බදියුදීන්ට විශ්වාසභංගයක් ගෙන්න කලින් ඔහුගේ චෝදනා වලට පරික්ෂණයක් කළ යුතුයි - වසන්ත
අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාට එරෙහිව විශ්වාසභංගයක් නොව පළමුව ඔහුට එල්ල වී ඇති චෝදනා වලට සාධාරණ පරීක්ෂණයක් කල යුතු බව එක්සත් ජාතික පක්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා පවසයි.
මෙම අදහස් පළ කර සිටියේ පොළොන්නරුව වැලිකන්ද කලින්ගවිල ප්‍රදේශයේ පැවති නව නිවාස ව්‍යාපෘති උත්සවයකට අද (21) දා මුල් ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමින් අනතුරුව මාධ්‍යට අදහස් පලකරමින්ය.
ඔහු කියා සිටියේ රිෂාද් බදියුදීන් මහතාට එසේ එල්ල වී ඇති චෝදනා වලට නිසි පරීක්ෂණයක්ක් නොමැතිව තමන්ට පක්ෂවත් විරුද්ධවත් ඡන්දයක් ලබා දීමට හැකිද යන්න තමන් තීරණය කල නොහැකි මතයක සිටින බවයි.
බදියුදීන් ඇමතිතුමාට විරුද්ධව චෝදනා කීපයක් තිබෙනවා.ඒ චෝදනා වලට සාධාරණ විමර්ශනයක් කළා නම් හොඳයි. එතකොට අපිට පැහැදිලි තීරණයක් ගන්න පුළුවන් මෙයා හරිද වැරදිද කියලා.
මේ වෙලාවේ අපි දකින්නේ හරි විමර්ශනයක් මේ වෙනකොට වෙලා නෑ. ඒ නිසා ඇත්තටම නිර්දෝෂී මනුස්සයෙකුට විරුද්ධව අත උස්සන එකත් වැරදි . චෝදනා තිබියදී පක්ෂව ඡන්දය දෙන එකත් මට අමාරු තත්ත්වයක්. මට පෞද්ගලිකව , ඒ දෙක අතර දෝලනය වෙමින් පවතිනවා යනුවෙන් ඔහු පැවසිය.

popular news
-
Ananda Wednesday, 22 May 2019 07:49 AM
අපරාදේ ප්‍රභාකරන්ටත් තිබුනේ පාර්ලිමේන්තුවට ඇවිල්ල රට අල්ලන වැඩේ කරන්න. මොකද එතකොට සියලු දෙන ඔහුව ආරක්ෂා කරන නිසා. මේක ඇත්ත වශයෙන්ම ඉතාමත්ම පිලුකුල් දෙසපලනයක්. පාර්ලිමේන්තුව තුල සිට ත්‍රස්තවාදය හසුරුවීම සාර්ථක ක්‍රමයක් බව දන්නා කපටි පුද්ගලයන් එය සාර්ථකව කරමින් යති. මියගිය අසරණ ජනතාව සහ ජීවත්වන ජනතාව කබලෙන් ලිපට පත්වී ඇත. පරීක්ෂනයක් කරනවානම් සැකයට භජනය වී ඇති සියලු දෙසපලකයන් තවකාලිකව හෝ තනතුරු වලින් ඉවත්කර පරීක්ෂණ කලයුතු නොවේද ? මෙය ඉතාමත්ම භයානක පුර්වාදර්ශයක් නොවේද ?
Reply : 3 5
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

