ත්‍රිවිධ හමුදාවේ නිල ඇදුම් ගෝනි 10ක් නිවසකින් සොයා ගනියි
තලාපිටිය ප්‍රදේශයේ නිවසක ගෝනි 10ක සඟවා තිබු ත්‍රිවිධ හමුදා නිල ඇඳුම් තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලීසිය පවසයි.
එම නිවසේ නිල ඇඳුම් දහසකට ආසන්න සංඛ්‍යාවක් තිබී සොයා ගන්නා ලද අතර ඒවායේ රණවිරු ලාංඡනය සහිත රණවිරු ඇපරල් ලේබලය තිබූ බවත් එම නිල ඇඳුම් බියගම ප්‍රදේශයේ කම්හලක මසනු ලබන ඒවා බවත් පොලීසිය පවසයි.
ගාල්ල පොලීසිය විසින් අද (06) කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම නිල ඇඳුම් තොගය සොයා ගෙන ඇත.
මෙම නිල ඇඳුම් සැකකරුට ලැබුණේ කෙසේද යන්න පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පවත්වන බව ගාල්ල පොලීසිය පවසයි.

popular news
-
Champa Monday, 06 May 2019 05:56 PM
අම්ම. කොහොමද වැඩේ. මේක ත්‍රස්ත ප්‍රහාරයට ආණ්ඩුව කෙලින්ම සම්බන්දයි. මම ඒක කිව්වේ 21 වෙනිදා බෝම්බ පුපුරද්දීමයි. ඕක මරාගෙන මැරෙන බෝම්බ 9න් නවතින්න පටන් ගත්ත එකක් නෙමෙයි. දිගට දිගට යන්න plan කරපු එකක්. රටේ විවිධ පළාත් වලින් හම්බ වෙච්ච හමුදා නිල ඇඳුම් වලින් පෙන්නුම් කරන්නේ ඊළඟ ප්‍රහාර එල්ල කරන්න ඉඳල තියෙන්නේ හමුදා ඇඳුම් ඇඳලා කියන එක. ඒ කියන්නේ හමුදා ඇඳුම් ඇඳගෙන කඳුවුරු වලට කඩා පනින්න වෙන්නත් පුළුවන්. පන්සල් ඇතුලට වෙන්නත් පුළුවන්. තව වෙනත් ගොඩනැගිලි වලට වෙන්නත් පුළුවන්. බෝම්බ පුපුරවන්නේ හමුදාව කියල අදහසක් දෙන්න. ඒවගේ එකකට මහා විශාල ප්‍රචාරයක් ලෝකේ පුරා යන්න ඉඩ තිබ්බ. අනිත් එක එහෙම වුනාට පස්සේ නැවත හරි දේ කිව්වත් ඒකට ප්‍රචාරය දෙන්න නැහැ. මෙච්චර පැහැදිලිව මුස්ලිම් ත්රස්තවාදීන් කරපු විනාශේ BBC එක ලෝකෙට කිව්වේ බෞද්ධයන් කළා කියල. අනික සිංහලයන් සහ හමුදාව භේද කරන්න. මහා විනාශයක් වෙන්න තිබ්බ දෙයක් ඉතාම සුළු දෙයක් වෙලා ඉවර වෙලා තියෙනව. ඇත්තටම මේ මුස්ලිම් ත්රස්තවාදීන් ගේ ඉලක්කය සිංහල බෞද්ධයන් සහ හමුදාව. පල්ලි වලට ඔවුන් එල්ල කරපු පළමු ප්‍රහාර නොමඟ යැවීමක් වෙන්න පුළුවන්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

