රත්නපුර ලෙල්ලොපිටිය ප්‍රදේශයේදි මාර්ගයට සුනඛයෙක් පැන ඇති අතර සුනඛයා බේරිමට ත්‍රිවිල් රථ රියදුරු උත්සාහ ගැනිමේදි ත්‍රිවිල් රථය පෙරලි එහි ගමන් ගත් කාන්තාවක් බරපතල තුවාල ලබා රත්නපුර රෝහලට ඇතුලත් කරන විටදි මියගොස් ඇතයි රත්නපුර පොලිසියේ රථ වාහන අංශය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේඅවුරදු 66 ක්වන සමුද්‍ර පේලිගේ දයාවති නැමති සිව්දරු මවක් බව පොලිසිය පවසයි.
තේ කර්මාන්ත ශාලාවක රැකියාවේ නිරත වි 21. වන දින පෙරවරු තම නිවසට යන අවස්ථාවේ හිතවත් අයෙකුගේ ත්‍රිවිල් රථයක නැඟි ගමන් ගන්න අවස්ථාවේ රත්නපුර පැල්මඬුල්ල මාර්ගයේ ගමන් ගනිද්දි ලෙල්ලොපිටිය ප්‍රදේශයේදි හදිසියේම සුනඛයෙකු මාර්ගයට පැන ඇත.
පසුව සුනඛයා බේරිමට ත්‍රිවිල් රථ රියදුරු උත්සාහ කල අවස්ථාවේ ත්‍රිවිල් රථය පෙරලි පිටුපස සිටි කාන්තාව වැටි බරපතල තුවාල ලබා රත්නපුර රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් ඇතිබව පොලිසිය පවසයි.
මෙම රථයේ ගමන්ගත් අනෙක් කාන්තාවට සහ රියදුරැට සුළු තුවාල සිදුවි ඇතිබව පොලිසිය පවසයි. සිද්ධියට අදාලවත් රිවිල් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
රත්නපුර මුලස්ථාන පොලිස් පරික්ෂක කමල් අබේසිරි මහතාගේ උපදෙස් මත රථ වාහන අංශයේ ස්ථානාධිපති පො.ප.සංජිව පො.සැ.අබේසේකර(70665)යන නිළධාරින් විසින් සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරික්ෂණ පැවත්වේ.
රත්නපුර අධිකරණ ඒ.ජි.වික්‍රමසිංහ