කාමරයක් තුළ ගිනි ගනිමින් සිටි කාන්තාවක් බේරා ගනියි
යපනය අච්චුවේලි ප්රදේශයේ නිවසක් ඊයේ (26) රාත්රියේ කන්තාවක් පිලිසුම් තුවාල සහිතව රෝහල්ගත කොට ඇතැයි අච්චුවේලි පොලීසිය පැවසීය.
අච්චුවේලි ප්රදේශයේ පිහිටි අදල නිවසේ කාමරයක් තුල ගිනිගන්නා බවට අසල්වාසීන් විසින් දැක නිවසට ඇතුල් වී ඇති අතර එහි කාමරයක් තුල බේරාගන්නා ලෙසට කැගැසීමෙන් අදාල කාමරයේ සිටි කාන්තාවක් බේරාගත් අසල්වාසීන් එම කාන්තාව අච්චුවේලි මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප්රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇතැයිද පොලීසිය පැවසීය.
අදාල නිවසේ සැමිය සහ බිරිඳ අතර නිතර පවුල් ආරවුල් සිදුවන බවට අසල්වාසීන් විසින් පොලීසියට පවස ඇති අතර අදාල කන්තාවට ගිනිතබා සැමියා පලා යන්නට ඇතැයි පොලීසිය සැකපල කර සිටියි.
මෙලෙස පිලිසුම් තුවාල ලබා ඇත්තේ අච්චුවේලි ප්රදේශයේ පදිංචි බාලක්රිෂ්ණන් නිරුතිකා නැමති 27 හැවිරිදි කාන්තාවක් වන අතර අචුචුවේලි පොලීසිය විසින් වැඩිදුර පරික්ෂණ සිදුකරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
