saravita-anim2

2025 මැයි මස 06 වන අඟහරුවාදා

2025 මැයි මස 06 වන අඟහරුවාදා

Latest News - timelapse 10696 hours ago

LATEST

ධීවර හා ජලජ සම්පත් සහ ග්‍රාමීය ආර්ථීකය අමාත්‍යාංශයට නව ලේකම්වරයෙකු පත්කෙරේ

calendar_today 2018 අගෝ 20 - 20:00 remove_red_eye - 539  

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථීකය පිළිබඳ අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජනාධිපති අතිරේක ලේකම් ජයන්ත විජේරත්න මහතා පත් කර තිබේ.

වැඩබලන අභියාචනාධිකරණ සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු එස්.තුරෙයිරාජා මහතා අද (20දා) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

Read More

දුම්රිය සේවය පෞද්ගලික කිරීම යටතේ පළමු වැඩපිළිවෙළ බෙලිඅත්ත කතරගම දුම්රිය මාර්ගයෙන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව දුම්රිය සේවය සුරැකීමේ සේවක මගී ව්‍යාපාරය සඳහන් කරයි.

Read More

පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍ර‍යේදී අනුරාධපුර මහ රෝහලේ සේවයේ නියුතු ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ යොහාන් කෝරළගේ මහතාට පහර දුන් බවට සැක කරන ශාස්ත්‍ර පීඨයේ තවත් සිසුවෙකු අද (20දා) අත්අඩංගුවට ගත් බව පේරාදෙණිය පොලීසිය පවසයි.

Read More

විදෙස් ආයෝජන ලබා ගන්නේ කෙසේදැයි 1992දී තමාගෙන් ඇසූ වියට්නාමය දෙස අද බලද්දී තමන්ට හැඬෙන බවත්, වසර 2050 වන විට ලෝකයේ බලවත්ම ආර්ථිකයන් අතර 25 වැනි හෝ 24 වැනි ස්ථානයේ සිටීමට නියමිත වියට්නාමය, ශ්‍රී ලංකාව පසුකර මේ වන විට බොහෝ දුර ගොස් ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

Read More

වැලිගම ගුරුබැවිල ප්‍රදේශයේ හෝටලයකදී අද (20දා) අලුයම සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයන් හය දෙනෙකු වැලිගම පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. වැලිගම, කුඹල්ගම හා ගුරුබැබිල යන ප්‍රදේශවල පදිංචිකරුවෝ පිරිසක් මෙ‍සේ අත්අඩංගුවට පත්ව ඇත.

Read More

උතුරු මැද පළාත් රෝහල්වල සේවය කරන හෙද නිලධාරීන්ට ගෙවීමට තිබෙන අතිකාල හිඟ මුදල් මේ මස 30 වැනිදා ගෙවීමට කටයුතු කරන බවට උතුරු මැද පළාත් සෞඛ්‍ය ලේකම්වරයා පොරොන්දු වූ බව සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කරයි.

Read More

තවද මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යවසායකයන් ලක්ෂයක් බිහි කරනවා. මීට පෙර ණය යෝජනා ක්‍රම දැක තිබුණත් මේ ණය යෝජනා ක්‍රමය මීට වඩා වෙනස්. එහි විශේෂත්වය වනුයේ රජය මෙම ණය සඳහා වන පොලිය ගෙවීමයි.

Read More

ඒ අනුව මෙම ගුවන් විදුලි නාට්‍ය මාලාවේ තිර පිටපත් අනුව එහි අන්තර්ගතය මගින් ගුණධර්ම මෙන්ම අධ්‍යාත්මික සංවර්ධනය අමතක කිරීම නිසා සමාජයේ දක්නට ලැබෙන පිරිහීමත් ඇතුළුව සමාජයට අවශ්‍ය බොහෝ දෑ ගැන විචාරශීලීව හා ප්‍රායෝගික ලෙසින් කතිකාවකට භාජන කිරීම හේතුවෙන්, කාර්යාංශය මගින් මෙය විකාශය සඳහා අනුග්‍රහය දැක්වීමට එකඟතාව පල කළ බව එහි වැඩිදුරටත් සඳහන් කොට තිබේ.

Read More

සැකකරුවන් පසුගිය (18දා) මධ්‍යම රාත්‍රියේ ආඬිගම ප්‍රදේශයේ පිහිටි අදාළ ආපන ශාලාවට ආයුධ සන්නද්ධව කඩාවැදී එහි තිබූ රුපියල් ලක්ෂ 15කට ආසන්න උපකරණ විනාශ කිරීමෙන් අනතුරුව රුපියල් එක්ලක්ෂ පනස් දහසක මුදලක්ද පැහැර ගෙන තිබු බව එහි හිමිකරු පොලීසියට පැමිණිලි කර තිබුණි. ඒ අනුව පරීක්ෂණ පැවැත් වූ ‍පොලීසිය (19දා) සවස ප්‍රධාන සැකකරු සහ තවත් දෙදෙනෙකු ගල්කුලම තේක්ක රක්ෂිතයේ රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන තිබූ අතර අනෙක් සැකකරුද එදින රාත්‍රියේම එම ප්‍රදේශයේදී අත්අඩංගුව

Read More

වෙනත් බන්ධනාගාරවලට මාරු කරන බවට සඳහන් කරමින් වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් යළිත් විරෝධතාවයක් ආරම්භ කර තිබේ

Read More

1,000කට පඩි ගෙවිය හැකි ඇතැම් රජයේ කාර්යාලවල 3,000ක් සිටින බැවින් රජයේ රැකියාවක් ලබාදීමම පවක් බව ඇමති මංගල කියයි.

Read More

වසර දහයකට වැඩි සේවා කාලයක් ඇති ජාතික පාසල්වල ගුරුවරුන් 7199කට ස්ථාන මාරු ලබා දුන්නද මෙයින් 400 කට අධික ප්‍රමාණයක් තවමත් ස්ථාන මාරු ලබාගෙන නොමැති බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.

Read More

ගම්පහ, මීගමුව සහ කැලණිය පොලිස් කොට්ඨාසවල මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විශේෂ දුරකථන අංක තුනක් හඳුන්වාදී තිබේ.

Read More

බොහෝවිට මෙම කැස්බෑවුන් වැනි සතුන් මිය යෑමට තහනම් ධීවර ආම්පන්න ආදිය බලපානවා. ඇතැම් අවස්ථා වලදී දැල්වල කැස්බෑවුන් පැටලුණාම නීතිමය ගැටලු නිසා අතපය කපලාහරි මුහුදට දාන අවස්ථා වාර්තා වෙලා තියෙනවා. මරණයට පත්වූ කැස්බෑවුන්ගේ සිරුරු වෙරළට එනවා.

Read More

කසළ තේ කිලෝ 3000 කට ආසන්න ප්‍රමාණයක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෝ දෙදෙනෙකු පෙරේදා (19දා) වෙලම්බොඩ, බඹරදෙණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වේලම්බොඩ පොලීසිය පවසයි.

Read More

මාදම්පේ ප්‍රදේශයේ මාදම්පේ- බුවල්කා නමින් පවත්වාගෙන යන ඉන්දියන් සමාගමකට අයත් යකඩ උණු කරන ආයතනයකට විරුද්ධව ඊයේ (20දා) දිනයේදී ඒ අවට ප්‍ර‘දේශවාසීන් එක්ව ඊට විරෝධය පළ කරමින් උද්ඝෝෂණයක නිරත වුහ.

Read More

සුදු කැකුළු සඳහා ගොවීන්ට වැඩි මුදලක් ලබා දීමට කටයුතු කරනවා. මෙම යල් කන්නයේ වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලයට රුපියල් මිලියන 4900ක් ලබා දී තිබෙන අතර ජල පහසුකම් හිඟවීම නිසා වී වගා කළ නොහැකි වූ ගොවීන්ට නියං ආධාර ලබාදීමට රුපියල් මිලියන 38000ක මුදලක් වෙන් කර තිබෙනවි. මේ අතර වී වගාව‍ මෙන්ම කොස් සහ පළතුරු වගාව ඉහළ නැංවීමට ද පියවර ගන්නවා.

Read More

අත්සන් කර තිබෙන සංගප්පූරු ගිවිසුම රට අනතුරට ඇද දමා තිබියදී හොර රහසේ එට්කා ගිවිසුම හා තායිලන්තය සමග වෙළෙඳ ගිවිසුමක් අත්සන් කිරීමට සැලසුම් කර තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

සයිටම් ශිෂ්‍යයන් කොතලාවල පීඨයට ඇතුළත් කිරීමේදී වර්ෂයකට රුපියල් ලක්ෂ 13ක මුදලක් ගෙවීමට සිදුව ඇති හෙයින් ඔවුන්ට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා ඔවුන් විසින් අද (20දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සංදේශයක් භාරදීමට කටයුතු කරන ලදී.

Read More

මහනුවර ශ්‍රී දළදා මාලිගයේ ඇසල මංගල්‍යය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

Read More

හිටපු ජනාධිපතිවරුන්ට යළිත් වරක් ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය හැකිද යන්න සම්බන්ධව සැප්තැම්බර් මුල් සතියේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට තමන් පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරීස් මහතා අද (20දා) පැවසීය.

Read More

තලෙයි මන්නාරම, මන්නාරම හා පුනරීන් මුහුදු වෙරළවලට මේ දිනවල ඉන්දියානු සමාගම්හි ලිපිනයන් සඳහන් විවිධ අපද්‍රව්‍ය ගොඩගැසීම හේතුවෙන් මසුන් විශාල ලෙස මියයෑම ඇතුළු පාරසරික ගැටලු රැසක් මතුව ඇතැයි මන්නාරම ධීවරයෝ පවසති.

Read More

කැලණි ගඟ වේල්ල ඇතුළත පදිංචි අනවසර පදිංචිකරුවන්ට විකල්පයක් ලෙස මහල් නිවාස ලබාදීමට සුදුසු ඉඩම් වෙන්කිරීම සඳහා රජය පියවර ගෙන ඇති බවත්, කැලණි ගඟ වේල්ල ආරක්ෂා කර ගැනීම ප්‍රමුඛ අවශ්‍යතාවක්ව පවතින බැවින් මෙම පියවර ගත් බවත් ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා පැවසීය.

Read More

පේරාදෙණිය විශ්වවිද්‍යාලය මාර්ගයේ අල්විස් වටරවුම අසලදී අද (20දා) අලුයම යතුරුපැදියක් මාර්ගයෙන් ඉවත‍ට පැන අසල තිබූ දිය පොකුණක ගැටීමෙන් එහි ගමන්ගත් තරුණයන් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි පේරාදෙණිය පොලිසිය පවසයි.

Read More

මෙම වසරේ තෙවැනි පාසල් වාරය සඳහා සියලුම පාසල් ලබන මස 03 වැනිදා ආරම්භ කරන බවත්, අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් 37ක පමණක් තෙවැනි පාසල් වාරය ලබන මස 06 වැනිදා ආරම්භ කරන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

ඉතාලියේ නාපෝලි නගරයේ රැකියාවක නිරතව සිටි ශ්‍රී ලාංකිකයෙකු හදිසි අනතුරකින් ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි එරට ආරංචිමාර්ග පවසයි.

Read More

මේ රට අද තියෙන්නේ බොහොම නරක තැනක. මේ තැනින් රට අඩියක්වත් ඉස්සරහට ගන්න දැන් ඉන්න පාලකයොන්ටවත්, එදා සිටි පාලකයොන්ටවත් බැහැ. අපි එහෙම කියන්නේ මේ අය දැන් අවුරුදු 70ක් තිස්සේ රට පාලනය කළානේ. රට ඒ අය සංවර්ධනය කළාද නැහැනේ. මේ බොහෝ දෙනා හිතන් ඉන්නේ රටේ සංවර්ධනය කියලා කියන්නේ ලොකු බිල්ඩින් ඉදිකිරීමයි කියලා, රටම කොන්ක්‍රීට් වනාන්තරයක් කළොත් කියලා. ඒක බොහොම වැරදි මතයක්.

Read More

හැටන්, ස්ටැඩන් තේ වතුයායේ කොටසක නාය යෑමේ භූ ලක්ෂණ මතු වීම හේතුවෙන් එම වතුයායේ පදිංචි පවුල් 23ක සමාජිකයන් 54 දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා යොමුකළ බව හැටන් පොලීසිය පවසයි.

Read More

පුත්තලම, ආණමඩුව, ආඬිගම නගරය ආසන්නයේ පිහිටි හෝටලයකට පහරදීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු ඇතුළු තිදෙනෙකු අද (20දා) අලුයම සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.