saravita-anim2

2026 මැයි මස 01 වන සිකුරාදා

2026 මැයි මස 01 වන සිකුරාදා

Latest News - timelapse 11103 hours ago

LATEST

යුද්ධයෙන් මිය ගිය පිරිස් වෙනුවෙන් ජනසංහාර සතියක්

calendar_today 2019 මැයි 13 - 15:10 remove_red_eye - 571  

යුද්ධය හේතුවෙන් මිය ගිය උතුරු නැගෙනහිර සාමාන්‍ය වැසියන් වෙනුවෙන් ජනසංහාර සතියක් නම්කොට උතුරු නැගෙනහිර ස්ථාන කිහිපයකදී ඔවුන් සිහිපත් කිරීමේ වැඩසටහන ආරම්භ කළ බවට දෙමළ ජාතික සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් පවසයි.

ආණ්ඩුකම ව්‍යවස්ථා සභාව අද (13) පස්වරුවේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස්විය.

Read More

මේ අතිශය විනාශකාරී තත්ත්වය ඇතුලේ වුවද රනිල් වික්‍රමසිංහ මහතා මර්දන නීති ශක්තිමත් කරගන්න ප්‍රතිත්‍රස්ත පනත සම්මත කරගැනීමට උත්සාහ කරමින් සිටින බැව් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More

කුලියාපිටිය, බිංගිරිය, දුම්මලසූරිය, කොබෙයිගනේ, රස්නායකපුර හා හෙට්ටිපොළ යන ප්‍රදේශවලට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පැනවීමට රජය පියවර ගෙන තිබේ. ඒ එම ප්‍රදේශ තුළ යළත් වරක් ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙනි.

Read More

අපේ රටේ බුද්ධි සේවය තවත් දියුණු කළ යුතුව තිබෙනවා. තාක්ෂණය උපයෝගි කර ගත යුතුව තිබෙනවා. ඒ වෙනුවෙන් විදෙස් රටවල ආධාර ලැබෙනවා. අයි.එස්. ත්‍රස්ත ක්‍රමවේදය එල්.ටී.ටී.ඊ ත්‍රස්ත ක්‍රමවේදයට වඩා වෙනස්.

Read More

දඹුල්ල, කැකිරාව මඬාටුගම ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අන්තවාදි කටයුතු වලට සම්බන්ද බවට සැකපිට කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශෙෂ කාර්ය බළකාය සමත්ව තිබේ.

Read More

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා චීනයේ නිල සංචාරයකට එක්ව ඇති හෙයින් වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පත්කර තිබේ.

Read More

මේ බෝම්බ පුපුරවන ජාතික තව්හිද් ජමාද් සංවිධානය හැදුවේ කවුද? මේවාට මුදල් දුන්නේ කවුද? මේවා අපි හරි වේලාවට එළි කරන්නම් යැයි අධිකරණ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

Read More

විශේෂයෙන්ම සමාජ මාධ්‍ය පිළිබඳව ගවෙෂණ සමීක්ෂණ කරන අපේ රටේ වගේම ලෝකයේ සෑම රටකම සොයාගෙන තිබෙන්නේ සමාජ වෙබ් අඩවි භාවිත කරන්නන්ගෙන් විශේෂයෙන්ම දැන උගත් සමාජයෙන් පහළ අය.

Read More

මඩකලපුව මුලස්ථාන පොලිස් බල ප්‍රදේශයේ සවූක්කඩ්හිදී ඔස්ට්‍රේලියාවට බෝට්ටු මගින් යාමට සිටි පුද්ගලයින් මඩකලපුව පොලිසිය මගින් අද උදේ අත්අඩංගුවට ගන්නා ලදී.

Read More

පාරිභෝගික භාණ්ඩ සඳහා හඳුන්වාදෙන හලාල් සහතිකය වහාම අදාළ භාණ්ඩවලින් ඉවත් කර ගැනීම සඳහා වන ඉල්ලීම් ලිපියක් පාරිභෝගික කටයුතු අධිකාරියට භාරදීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ දක්ෂිණ ලංකවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ සූදානම් වෙති.

Read More

රිපීටර් වර්ගයේ ගිනි අවි දෙකක්, සොට් ගන් දෙකක්, මෙරට නිශ්පාදිත පිස්තෝලයක්, ටී. 56 උණ්ඩ උණ්ඩ ඇතුළු තවත් උණ්ඩ රාශියක් මෙහිදි හමුවී තිබේ.

Read More

පාසල්වලට සිසුන්ගේ පැමිණීම අද (13දා) දිනයේදී ඉතාමත් අඩු අගයක් ගෙන තිබූ බවත්, එබැවින් පාසල් කටයුතු සම්පූර්ණයෙන්ම අඩපණ වූ බවත් ගුරු විදුහල්පතිවරු සඳහන් කරති.

Read More

දකුණු පළාත සඳහා දෙමළ භාෂා ගුරුවරුන් 314 දෙනෙකු බදවා ගැනිමට දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සැලසුම් කොට ඇත.

Read More

මත්තේගොඩ යුධ හමුදා කඳවුරට සහ කළුබෝවිල ශික්ෂණ රෝහලට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල කරන බවට, දුරකථන ඇමතුමක් ලබාදුන් එම කඳවුරේම සේවයේ නියුතු ඉංජිනේරු බළකා කපිතාන්වරයෙකු අත්අඩංගුවට ගත් බව මත්තේගොඩ පොලීසිය පවසයි.

Read More

තෙදින නිල සංචාරයක් සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද උදෑසන චීනය බලා පිටත්ව ගියේය. ඔහු සමග 27 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් මෙම සංචාරයට එක්ව තිබේ.

Read More

දිස්ත්‍රික්ක 20කට පවතින උණුසුම් තත්ත්වය අද (13දා) දිනයේදී ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කරයි. මෙහිදී කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම, වවුනියාව, ත්‍රිකුණාමලය, අනුරාධපුර, පොළොන්නරුව, මඩකලපුව, කුරුණෑගල, අම්පාර, මොනරාගල යන දිස්ත්‍රික්ක 11 තුළ වැඩි අවධානයක් යොමුකළ යුතු මට්ටමේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

Read More

ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත සංවිධාන ලෙස හඳුනා ගෙන ඇති ජාතික තවුහීද් ජමාත් සංවිධානය (National Thawheed Jammath – NTJ) සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි (Jamathei MillathuIbraheem- JMI) සංවිධානය ශ්‍රී ලංකාව තුළ නිල වශයෙන් තහනම් කිරීමට අවශ්‍ය නීතිමය කටයුතු සිදුකිරීමට මෙතෙක් රජයේ අවධානය යොමුවී නොමැති බව අදට වාර්තා වේ.

Read More

බණ්ඩාරගම ජාතික පාසල අසල පාසල් මාවතේදී පොලිස් නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකල වැටලීමකදී හොරොයින් ග්‍රෑම් 501යි මිලි ග්‍රෑම් 60ක් තමන් සන්තකයේ තබාගෙන ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

Read More

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ අවසන් පන්දුවාරය යොමුකිරීමට ඔවුන් ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග තෝරා ගත්තේය. ඔහුගේ පන්දුවාරයේදී චෙන්නායි කණ්ඩායමට ලකුණු 9ක් ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබුණි.

Read More

දිවයිනේ ස්ථාන කිහිපයක ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමගින් එය තවදුරටත් ව්‍යාප්තවීම වැළැක්විම සඳහා රජය විසින් තාවකාලිකව සමාජ මාධ්‍ය තහනමක් පනවා තිබේ.

Read More

(UPDATE)කුලියාපිටිය, බිංගිරිය හා දුම්මලසූරිය යන ප්‍රදේශවල ඇතිවූ නොසන්සුනාකාරී තත්ත්වයක් පාලනය කිරීම සඳහා පොලීසිය පොලිස් ඇඳිරි නීතිය පැනවීය.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව පළිබඳ පිළිබඳව සියළු කරුණු සොයා බැලීම සඳහා සියළු පක්‍ෂ නියෝජිතයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීම සඳහා එක්සත් ජාතික පෙරමුණු රජය පූර්ණ සහය ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

ගල්කිස්ස ප්‍රදේශයේදී බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුවූ අත්අඩංගුවට ගැනීම ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීමක් නොවන බවත් එහිදී විදේශ මුදල් ලංකාවේ මුදල්වලට හුවමාරු කිරීමේ ජාවාරමකට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමක් සිදුවූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා තමන් අස් නොවෙන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය. අම්පාර එකට සිටිමු වැඩසටහන අමතමින් ඔහු මේ බව පැවැසීය.

Read More

කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා නිපුණ හාල් නිෂ්පාදන සමාගමෙන් සමාව ඉල්ලීමට කටයුතු කර තිබේ. ඒ ඔහු සිය ට්විටර් ගිණුම හරහා කළ ප්‍රකාශයක් හේතුවෙනි.

Read More

හෙට (13දා) ආරක්ෂාව තහවුරු කර ඇති බවත් එදින ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට වාර්තාවන තොරතුර තහවුරු නොකළ තොරතුරක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.

Read More

අන්තවාදී කණ්ඩායම් සමග සම්බන්ධකම් පැවැත්වූ බවට සැකයක් ඇතිවී තිබෙන බැවින් සහ ඇතැම් කරුණු තහවුරු වී තිබෙන බැවින් බස්නාහිර හා නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරුන් වහාම ඉල්ලා අස්විය යුතු බව පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ අවධාරණය කළහ.

Read More

ශ්‍රී ලංකාවේ පළමු සුහුරු නගරය ලෙස පොළොන්නරුව නගරය ප‍්‍රකාශයට පත් කිරීම ද අද ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදු විය.

Read More

ශ්‍රී ලංකාව යනු සිංහල බෞද්ධ රටක් නොව ශ්‍රී ලාංකියන්ගේ රටක් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවැසීය. මාතර පැවැති ජනහමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.