එය මෑත කාලය තුළ මෙරටින් වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව වන බවට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී ඊයේ (13දා) පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය විය.

Read More

ඔහු පරිසර යුක්ති කේන්ද්‍රයට සඳහන් කර ඇත්තේ, එළවළු සහ පලතුරු සිසිල් ජලයෙන් සෝදනවා වෙනුවට ඊට විනාකිරි හෝ ලුණු එකතු කර සේදීමෙන් මෙම පලිබෝධනාශක ඉවත් කිරීමේ හැකියාව පවතින බවයි.මෙහිදී ආචාර්යවරයා තවදුරටත් සඳහන් කළේ, එළවළු සහ පලතුරුවල පිටතින් ඇති පොත්ත ඉවත් කිරීම මගින් පහසුවෙන්ම විෂ රසායනිකයන් ආහාර මතින් ඉවත් කිරීමේ හැකියාව පවතින බවයි.

Read More

කොළඹ වරාය නගරයේ ස්ථාපිත කිරීමට නියමිත තීරු බදු රහිත සාප්පු සංකීර්ණයකට අදාළව නීති සෑදීමේදී නීතිපතිවරයාගේ මතය සහ කොමිෂන් සභාවේ මතය එකිනෙකට වෙනස් බැවින් ඒ සම්බන්ධ එක් තීරණයකට පැමිණීම සදහා කඩිනමින් මැදිහත්වන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දුන්නේය.

Read More

මහනුවර පොලිස් ස්ථානයට අනුබද්ධිත බහිරව කන්දේ පිහිටි පොලිස් පරීක්ෂකවරුන්ගේ භෝජනාගාරයේ සේවයේ නිරතව සිටි කම්කරුවෙකු හෙරොයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගෙන සිදුකළ පුළුල් විමර්ශනයකදී මෙරට ක්‍රියාත්මක මහා පරිමාණ කුඩු ජාවාරමක සුල මුල හෙළිවෙමින් තිබෙන බව පොලීසිය කියයි .

Read More

2024 පෙබරවාරි අවසානය වන විට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් (IMF) වැඩසටහන යටතේ ඉටු කළ යුතු කැපවීම්වලින් 33%ක් සපුරාලීමට ශ්‍රී ලංකාව අසමත් වී ඇති බව වෙරිටේ රිසර්ච්හි ‘IMF මීටරයේ’ පෙබරවාරි යාවත්කාලීන කිරීම පෙන්වා දෙයි.

Read More

හැමදේම නොමිලේ ලබාදීම රටේ ආර්ථිකය කඩා වැටීමට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා. නොමිලේ ලබා දීමේදී තව කෙනෙකුගෙන් එය අය කර ගැනීමක් සිදු වෙනවා. අපේ රටේ අපි හැම දේම නොමිලේ දුන්නා. ආදායම් නැති වෙලාවෙදි මුදල් මුද්‍රණය කරමින් ජනතාවට නොමිලේ සහන ලබාදීමට කටයුතු කළා. මේ හේතුවෙන් ලබාගත් විදේශ ණය ගෙවීමට නොහැකි තත්ත්වයක් ඇති වුණා. අවසානයේ අප දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා.

Read More

යුක්තිය මෙහෙයුම යටතේ මේ වනවිට පාතාල ක්‍රියාකාරීන්ගේ නිවැරදි තොරතුරු රැස්කර හමාර බවත් ඒ අනුව ඒ හැමදෙනාම නීතියේ රැහැනට කොටුකර ගන්නා බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (13) පිටිගල හොරන්ගල්ලේදී පැවසීය.

Read More

පාර්සලයක් සඳහා ගාස්තු ගෙවන ලෙස දන්වා ශ්‍රී ලංකා තැපෑලෙන් නිකුත් කළ කෙටි පණිවිඩයක් ලෙස ව්‍යාජ සකස් කළ කෙටි පණිවුඩයක් මහජනතාව වෙත යවා ණය කාඩ්පත් දත්ත සොරා ගැනීමේ ජාවාරමක් අණාවරණය වී ඇතැයි තැපැල්පති ආර්.පී. සත්කුමාර මහතා පවසයි.

Read More

මහජනතාවගේ හඬට කන් නොදීම කුමන්ත්‍රණයට හේතුවක් වූ බවත් එහි සැබෑ කුමන්ත්‍රණකරුවන් අදටත් ඔවුන්ගේ ඔඩොක්කුවේ සිටින ඔවුන්ගේම පවුලේ අය බවත් පොත් ලිවීමට පෙර එය නිසියාකාරව වටහාගත යුතු බවද අභයතිස්ස හිමියෝ පැවසීය .

Read More

ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගෙන පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 14 ක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කල බවද පොලිසිය පවසයි. පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් වරයාගෙන් ලද නියෝග මත වැඩිදුර විමර්ශන කල පොලිසිය ස්ථානීය පරීක්ෂණය සිදුකිරීමේදී ලිංගික අතවරයක් සිදුව නොමැති බවට අනාවරණය කරගෙන තිබේ.

Read More

යුද හමුදා ලුතිනන්වරයෙකු හොරයින් මත්කුඩු සමග බොරලැස්ගමුව පිල්ලෑව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය කියයි

Read More

මහ බැංකුවේ අත්තනෝමතික වැටුප් වැඩි කර ගැනීම අවලංගු කිරීම සහ මහ බැංකුවේ සේවක වැටුප් වැඩිකිරීමේ දී මුදල් අමාත්‍යවරයාගේ එකගතාවය ලබා ගැනීම අනිවාර්ය කිරීම අරමුණු කරගත් පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා විසින් ගෙන එනු ලබන පනත් කෙටුම්පත අද (13) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තුවේ වැඩ බලන මහලේකම් හංස අබේරත්න මහතා වෙත භාරදෙන ලදී.

Read More

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ‍වෙනස්කම් සිදු කරන විට නවීන තාක්ෂණික දැනුම දරුවන්ට ලබාදීම අත්‍යවශ්‍ය කටයුත්තක් බවත්, විශේෂයෙන්ම නැනෝ තාක්ෂණය, ජෛව තාක්ෂණය, ජාන තාක්ෂණය, කෘතිම බුද්ධිය වැනි විෂය ධාරාවන් ඉතා කෙටි කාලයක් තුළ අධ්‍යාපන පද්ධතියට හඳුන්වාදීමේ අභියෝගයට කෙසේ හෝ මුහුණ දිය යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලාංකික කාන්තාව මෙම චීන ජාතික සිඟිති දරුවා දරුකමට හදා ගැනීමට කැමැත්තකින් පසු වන බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

මොණරාගල බන්ධනාගාරයේ රැදවියන් දෙදනෙකු අතර ඇතිවු බහින්බස් වීමක් දුරදිග ගොස්, එක් රැදවියකු,ඔහුගේ කලිසම් සාක්කුවේ සගවා තිබු කුඩා පිහියකින්,අනෙක් රැදවියාගේ මුහුණට එල්ලකල පහරක් හේතුවෙන්, එම රැදවියා කැපුම් තුවාල සහිතව 12දා මොණරාගලමහ රෝහලට ඇතුලත්කර ඇතැයි මොණරාගල පොලිසිය පවසයි.

Read More

අම්පාර පොතුවිල් පොලිස් බල ප්‍රෙද්ශයේ අරුගම්බේ සංචාරක කාලපයේ හෝටලයක් තුලදි කාන්තාවක් ඝාතනය කර එම ඝාතනය කල පුද්ගලයාද එම හෝටලය තුලම ගෙල වැලදාගෙන මියගොස් ඇති බව අම්පාර දිස්ත්‍රික්කයේ උසස් පොලිස් නිළධාරියෙක් පැවසිය.

Read More

ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් මට්ටක්කුලිය අලිවත්ත ප්‍රදේශයේදී පුද්ගලයකු ඉලක්ක කර වෙඩි ප්‍රහාර එල්ල කළද ඔහුට කිසිදු තුවාලයක් සිදුවී නැතැයි මට්ටක්කුලිය පොලිසිය කියයි.

Read More

උතුරු පළාත් නව ප්‍රධාන ලේකම්වරයා ලෙස එල්. ඉලංගෝවන් මහතා පත්කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්වීම් සිදුකර තිබෙන අතර ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් ඊයේ (12දා) පස්වරුවේ ජනාධිපති කාර්‍යාලයේ දී ඒ මහතා වෙත භාරදෙනු ලැබීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.