saravita-anim2

2026 ජනවාරි මස 08 වන බ්‍රහස්පතින්දා

2026 ජනවාරි මස 08 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 10885 hours ago

LATEST

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගෙන් පැය 8ක් ප්‍රශ්න කෙරේ

calendar_today 2019 මාර් 11 - 17:51 remove_red_eye - 215  

හිටපු නාවික හමුදාපති රියර් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද(11) පැය අටක පමණ කාලයක් ප්‍රශ්න කිරිමකට ලක් කර තිබේ.

විදුහල්පති ගුරු වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ආණ්ඩුවට බල කරමින් එළැඹෙන 13 වැනිදා අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට ශ්‍රි ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සහාය පළ කරන බව එම සංගමයේ සභාපති වසන්තා හදපාන්ගොඩ මහත්මිය පැවසීය.

Read More

කෙසේ වෙතත් ඔහු වෙනුවෙන් ආදේශ ක්‍රිඩකයෙක් දකුණු අප්‍රිකාවට නොයන බවත් ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

ඔස්ට්‍රෙලියානු ජාතිකයෙකුගේ අත්සන ව්‍යාජ ලෙස යොදා සකස් කළ ඇටොර්නි බලපත්‍රයක් මඟින් මීට වසර 19කට පෙර ඔහුට අයත් සමාගමක කොටස් විකූණා රුපියල් මිලියන 21ක මුදලක් වංචා කිරීම හා සාපරාධී සාවද්‍ය පරිහරණය කල බවට චෝදනා ලැබ සිටින පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන ජුලි මස 05 වැනිදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොළ මහතා අද (11) නියම කළේය.

Read More

බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වීය.

Read More

නීතීවිරෝධී ක්‍රියාකාරකම් වලින් උපලබ්ධ වු රුපියල් කෝටි 55ක මුදලක් සාපරාධි ලෙස සාවද්‍ය පරිහරණය කළ බවට මුදල් විශූද්ධිකරණ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළ ගාමිණි සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් සිවුදෙනා විත්තිවාචක නොකැඳවාම නිදහස් කරන්නැයි විත්ති පාර්ශවයෙන් කළ ඉල්ලීම පිළිබඳ තීන්දුව ලබන 27 වැනිදා ප්‍රකාශයට පත් කරන බව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අද (11) දැනුම් දුන්නේය.

Read More

බන්ධනාගාර ඉතිහාසයේ 13 වන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ලෙස ටී.එම්.ජයසිරි විජයනාත් මහතා අද දින (11) බන්ධනාගාර මුලස්ථානයේදි සුභ මොහොතින් වැඩ භාර ගත්තේය.

Read More

බඩවල් කෝටි දෙකකට නෙමෙයි, මොළවල් කෝටි දෙකකට කතා කරන ක්‍රමවේදයක් අනාගතයේ අපි මෙරට ගොඩනැගිය යුතු බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මහතා පවසයි.

Read More

කැලුම් ඉන්දික (කැවුමා) නැමැති සංවිධානාත්මක අපරාධකරු නැවැතී සිටි මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ නිවසක තිබී හෙරොයින් මත්කුඩු කිලෝ 150කට අධික ප්‍රමාණයක් සොයාගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව තිබේ.

Read More

ශ්‍රී ලංකාවට නව ලිබරල්වාදී ප්‍රතිපත්තිය හඳුන්වාදුන්නේ හිටපු ජනපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හා මහින්ද රාජපක්ෂ මහතා බව අමාත්‍ය කබිර් හෂීම් මහතා පැවැසීය.

Read More

2017 වර්ෂයේදී රුසියානු සමුහාණ්ඩුව විසින් සංවිධානය කළ “19 වන ජාත්‍යන්තර තරුණ සහ ශිෂ්‍ය උත්සවය ” සඳහා ශ්‍රි ලංකාවේ දායකත්වය ලබා දීම වෙනුවෙන් කැපවී ක්‍රියා කළ පිරිස්ට රුසියානු රජය විසින් පදක්කම් හා ඩිප්ලෝමා ප්‍රදානයක් සිදු කිරිමට නියමිතය.

Read More

ශ්‍රි ලංකාව වෙත පැමිණෙමින් සිටි මැලේසියානු ජාතික වියපත් කාන්තාවක් , ඇය ගමන් කරමින් සිටි ගුවන් යානය තුළදීම මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ උසස් පොලිස් නිලධාරීවරයෙකු පැවසීය.

Read More

ශ්‍රී පාදස්ථානයේ නම වෙනස් කිරීමට විරෝධය දක්වමින් මහා සම්මතවාදී ජාතික පෙරමුණ පැවැත්වූ විරෝධතාවක් කොළඹ බුද්ධ ශාසන අමාත්‍යාංශය ඉදිරියේදි පැවැත්විණ.

Read More

පොළොන්නරුවේ ජනතාව ප්‍රතික්ෂේප කළොත් මිසක් තමන් පොළොන්නරුව ඇත හැර නොයන බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා පවසයි.

Read More

දකුණු අප්‍රිකාව හා පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේදී වැස්සෙන් පසුව ශ්‍රී ලංකාවට ලැබුණ ඉලක්කය තරමක් අපහසු ඉලක්කයක් බව ශ්‍රී ලංකා එක්දින නායක ලසිත් මාලිංග පවසයි

Read More

විදේශීය ගුවන් යානා කාර්යය මණ්ඩලයක සේවය කරන ශ්‍රි ලාංකිකයෙකු විසින් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ රුපියල් දෙකෝටියකට අධික වටිනාකමකින් යුතු රත්තරන් වළලු තොගයක් කටුනායක ගුවන් තොටුපළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසීය .

Read More

ත්‍රස්තවාදය වැළක්විමේ පනත ඉවත් කිරිමට පිටරටින් බලපැම් සිදුවෙමින් පවතින බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

අයවැය විවාදයට එක්වූ අමාත්‍ය ජෝන් අමතුංග මහතා මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා ඉදිරිපත් කළ අයවැය කථාවම සිදුකරන බව විපක්ෂ මන්ත්‍රිවරුන් සඳහන් කරන්නට විය.

Read More

‍ව්‍යාපාරික ධනුෂ්ක සංජීව (35) නොහොත් මන්නාසපුගස්කන්දේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ බව කියන ප්‍රධාන සැකකරු බව කියන කැළණියේ චමිල ප්‍රසාද් (37) නැමැත්තාගේ ඝාතනය කළ සිරුර හමුවූ බව පොලීසිය පවසයි.

Read More

එක්දින තරග තුනකට විස්සයි20 තරග තුනකට ක්‍රීඩා කිරිම සඳහා එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණියේය.

Read More

ශ්‍රම බළකාය සඳහා කාන්තාවන් වැඩි වශයෙන් දායක කර ගැනීම වෙනුවෙන් කාන්තාවන් රැකියාවකට ඇතුළත් කිරිමේ උපරිම වයස් සීමා ඉවත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරින් වික්‍රමරත්න මහතා පැවැසීය.

Read More

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.

Read More

ගෘහ පාලිකාවන් ලෙස කුවේට්හි සේවයට ගොස් විවිධ අතවර හා හිංසාවලට ලක්වූ ලාංකික කාන්තාවන් 26 දෙනෙකු හා පිරිමින් දෙදෙනෙකු යු. එල්. 230 දරණ ගුවන් යානයෙන් අද (11දා) දිවයිනට පැමිණියහ.

Read More

කර්නල් තනතුරේ සේවය කළ යුද හමුදා නිලධාරීන් 16 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයට උසස් කර තිබේ.

Read More

ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විධායක ජනාධිපතිධුරය අහෝසිකිරීම ඇතුළු විසිවැනි සංශෝධනය සඳහා පාර්ලිමේන්තුවේ සහාය ලබා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ සහ ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා ඇතුළු ද්‍රවිඩ ජාතික සන්ධාන මනිත්‍රීවරුන් සමග අද (11දා) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

Read More

නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැර හදිසි පාර්ලිමේන්තු මැතිවරණයකට යෑමට එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුන් විරෝධය පළකර ඇතැයි එම පක්‍ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කළේය.

Read More

සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම හමුවේ එක්දින තරගාවලි පරාජයක් වැළඳ ගනිමින් දෙරට අතර ඩර්බන්හි ඊයේ (10දා) පැවති තෙවැනි එක්දින තරගයෙන් ලකුණු 71ක (ඩ/ලු) පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.

Read More

ගිනි අවියක් තම ගමන් මල්ලේ සගවා ගෙන ඇමෙරිකා එක්සත් ජනපදය වෙත ගෙන යෑමට තැත් කළ එරට ගුවන් මගියෙකු ඊයේ (09දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් පිරිසක් ගුවන් තොටුපළේ දී අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ උසස් නිලධාරීවරයෙකු පැවසීය.

Read More

මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණයත් සමඟ බගවන්තලාව ප්‍රදේශයේ වතු කම්කරුවන්ට සහ ග්‍රාමීය ජනතාව උග්‍ර පානිය ජල ගැටලුවකට මුහුණ පා ඇත.

Read More

තලවකැලේ සෙන්ක්ලෙයාර් දිය ඇල්ල ඉලුක් සහිත රක්ෂිතයේ අද (10) දහවල් හට ගත් ගින්නකින් අක්කර 100 පමණ ගිනිගෙන විනාශ වි ඇති බව තලවකැලේ පොලීසිය පැවසිය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.