අගමැති හා මංගල මහා පාවාදීමක් සිදුකළා
ඇමෙරිකාව එක්සත් ජනපදය ඇතුළු රටවල් මුලින්ම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවට සමඅනුග්රහය දැක්වීම හරහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් එවකට විදේශ කටයුතු අමාත්‍ය වූ මංගල සමරවීර මහතාත් මහා පාවාදීමක් කළ බව හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.
හිරු ටී.වී. නාළිකාව හරහා විකාශය වූ සලකුණ සංවාද වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජීනීවා යෝජනාවට ශ්‍රී ලංකාවට සම අනුග්‍රහය දක්වන්න බෑ. ඔවුන්ට ලිඛිතව අවශ්‍ය වෙලා තිබුණා ඒ කාරණය. මම ලිඛිතව මේ ගැන සාක්ෂි දුන්නා. හිතුවක්කාර ලෙස ජනපතිතුමාගේ අවසරයක් අනුමැතියක් නොමැතිව ආණ්ඩුක්‍රම ව්යවවස්ථාවේ 33/2ඌ වගන්තිය අනුව ජාත්‍යන්තර එක්ක බැඳිච්ච ගිවිසුමක් ගැන තනි අනන්‍ය බලය තිබෙන්නේ ජනපතිට.
ඒ බලය පිළිබඳව නොතකා අගමැති හා මංගල සමරවිර මහතාගේ අවශ්‍යතාව මත මහ පාවාදීමක් එදා කළා සම අනුග්‍රහය දක්වලා. අද හරිනම් අපි නිදහස් වෙන්න ඕන. මොකද ඇමෙරිකාව මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා අස්වුණා. නමුත් අපි අපිට විරුද්ධව දාගත්ත පැමිණිල්ල තිබෙනවා.
දෙවැනි වතාවටත් වෙන්න යන දේ ගැන මම දැනගත්තා. මම ජනපතිතුමාට කිව්වා. ජනතිතුම දන්නේ නෑ. කැබිනට් මණ්ඩලය දන්නේ නෑ ඒක ජීනීවා වලට යවලා ඉවරයි. ඒක විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාර්පන දන්නේ නෑ. මංගල සමරවීර එන්.ජී.ඕ. ටිකක් එක්ක සකස් කරලා ජීනීවා වලට යෝජනාවක් යවා තිබුණා. ඒක නොවන්නට ජනපතිතුමා පිරිසක් යැව්වා. අපි ඒක වළක්වා ගත්තා.”

popular news
-
Dayan Tuesday, 07 May 2019 10:00 AM
මෙය වැටිලා ඉන්න වලෙන් ගොඩ එන්න මගක් හොයනවා වගෙඉ. ජනදිපතිට හුනුගාල බලනව.
Reply : 68 16
Champa Tuesday, 07 May 2019 10:54 AM
ඒ ආණ්ඩුවේ හිටපු කිසි කෙනෙක්ට සමාව දෙන්න හොඳ නැහැ. දැන් එනවා අමුතු බත් දෙන්න.
Reply : 0 14
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

