සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් වෛද්‍ය සැපයුම් ලබා ගැනීම හා බෙදාහැරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා 2018 දී ලබාදුන් විගණන නිර්දේශ 47 ක් වසර හයකට වඩා කාලයක් ගතවුවද තවමත් ක්‍රියාත්මක කර නැතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබන විශේෂ විමර්ශනයකට අදාළව සැකකරුවෙක්ද අත්අඩංගවට ගැනිමට පොලීසිය මහජන සහාය ඉල්ලා සිටියි. සැකකරු පිළිබඳව නිවැරදි තොරතුරක් දෙන අයෙකුට රුපියල් මිලියන දෙකක මුදල් ත්‍යාගයක් ලබාදෙන බවද පොලීසිය නිවේදනය කරයි.
Read Moreඅයහපත් කාලගුණයේ බලපෑම නිසා මතුවී තිබූ ගස්කඩා වැටීමේ අවදානම හා ස ංඥා පද්ධති හා සන්නිවේදන බාධා නිසා තාවකාලිකව නවතා තිබූ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ සහ කොළඹ බදුල්ල දුම්රියන් අද 25 අලුයම සිට නැවතත් සාමාන්‍ය පරිදි ධාවනය වන බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසීය.
Read Moreඋතුරු පළාත තුළ උසස් මට්ටමේ සෞඛ්‍ය සේවාවක් සහතික කිරීම වෙනුවෙන් යාපනය රෝහල නුදුරේදීම ජාතික රෝහලක් බවට පත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreඉකුත් වසර ගණනාවක්ම අඛන්ඩව මෙරටට වැඩිම අපනයන ආදායමක් ලබාදුන් ඇමෙරිකා එක්සත් ජනපදය 2023 වසරේද මුලු අපනයන ආදායමෙන් සියයට 23.2 ක ප්‍රතිශතයක් ලෙස ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 2769 ක් වූ වැඩිම ආදායමක් මෙරටට ලබා දෙමින් අපනයන ගැනුම්කරුවන් අතරින් ප්‍රථම තැන හිමිකරගෙන සිටී .
Read Moreස්ථාන හතරකින් ගස් කඩා වැටී අවහිරවී තිබූ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ දියතලාව හපුතලේ අතර කොටස ගස් කපා ඉවත් කර අද 24 සවස යළි විවෘත කළ බව දියතලාව පොලීසිය පැවසීය.
Read Moreඅයහපත් කාලගුණය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ රාත්‍රී දුම්රියන් අද 24 අවලංගු කළ බව දුම්රිය පාලක මැදිරිය පැවසීය.
Read Moreතද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබේ. එම දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ මෙම නිවේදනය හෙට පෙරවරු 10.30 තෙක් වලංගු වෙයි.
Read Moreරත්ගම බූස්ස පිංතාලිය හන්දියේ දුම්රිය හරස් මාර්ගයේදී ඊයේ (23) රෑ යතුරු පැදියක් දුම්රියේ ගැටී තරුණයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇති බව රත්ගම පොලීසිය කියයි.
Read Moreදිවුලපැලැස්ස රොටලවෙල ක්‍රීඩාංගණයේ පැවති කානිවල් සැනකෙලියක ඉදිකර තිබූ මාරක ලිදක් ඊයේ (23) රාත්‍රි හදිසියේ කඩා වැටීමෙන් පස්දෙනෙකු තුවාල ලබා ගිරාදුරුකෝට්ට සහ මහියංගණ රෝහලට ඇතුළත් කළ බව දිවුලපැලැස්ස පොලිසිය පවසයි .
Read Moreගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල මෙරට තෙවැනි ජාතික රෝහල බවට පත්කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
Read Moreනිශ්පාදන හා ධීවර අංශයන්ට අදාළව පැවැති කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති අතර, ඉන් අයදුම්කරුවන් 3422ක් සමත් වී තිබේ. මෙම විභාගය සඳහා අයදුම්කරුවන් 3580 පිරිසක් ඉදිරිපත් වී තිබුණු අතර ඉන් සමත් සංඛ්‍යාව මුළු පිරිසෙන් සියයට 95.6 කි.
Read Moreවෙසක් පෝය යෙදුණු අද (23) දින උදේ 5.00 පමණ සිට දහවල් 3.00 දක්වා පැය දහයකට වැඩි කාලයක් අහුන්ගල්ල, බලපිටිය කොස්ගොඩ, වතුගෙදර ,අලුත්වල බටපොල , මීටියාගොඩ ,අම්බලන්ගොඩ, ප්‍රදේශවල ගම්මාන රැසක දහස් ගණන් ජනතාවට ජලය අත්හිටුවීමෙන් එදින පන්සල් වලට දාන මාන සකස් කර ගැනීමටද දායකයන්ට දැඩි දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදුවූ බව ප්‍රදේශවාසීහු පවසති.
Read Moreඅයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පසුගිය දින තුන ඇතුළත පාරිභෝගිකයන් තුන් ලක්ෂයකට වැඩි පිරිසකගේ විදුලිය විසන්ධිවී තිබුණ බව විදුලි බල හා බලශක් අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreනීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි රුපියල් පනස් එක් ලක්ෂ හැට දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි 51,600 ක් අඩංගු දුම්වැටි කාටූන් 258 ක තොගයක් සමග ඒවා රැගෙන ආ ගුවන් මගීන් දෙදෙනෙකු ද ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 05/23 දින අලුයම අත් අඩංගුවට ගෙන තිබේ .
Read More2023 වර්ෂය තුළ රජයේ අපේක්ෂිත බදු ආදායම ලබා ගැනීමට නොහැකි වී ඇති බව පාර්ලිමේන්තු ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ දෙවැනි වාර්තාවෙන් පෙන්නුම් කරන්නේ යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසීය.
Read Moreවෙසක් පොහොය දිනය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් 278කට විශේෂ රාජ්‍ය සමාවක් හිමිව තිබේ.ජනාධිපතිවරයා හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තියේ පැවරී ඇති බලතල අනුව බන්ධනාගාරගත සිරකරුවන් හට මෙම විශේෂ රාජ්‍ය සමාව පිරිනමා ඇත.
Read Moreවසර පහකට පසු වෙසක් සැරසිලි සඳහා ඉහළම ඉල්ලුම මෙවර සිදුවූ බවත් කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදනවලින් අතිබහුතරයක් ඊයේ (22දා) වන විට අළෙවි වී තිබූ බවත් සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
Read More2023-2024 වර්ෂය සඳහා පැවැත් වූ ශ්‍රීපාද වන්දනා වාරය වෙසක් පොහෝ දින අවසන් කරන බව ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියෝ පැවසූහ.
Read Moreපළමුවෙන් පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (22දා) කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය අද පෙරවරුවේ කොළඹදී රැස් විය.
Read Moreමෙරටට පාකිස්ථානයෙන් ආනයනය කරනු ලබන අර්තාපල් ඇතුලේ මත්ද්‍රව්‍ය රඳවා රුගෙන එන බවට තොරතුරැ ලැබී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා පැවසීය.පාර්ලිමේන්තුවේදී අද (22දා) අර්තාපල් ආනයනය පිළිබඳ ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
Read Moreමෙරටට පැමිණෙන විදේශිකයන් සඳහා ඔන්ලයින් වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කමිටුව හමුවට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණෙන බවට සඳහන් කර පසුව නොපැමිණීම පාර්ලිමේන්තුවේ වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
Read Moreරුපියල් මිලියන 1795.30ක මුදලක් වැය කර ඉදිකෙරෙණ අනුරාධපුර දක්ෂිණ බහු විධ ප්‍රවාහන මධ්‍යස්ථායේ ඉදිකිරීම් මේ වනවිට ක්‍රියාත්මකයි.
Read More5 ශ්‍රේණිය සිසුන් සඳහා මෙවර ශිෂ්‍යත්ව විභාගය 2024 සැප්තැම්බර් 15 වන ඉරුදින පැවැත්වෙන බව විභාග දෙපාර්තුමේන්තුව අද (22) නිවේදනය කළේ ය.
Read Moreතව වසර දොළහක් මෙරට පාලනය කිරීමට වත්මන් ජනාධිපතිතුමාට බලය ලබා දිය යුතු බවත් එය එසේ නොකොට වෙනත් පුද්ගලයකුට මේ රට භාර දීමට කටයුතු කළොත් පෙර තිබුණ තත්ත්වයට යළි රටේ අඳුරු අගාධයකට වැටෙන බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා අද (22) ගාල්ලේ දී ප්‍රකාශ කළේය
Read Moreමූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අවුරා ලංකා සභාපති විරංජිත් තාඹුගල ලබන 27 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා පතිරාජ මහත්මිය නියෝග කළාය.
Read More2024 මැයි 18 වැනි දින කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ විසින් නිකුත් කරන ලද පණිවිඩයක ඇතුළත්වූ ශ්‍රී ලංකාව තුළ සිදුවූයේ යැයි කියන “ජන සංහාරය” පිළිබඳ අසත්‍ය චෝදනාව ප්‍රතික්ෂේප කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreමස්කෙලිය අවිස්සාවේල්ල මාර්ගයේ වසර 26 ක් රියදුරෙකු වශයෙන් සේවය කර විශ්‍රාම ලබා ගැනිමට නියමිතව සිටින අවිස්සාවේල්ල ලංගම ඩිපෝවේ ඩි.කේ.ඇන්ටන් ප්‍රනාන්දු මහතාට නෝටන්බ්‍රිජ් ප්‍රදේශවාසින් විසින් (22) දින උපහාර පිදිමක් සිදු කරනු ලැබුහ.
Read Moreමේ වනවිට රැකියාවේ නිරතව සිටින බහුදින ධීවර යාත්‍රා වෙත ද ආරක්‍ෂිත ප්‍රදේශ හරහා ගමන්කරන ලෙසට දැනුම්දී ඇති බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත සඳහන් කරයි
Read Moreමෙරට 13,000කට අධික ග්‍රාම නිලධාරිවරුන්ට අනන්‍ය වැටුප් තලයක් ලබාදී වැටුප් සහ දීමනා ඉහළ නැංවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත්, ඒ අනුව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සේවය ස්ථාපිත කිරීම සඳහා එම සේවා ව්‍යවස්ථා කෙටුම්පත රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බවත්, එය විශාල ජයග්‍රහණයක් බවත්, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වෙනුවෙන් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත
Read More