නිමේෂ්ගේ සිරුර ගොඩ ගනියි
වැලිකඩ පොලිස් භාරයේ සිටියදී මරණයට පත්වූ බව කියන මීගහකිවුලේ නිමේෂ් සත්සර (25) තරුණයාගේ මළ සිරුර භුමදානයෙන් දින 21 කට පසුව අද (23) පෙරවරුවේ බදුල්ල මහේස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා ඉදිරියේ ගොඩගනු ලැබීය.
මෙම අවස්ථාවට කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ අධිකරණ වෛද්‍ය නිලධාරීන් සහ කරාපිටිය සහ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ අධීකරණ වෛද්‍ය නිලධාරීන් පිරිසක් බදුල්ල පොලිස් අපරාධ කොට්ටාශයේ හා කන්දකැටිය පොලීසියේ නිලධාරීහුද රහස් පොලීසියේ නිලධාරීහුද එක්ව සිටියහ.
නිමේෂ් සත්සර (25) තරුණයාගේ මළ සිරුර මෙලෙස ගොඩගනු ලැබුවේ මියගිය නිමේෂ් සත්සර තරුණයාගේ මව වන ලේකම්වසම්ලියනගේසමන්තිමහත්මිය විසින් කරන ලද පැමිනිල්ලක් අනුව ඉකුත් 09 වන දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩුවකදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුන් නියෝගයකට අනුවය.
තම දරුවා ඉකුත් අප්‍රේල් මස 01 දින වැලිකඩ පොලීසිය මගින් අත් අඩංගුවට ගැනීමෙන් පසුව පොලිස් භාරයේ සිටියදී වධ හිංසාවලට ලක්ව මිය ගොස් ඇති බවට තරුණයාගේ මව රහස් පොලීසියට කරන ලද පැමිනිල්ලක් මත රහස් පොලිසිය කරන ලද විමර්ශනය කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත්කර ඇත.
එන් කේ නිශ්ශංක මීගහකිවුල



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

