යාපනය ජනපති මන්දිරයේ ඉඩම් මුල් පදිංචිකරුවන්ට
යාපනයේ කන්කසන්තුරයේ ජනාධිපති මන්දිරය පිහිටි භූමියෙන් සහ ඒ අවට අක්කර 62ක් යළි ඒවායෙහි මුල් අයිතිකරුවන්ට ලබා දීමට උතුරු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතා පියවර ගෙන තිබේ.
අද (02දා) තෙලිප්පලෙයි ප්රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය නෙ තිබේ.
කන්කසන්තුරෙයි ජනාධිපති මන්දිරය පිහිටි භූමිය සහ ඒ අවට ප්රදේශ කලාප හතරකට බෙදා මැනීම් සිදුකිරීමෙන් පසු එම ඉඩම්වල මුල් හිමිකරුවන්ට යළි ඒවා ලබා දීමට ආණ්ඩුකාරවරයා මෙහිදී බලධාරීන්ට උපදෙස් දුන්නේය.

popular news
-
Champa Wednesday, 03 July 2019 12:33 AM
මොක්කුද මුල් පදිංචි කරුවෝ කියන්නේ? ලන්දේසින් දුම්කොළ වවන්න දකුණු ඉන්දියාවෙන් ගෙනාපු දමළුද? මේ දීපු ඔක්කොම නැවත පවර ගන්න ඕනේ. කන්කසන්තුරේ මුල් පදිංචිකරුවෝ සිංහලයෝ. කන්කසන්තුරේ වරාය තමයි ඉතිහාසයේ සඳහන් ඉපැරණි දඹකොළ පටුන. එතන කොහොමද මුල් පදිංචිකරුවෝ දෙමලු වෙන්නේ? සංඝමිත්තා තෙරණිය ජය ශ්රී මහා බෝධීන්වහ්සේ වැඩම කරපු යාත්රාව ආවේ දඹකොළ පටුනට. දේවානම්පියතිස්ස රජ්ජුරුවෝ කර වැටක් වතුරේ බැහැල යාත්රාව ලඟට ගිහින් ජය ශ්රී මහා බෝධීන් වහන්සේ හිසේ තබාගෙන වැඩම කරන ඇවිත් තිබ්බ තැන තමයි පස්සේ ජය ශ්රී මහා බෝධියේ මුලින්ම ආපු ඵලයන්ගෙන් ගත්ත අංකුර 8න් එක අංකුරයක් පැල කලේ. මේක පැහැදිලිවම මහා වංශයේ කියල තියෙන දෙයක්. කන්කසන්තුරේ නගරය හෙවත් දඹකොළ පටුන ආශ්රිත ප්රදේශ කියන්නේ අපේ සිංහල ඉතිහාසයේ ඉතාම වැදගත් පරිච්චේදයක් සනිටුහන් කරන තැනක්. ගජබා රජ්ජුරුවෝ 25,000ක හමුදාවක් අරගෙන සොලී රට ආක්රමණය කරන්න ගිහින් පස්සේ අදහස වෙනස් කරලා හමුදාව නතර කරලා තනියම දඹකොළ පටුනෙන් තමයි ඉන්දියාවට ගියේ නීල මහා යෝධයා එක්ක. මිනිස්සු රටේ ජනාධිපති විදිහට පත් කරගෙන තියෙන්නේ අඩු ගානේ තමන්ගේ ජාතියේ ඉතිහාසයවත් දන්නේ නැති නිකමෙක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

