පාස්කු ප්‍රහාරය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක් - දෙදෙනෙකු සොයා ගනියි
- 22 04 2025
- 18:45
- {{hitsCtrl.values.hits}} views
- ..
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මීට පෙර සඳහන් කළ පරිදී නිරාකරණය කර ගැනීමට තිබෙන ගැටළු 06න් 02ක් නිරාකරණය කරගෙන තිබෙන බවත් ඊට අදාළ පුද්ගලයන් දෙදෙනා සොයාගෙන තිබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
අද (22දා) ගම්පහ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.
“නිරාකරණය කරගන්න ඕනී ගැටළු අපි මීට කලින් වේදිකා වල කියලා තියෙනවා ස්ථාන 06ක්. ඒ 06න් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙනවා. කවුද වව්නතිව් ප්‍රදේශයට ගිහින් ජැකට් එක දැම්මේ කවුද? හොයාගෙන තිබෙනවා. ඉමි( Imei ) අංකයක් දීලා ගියා එෆ්.බී.අයි එකෙන්. ඊට අවශ්‍ය වන දුරකතනය කාගෙද? හොයාගෙන තියෙනවා.”
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
