ජවිපේ විශ්වාසභංගය අනවශ්‍ය වැඩක්
ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයකදී ඇමති රිෂාඞ් බදුර්දීන්ට තීරක බලයක් ලැබෙන බවත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඔහුට එරෙහි විශ්වාසභංගයේදී දෙවරක් සිතා ඡන්දය දීමට සිදුවන බවත් එ නිසා ජවිපෙ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් රැගෙන විත් මේ මොහොතේදී සිදු කළේ ‘තුට්ටු දෙකේ’වැඩක් බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා ප්‍රකාශ කරයි.
අද (21) දින අගරදගුරුතුමන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.
එහිදී වැඩිදුරටත්අදහස් දැක්වූ වීරවංශ මහතා ,
‘‘හරියට මීට මාසයකට පෙරයි පාස්කු ඉරිදා දින ම්ලේච්ඡු මරාගෙන මැරෙන ප්‍රහාරය සිදු වුණේ. ඒ ප්‍රහාරයෙන් කම්පනයට පත්වූ සමාජයක් තමයි අද වනතෙක් පවතින්නේ. කාදිනල්තුමන් මුණ ගැහිලා, ඒ මාසයකට පෙර සිදුවූ විනාශය පිළිබඳව අපේ කනගාටුව ප්‍රකාශ කළා. ඒ විනාශය එතැනින් එහාට වර්ධනය වීමට ඉඩ නොතබා කාදිනල්තුමන් ගත් ක්‍රියාමාර්ග පිළිබඳව අපේ ප්‍රශංසාව පුද කිරීමට මෙය අවස්ථාවක් කර ගත්තා.
ඒ වගේම මේ මරාගෙන මැරෙන ත්රස්තවාදීන් බිහි කරන වහාබ්වාදී ත්රස්තවාදයට උඩගෙඩි දුන් රිෂාඞ් බදුර්දීන් ඇමතිවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය පිළිබඳවත් අපි මේ අවස්ථාවේ කාදිනල්තුමන් දැනුම්වත් කළා.’’
එහිදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දුන් වීරවංශ මහතා,
ප්රශ්නය: මෙහෙම කළාම ජවිපෙට ලැබෙන ප්‍රතිලාභය කුමක්ද ?
පිළිතුර: ප්‍රතිලාභය බලාගන්න වෙන්නේ ඔවුන්ගේ බැංකු ගිණුම් වලට වැටිලා තිබෙන ගණන කීයද, කියන එකත් සමඟයි. දැන් අනාවරණය වී තිබෙනවා, පසුගිය පාස්කු දින මරාගෙන මැරෙන ප්රහාරයන් සඳහා මූල්‍ය අනුග්‍රහය දක්වා තිබෙන්නේ, ජවිපෙ ජාතික ලැයිස්තු අපේක්ෂක මොහොමඞ් ඊබ්‍රාහිම් කියලා.
ඊට අමතරව එයාගෙ පුතුන් දෙදෙනෙකුම එදා මරාගෙන මැරිලා තියෙනවා. මේ ප්‍රහාරය පිටුපස සිට ප්‍රබලම මූල්යප්රවාහය තමයි මේ ඊබ්‍රාහිම්. මේ ඊබ්‍රාහිම් ජවිපෙ පමණක් නොවෙයි රිෂාඞ් බදුර්දීන්ගෙත් හිතවතා, ඥාතියා. එ් නිසා ජවිපෙ මේ මොහොතේ ඊබ්‍රාහිම් වෙනුවෙන් ඔහුගේ හිතවතා, ඥාතියා බේරා ගැනීමට ඉදිරිපත්ව සිටිනවා. මේ ක්‍රියාත්මක වන්නේ රිෂාඞ් බදුර්දීන් බේරාගැනීමේ ජවිපෙ මෙහෙයුමයි.
කෂිනි හපුආරච්චි

popular news
-
wasantha perera Tuesday, 21 May 2019 07:14 PM
පොහොට්ටුවට කාදිනල් තුමාගේ පිහිට විතරඊ. රෙදි ගලවල යන්න
Reply : 0 0
Kamal Fernando Wednesday, 22 May 2019 04:28 AM
මෙයාගේ ලොක්කාට පාස්කු ප්‍රහාරය ගැන ලිපි දෙකක් ආවා. කාවද දැනුවත් කරේ
Reply : 1 3
rocky Thursday, 23 May 2019 07:05 PM
මෝඩ කමට අටපිරිකරක් වත් අරගන ගියේ නැද්ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

