වන්නි ආරක්ෂක මෙහෙයුම් වලදී සැකකරුවන් 84 දෙනෙකු උපකරණ සමඟ අත්අඩංගුවට
පසුගිය අප්‍රේල් 21 වනදා සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසුව අද (07) දක්වා යුද හමුදාව විසින් සිදු කල සෝදිසි මෙහෙයුම් වලදී සැකකටයුතු පුද්ගලයින් 84 දෙනෙකු අත්අඩංගුවට ගෙන පොලීසියට භාර දී ඇති බවට වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය පවසයි.
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් වවුනියාව, මන්නාරම, වැලිඔය හා පදවිය යන ප්‍රදේශයන්හි වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතාගේ උපදෙස් පරිදි මෙසේ සිදුකල සෝදිසි මෙහෙයුම් වලදී සැක කටයුතු මුස්ලිම් ජාතිකයින් 85 දෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා පොලීසියට භාර දී ඇත.
එසේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුම් වලදී වවුනියාව ඉරනේරුප්පු කුලම් මුස්ලිම් ගම්මානයේ තිබී නීතිවිරෝධී ගිනිඅවි 3ක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඊට අමතරව ස්ථාන කිහිපයකදී යුද හමුදා නිල ඇඳුම් හා යුද උපකරණ ළඟ තබා සිටි සැකකරුවන්ද අත්අඩංගුවට ගෙන ඇත.
වන්නි ආරක්ෂක සේනා බල ප්‍රදේශය තුළ පිහිටි සියලු ප්‍රදේශයන්හි දෛනිකව යුද හමුදා සෙබළුන් පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකායේද සහාය ඇතිව සෝදිසි මෙහෙයුම් දියත් කිරීමට පියවර ගෙන ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

