saravita-anim2

2026 ජනවාරි මස 03 වන සෙනසුරාදා

2026 ජනවාරි මස 03 වන සෙනසුරාදා

Latest News - timelapse 10802 hours ago

LATEST

රත්න ඇල්ල නැරඹිමට ගිය සරසවි සිසුවෙකු දියේ ගිලි මරුට

calendar_today 2019 මාර් 25 - 14:10 remove_red_eye - 2298  

හසලක රත්න ඇල්ල දිය ඇල්ල නැරඹිමට පැමිණි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා අංශයේ තුන්වන වසරේ සිසුවෙකු දියනෑමට ගොස් ඊයේ (24) දහවල් දියේ ගිලී ජිවිතක්ෂයට පත්ව ඇති බව හසලක පොලීසිය පවසයි.

මීළඟ ජනාධිපතිවරයා විය යුත්තේ මෙරට වස විසෙන් තොර වගාවන් කිරීම පිණිස කටයුතු කිරීමට හැකි අයෙකු යැයි , පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පැවසුහ.

Read More

මහනුවර මහරෝහල ජාතික රෝහලක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල සන්දේශයක් ඉදිරිපත් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

Read More

නවක සෞඛ්‍ය පත්වීම්ලාභීන්ට වසර 02ක් යනතුරු ස්ථාන මාරුවීම් ලබා නොදෙන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වු පුත්තලම නගරයේ පැවති රැස්විමකට බලහත්කාරයෙන් කඩා වැදිමට සුදානම් වු විරෝධතාවය මෙහෙය වු ප්‍රාදේශිය දේශපාලඥනයින් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 20 කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගැනිමට මේ වනවිට පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව පුත්තලම කොට්ඨාස භාර පොලිස් අධිකාරි ජේ.ඒ චන්ද්‍ර සේන මහතා පැවසිය.

Read More

මතභේදාත්මක බැඳුම්කර ගනුදෙනුවට අදාළව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි අලෝසියිස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

යු.එන්.පී. හා ශ්‍රි ලංකා කියන පක්ෂ දෙක එකතුවෙලා අවුරුද 71ට මහා ණය කන්දක් ඇති කර තිබෙන බවත්, මේ දෙගොල්ල එහෙම ගත්ත මුලු ණය ප්‍රමාණය විගණකාධිපතිවරයා කියන විදිහට, රුපියල් ට්‍රිලියන 11.1 ක් බවත්, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය.

Read More

මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික‍්‍රමසිංහ මහතා අතර ගිවිසුමක් ඇති බවට කූඨ ලෙස සකස් කළ ලියවිල්ලක් මාධ්‍ය වෙත ඉදිරිපත් කළ බවට චෝදනා ලැබ සිටින එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩුව සමථයකට පත් කරගැනීමට අදාළව ඔහුට එරෙහිව ඉදිරිපත්පි කළ පෙත්සම් ඉවත් කර ගැනිමට පෙත්සම්කරුවන් තිරණය කළේය.

Read More

2018 වසරේදී මේ දක්වා එම සමාගම බස්රථ සංඛ්‍යාව 24ක් නිපදවා තිබෙන අතර,එක් බස්රථයකින් ශුද්ධ ලාභය රුපියල් ලක්ෂ දෙකක් පමණ වන බවත්, ඒ අනුවඑම කාලසීමාවේදී සමාගම රුපියල් ලක්ෂ 48ක ශුද්ධ ලාභයක් උපයා ඇති බවත් ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

විල්පත්තුපත්තු විලාත්තිකුලම් ප්‍රදේශයේ ඉඩම් කට්ටිකොට ලබා දී ඇත්තේ 2013 වසරේදී පැවති රජයෙන් බව පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා කියා සිටියේය.

Read More

මහ බැංකුවේ නියොජ්‍ය අධිපතිවරයෙක් හා පර්පෙච්‍රවල් ට්‍රෙෂරීස් සමාගමේ සේවකයන් තිදෙනෙකු ඒ අතර වෙති.

Read More

2013 වසරේ සිට 2016 වසර දක්වා කඳුළු ගෑස් මිලදී ගැනීමක් සිදු නොවූ බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

කෘත්‍රිම වැසි ඇති කිරීමේ ක්‍රමවේදය ඉදිරි දෙසතිය තුළද සිදුකර, එහි සාර්ථක අසාර්ථකත්වය ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර ඇතැයි විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි. මාඋස්සාකැලේ ජල පෝෂක ප්‍ර‘දේශ ඉලක්ක කරමින් මේ වනවිට අවස්ථා දෙකකදී කෘත්‍රිම වැසි ඇති කිරීමේ ක්‍රියාවලිය සිදුකර තිබෙන බවද එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

Read More

හෙද හෙදියන්ගේ නිල ඇඳුම් දීමනාව රුපියල් 15,000 සිට 18,000 දක්වා වැඩි කිරීමටත්, භාණ්ඩ බාර ගැනීමේ දීමනාව රුපියල් 500 සිට රුපියල් 1,000 දක්වා වැඩි කිරීමටත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තීරණය කර තිබේ.

Read More

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව සම්මත වූ වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණයකට යෑමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ අදහස් කර ඇති බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග පවසයි.

Read More

විදුලි නිෂ්පාදනයට වඩා ඉල්ලුම ඉහළ ගොස් තිබීම හේතුවෙන් අද (25දා) දින සිට ලංකාවේ ඕනෑම ප්‍ර‘දේශයකට අවස්ථා දෙකකදී පැය හතරක කාලයක් විදුලිය විසන්ධි විය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි

Read More

ශ්‍රී ලංකාවට පන්දුවාර 17කදී ලකුණු 183ක ඉලක්කයක් හිමිවූ අතර පන්දුවාර 15.4කදී සියලු දෙනා දැවී ශ්‍රී ලංකාවට රැස්කළ හැකිවූයේ ලකුණු 137ක් පමණි.

Read More

අලෙවි කිරිම සඳහා ව්‍යාජ සිගරට් අටදාස් හයසියයක් සමඟ ගුවන් හමුදා සැරයන්වරයෙකු සහ කාන්තාවක් අද (24) දින පස්වරුවේ දි හිඟුරක්ගොඩ කඳවුර ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් බව හිඟුරක්ගොඩ පොලීසිය පවසයි.

Read More

බහුදින ධීවර යාත්‍රාවකින් හෙරොයින් මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටි ඉරාන ජාතිකයන් 9 දෙනෙකු හෙරොයින් මත්කුඩු කිලෝ 100කට අධික ප්‍රමාණයක් සමඟ අද (24) දකුණු මුහුදු තීරයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.

Read More

බගවන්තලාව මහඑළිය රක්ෂිතයේ සිට කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ අනවසරෙන් මැණික් ගරමින් සිටි ජාවාරම්කරුවන් හය දෙනෙක් බගවන්තලාව පොලිසිය විසින් අද (24) අලුයම සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

Read More

දික්වැල්ල පොලිස් වසමේ වේහැල්ල ප්‍රදේශයේ පිහිටි එබකන්ද ජලාශයේ තිබි සොයාගත් , හමුදාව භවිතා කරන විදේශිය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් ඊයේ ( 23) දින දහවල් නිෂ්ක්‍රිය කළ බව දික්වැල්ල පොලීසිය පවසයි .

Read More

රුහුණු ආර්ථික සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය බවට හම්බන්තොට පත් කරන බවත්, රුහුණු ආර්ථික සංවර්ධනය වෙනුවෙන් විශේෂ නීති සැකසීමට පියවර ගන්නා බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

ඊයේ (23) රාත්‍රි 10.00 සිට අද (24) වන දින අලුයම 3.00 පමණ දක්වා කාලය තුළ බස්නාහිර පළාත තුළ සිදු කරන ලද විශේෂ මෙහෙයුමකින් බිමතින් රිය පැදවු රියදුරන් 293 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ඉන්දියානු රජයේ ආධාරයක් ලෙස රුපියල් මිලියන 98ක වියදමින් කොත්මලේ, එල්බොඩ තේ වතුයායේ, වතු කම්කරු පවුල් 98ක් සඳහා ඉදිකරන ලද නව නිවාස 98කින් යුත් “බගත්සිම්” ගම්මානය ජනතා අයිතියට පවරා දීම අද (24) දා සිදු කෙරිණි.

Read More

දීර්ඝ කාලයක සිට හෙද සේවාවට බලපානු ලබන සේවා ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් කළු පටි පැළඳ (25) දින විරෝධතාවක නිරත වන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පවසයි.

Read More

පුලියන්කුලම් මරතෝඩි ප්‍රදේශයේ රක්ෂිත කැලෑවක පුරාවිද්‍යා ස්ථානයක නිධානයක් ගොඩගනිමින් සිටි සැකකරුවන් සිවු දෙනෙකු පෞරාණික බුදු පිළිම ඇතුළු නිධානද සහිතව අත්අඩංගුවට ගත් බව පුලියන්කුලම් පොලීසිය පවසයි.

Read More

හෙට (25) සිට දෛනිකව විදුලි කප්පාදුව සිදු වෙන වේලාවන් විදුලි බල මණ්ඩලය දැනුම් දි ඇත.

Read More

මෙරට ඉතිහාසයේ කෙරෙන දැවැන්තම ආයෝජනය වන හම්බන්තොට, මිරිජ්ජවිල තෙල් පිරිපහදු සංකීර්ණයේ සහ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් කටයුතු අද (24) ආරම්භ කෙරිණි.

Read More

පසුගිය ඔක්තෝබර් 25 වනදා වනවිට මේ රටේ කිසිදු රෝහලක කිසිදු ඖෂධ හිඟයක් නොමැති තත්ත්වයට පත් කර තිබූ නමුත් ඔක්තෝබර් 26 වනදා ඇති කළ වැඩේ නිසා ඖෂධ වර්ග 216ක් හිඟ වී හෝ හිඟ වෙමින් තිබූ බවත් මේ වන විටත් අමාත්‍යාංශයේ ඖෂධ පනස් ගණනක හිඟයක් පවතින බවත් සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

Read More

මන්නාරම සමූහ මිණීවලේ කැණීම් කටයුතු තාවකාලිකව මාස තුනක කාලයක් වසා දැමීමට මන්නාරම මහේස්ත්‍රාත්වරයා 22 වනදා සවස නියෝග කළ බව මන්නාරම සමූහ මිණීවල සම්බන්ධයෙන් කැනීම් කරන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශමින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.