ඖෂධ හිඟය උග්‍ර වෙමින් තිබෙන නිසා අදාළ ගැටලුව විසඳීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වහාම මැදිහත් විය යුතු බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
මේ වන විට ඖෂධ වර්ග දෙසීයකට ආසන්න ප්‍රමාණයක් හිඟව පවතින බවත්, අත්‍යවශ්‍ය ජීවිත ආරක්ෂක ඖෂධ, ප්‍රබල ප්‍රතිජීවක ඖෂධ, කුඩා දරුවන්ට ලබා දෙන ඖෂධ, ශ්වසන රෝග සඳහා ලබාදෙන ඖෂධ ඇතුළු ඖෂධ රැසක් අඩංගු වන බව එම සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේය.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පාලනය අවසාන වන විට ඖෂධ අසූවක පමණ හිඟයක් පැවති බවත්, එය ක්‍රමානුකූලව මේ වන විට ඉහළ යමින් තිබෙන බවද පැවසීය.
පවතින තත්ත්වය යටතේ රෝහල්වලින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන් දැඩි ලෙස අපහසුතාවට පත්ව තිබෙන බවද සඳහන් කළේය.
මේ නිසා අදාළ ගැටලුව පිළිබඳව සොයා බැලීමට වහාම මැදිහත් වන ලෙසත්, ඖෂධ හිඟය විසඳීමට අවශ්‍ය කටයුතු කරන ලෙසටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටින බවද පැවසීය.