ශ්‍රිලනිප පාක්ෂිකයින් රැකගන්න මහින්ද වටා එක්වන්න - යාපා
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට ඉතිරිව ඇති පාක්ෂිකයින් රැකගැනීම සඳහා මේ අවස්ථාවේ ගතහැකි ගෞරවාන්විතම ක්‍රියාමාර්ගය වන්නේ මහින්ද රාජපක්ෂ නායකත්වය වටා එක් රොක් විම බව පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.
අද (02) පෙරවරුවේ කොළඹ නෙලුම් මාවතේ පිහිටි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
බිම්මට්ටමේ ඉතිරිව ඇති ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් වේගයෙන් පක්ෂය ප්‍රතික්ෂේප කරමින් සිටින අතර ගම් මට්ටමින් නගර මට්ටමින් සහ සමස්ථ රටක් වශයෙන් පක්ෂය වේගයෙන් කඩාවැටෙමින් තිබෙන බවද ඒ මහතා පෙන්වා දුනි.
ඒ නිසා මේ අවස්ථාවේ නායකත්වයට ගතහැකි ඥානවන්තම ක්‍රියාව වන්නේ නිදහස් පාක්ෂිකයින් බලහත්කාරයෙන් වෙනත් පක්ෂවලට තල්ලු නොකොට මහින්ද රාජපක්ෂ මහතා නම් කරනු ලබන අපේක්ෂකයා දිනවිමට සහය දීම බව අනුර ප්‍රියදර්ශන යාපා මහතා අවධාරණය කළේය.

popular news
-
sarath Tuesday, 02 July 2019 05:57 PM
විලි ලැජ්ජයි ...අපිට මතකනේ එදා කිව්වා කතා . මිනිස්සුන්ට අමු කැවිලා කියලද හිතන්නේ? වහලුන් , නුගත්කම නිසාම දේශපාලන වහල්ලු වුන මිනිසුන් ඇරෙන්න වෙනත් කිසිම ඔලුවතියෙන මිනිහෙක් මේවට රැවටෙන්නේ නැහැ .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

