saravita-anim2

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 10611 hours ago

LATEST

අන්තර් පළාත් බස් රථවලට සහනයක්

calendar_today 2019 මැයි 06 - 20:03 remove_red_eye - 1171  

පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන අන්තර් පළාත් බස් රථවලින් මසකට අයකර ගන්නා මාර්ග බලපත්‍ර ටෙන්ඩර් ගාස්තුවට යම් සහනයක් ලබාදීමට තීරණය කළ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි.

දෙවන පාසල් වාරය අද (06දා) දින ආරම්භ වුවද, ලංකාවේ අතිබහුතරයක් පාසල්වල ශිෂ්‍යයන් පැමිණීම සියයට අඩු අගයක් බව වාර්තා වේ.

Read More

මීගමුවේදී ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයේදි කඩු ආදි තියුණු ආයුධ භාවිත කිරීමක් සිදුකර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

Read More

වහාබ්වාදී ත්‍රස්තවාදයට සම්බන්ධ පිරිස්වලට අනුබල දුන්, ආරක්ෂාව සැපයූ අමාත්‍ය රිෂාඞ් බදුර්දීන්, බස්නාහිර ආණ්ඩුකාර අසාත් සාලි, නැගෙනහිර ආණ්ඩුකාර ඒ.එල්.ඒ.එම් හිස්බුල්ලා, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් යන තැනැත්තන් ජාතික තව්හිද් ජමාත් ත්‍රස්තවාදි සංවිධානයේ නායකයන්ට ආරක්ෂාව සැපයු බැවින් වහා ඔවුන් සම්බන්ධයෙන් ප්‍රශ්න කළ යුතු බව ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා ප්‍රකාශ කරයි.

Read More

පේරාදෙණිය වතුර කුඹුර සිළුමිණ සැය විහාරය අසල තේ වත්තක තිබි ටී 56 උණ්ඩ 24ක් අද (06)සොයා ගැනිණි.

Read More

තලාපිටිය ප්‍රදේශයේ නිවසක ගෝනි 10ක සඟවා තිබු ත්‍රිවිධ හමුදා නිල ඇඳුම් තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලීසිය පවසයි.

Read More

අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු මෙන්ම හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන රිෆ්කාන් බදියුදීන්ගේ මන්නාරම් තාරාපුරම්හි පිහිටි නිවස අද (06) හදිසි සෝදිසි පරීක්ෂාවකට ලක් කල බවට වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය සඳහන් කොට සිටියි.

Read More

මතභේදයට තුඩු දී ඇති මද්‍රාසා පාසල් නියාමනය කිරීම සඳහා පනතක් සකස් කිරිමට මුස්ලිම් අමාත්‍යවරුන් කටයුතු කර තිබේ.

Read More

පාස්කු ඉරිදා ප්‍රහායරට සම්බන්ධ ජාතික තව්හීද් ජමාත් සංවිධානයට අයත් මුදලින් රුපියල් මිලියන 140ක් හා සෙසු වත්කම් ලෙස රුපියල් බිලියන 7කට අධික වත්කම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අණාවරණය කර ගැනීමට හැකිව තිබේ.

Read More

කොළඹ නුවර මාර්ගයේ පැල 2500 ක් (නා පැල සහ ඇසළ පැල) සිටුවීමේ රුක්රෝපණ ව්‍යාපෘතියේ සමාරම්භය අද (06දා) පෙරවරුවේ මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් බැලුම්මහර, සේරුවිලා හංදියේදී සිදුකෙරිණ.

Read More

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම අද( 6) ප.ව 02.00 ට කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

Read More

යාපනය චාවකච්චේරි ප්‍රදේශයේදි යුද හමුදාව හා පොලීසිය විසින් ඊයේ (05) රාත්‍රියේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් වලදී යුදහමුදා නිලඇඳුම් හා වෝකිටෝකි කිහිපයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට චාවකච්චේරි පොලීසිය පවසයි.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම යම් හෙයකින් මෙවර පන්දුවාර 50 ලෝක කුසලානය ජයගතහොත් ඔවුනට ඇමෙරිකානු ඩොලර් මිලියනයක (ආසන්න වශයෙන් රු. මිලියන 177ක්) මූල්‍ය ත්‍යාගයක් ප්‍රදානය කිරීමට නියමිතය.

Read More

නුවරඑළිය බ්ලැක්ෆුල් ප්‍රදේශයේ ජාතික තව්හිද් ජමාත් සංවිධානය විසින් නුවරඑළිය බ්ලැක්ෆුල් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුහුණුවිම් කඳවුරක් නුවරඑළිය පොලීසිය සහ යුද හමුදාව නිලධාරින් විසින් අද (06) වටලනු ලැබීය.

Read More

ජනාධිපතිතුමාට අපහාස වන පරිදි ව්‍යාජ ලේඛණයන් තම අමාත්‍යාංශය මගින් සැදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිතුමා වහා ඉවත් කළ යුතු බව පා.ම උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.

Read More

මීගමුවේ ඇතිවූ නොසන්සුන්තාව සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙනකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවැසීය.

Read More

පේ මුස්ලිම් දේශපාලනයේ අඩුවක් වෙන්න පුළුවන්. අපි හිතුවේ නෑ මේ වගේ දෙයක් වෙයි කියන එක ඒක තමයි අපි කරපු වැරැද්ද

Read More

පාන් පිටි ගුලි,ක්ෂණික කෑම දරුවාට දෙමාපියන් හුරු කරලා.ඒ නිසාම අපි තීරණය කළා සෞඛ්‍ය,අධ්‍යාපන අමාත්‍යාංශ එකතු වෙලා පාසල් මට්ටමින් හෙළ බොජුන් හල් ආරම්භ කරන්න.

Read More

පසුගිය 2018 වසරේ දෙසැම්බර් 22 හා 25 අතර කාලයේ මාවනැල්ලේ බුදු පිළිම හතරකට වැඩි ප්‍රමාණයකට හානි සිදු කරන සිද්ධියේ නඩුව අද (06) මාවනැල්ල දිසා මහේස්ත්‍රාත් අධිකරණයේදි විභාගයට ගත් අතර සැකකරුවන් මැයි මස 20 දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා නියෝග කළේය.

Read More

දින තුනක් තිස්සේ ත්‍රිරෝද රථයකින් වතුකරයේ සැරි සැරූ මුස්ලිම් ජාතිකයන් තිදෙනෙක් වතු කම්කරුවන් විසින් අල්ලා අද (06) බගවන්තලාව පොලීසිය වෙත භාර දි ඇත.

Read More

මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරය සම්බන්ධයෙන් මුලතිව් අධිකරණයේ ගොනු කොට ඇති නඩු දෙකකින් එක් නඩුවක තින්දුව අද (06) දින මුලතිව් මහේස්ත්‍රාත් සෙල්වනායගම් ලෙනින් කුමාර් මහතා විසින් ප්‍රකාශයට පත් කළේය.

Read More

නුවරඑළිය අධ්‍යාපන කලාපයට අයත්, කොටගල පැරකුම් සිංහල විදුහල අසන්නයේ කසල ගොඩක තිබී වෙඩි බෙහෙත් අඩංගු බහලුමක් අද (06) පෙරවරුවේ සොයාගත් බව දිඹුල පොලීසිය පවසසි.

Read More

මීගමුව පෝරුතොට ප්‍ර දේශයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් පසුව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද පෙරවරුවේ එම ප්‍රදේශයේ සංචාරයකට එක්විය.

Read More

එම සිතාසි පොලිස් මූල්‍ය අපරාධ ඒකකය හෝ අධිකරණ පිස්කල්වරයා මාර්ගයෙන් යොමුකරන ලෙසත් මහාධිකරණය වැඩිදුරටත් නියෝග කළේය.

Read More

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලී මහතා විසින් විනිශ්චයකාරවරුන් කිහිප දෙනෙක් ත්‍රස්තවාදීන් සමඟ සම්බන්ධ යැයි පසුගියදා මාධ්‍ය හරහා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය අද නිවේදනයක් නිකුත් කරමින් සිය කනගාටුව ප්‍රකාශ කළාය.

Read More

සාමජ මාධ්‍ය තහනම් කර ඇතැයි සමාජ මාධ්‍ය තුළින්ම දැනුවත් කරන ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

Read More

අඹගස්දෝව ලද්දුම මූදනාව ගම්මානයේ කැලෑ රොදක සඟවා තිබූ කඩුවක් සහ පිහියා 15ක් ඊයේ ( 5 ) වනදා සවස සොයාගත් බව අඹගස්දෝව පොලීසිය පවසයි .

Read More

කොළඹ ෂැංග්‍රීලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ ත්‍රස්තවාදියාවට අයත් වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට පත් සැකකරුවන් 10 දෙනාගෙන් 9 දෙනෙකු ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය.

Read More

විසා බලපත්‍ර නොමැතිව මෙරට රැදි සිටි චින ජාතිකයකු මාගාල්ල දෙවට ප්‍රදේශයේදි ඊයේ (05) ගාල්ල වරාය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

තව්හීද් ජමාත් සංවිධානයට ආධාර අනුබල ලබාදීමේ චෝදනා යටතේ සැකකරුවන් 7ක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.